ප්‍රංශයේ LES ULMES හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය

මෙම ප්‍රතිහාර්යය සිදු වුයේ 1668, ජූනි 02 වෙනි සෙනසුරාදා දින ප්‍රංශයේ LES ULMES හි දේවස්ථානයක් වු Octave of Corpus Christi හිදීය. සුපුරුදු පරිදි ශු. දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව ආරම්භයත් සමගම ශු. දිව්‍ය LES ULMESසත්ප්‍රසාද වහන්සේව බැතිමතුන්ගේ වන්දනාවට නිරාවරණය කල අතර එම දේවස්ථානයෙහි පියතුමා වූ Nicolas Nezan පියතුමා සහ බැතිමතුන් පිරිස “Pange Lingua” ගීතිකාව ගායනා කිරීමට පටන් ගත්හ.

එහි “Verbum caro Panem verum” ගීතිකා පදය ගායනා කිරීමේදී, ඔසවා තිබූ ශු. දිව්‍ය සත්ප්‍රසාද තුලින් ජීවමාන ජේසුස් වහන්සේගේ රුව පිළිබිබු වෙන්ට පටන් ගත්තේය. මෙම දර්ශනය විනාඩි 15ක කාලයක් පුරා පැවතුණු අතර පැමිණ සිටි සියලු බැතිමතුන්ට දැක බලා ගත හැකි විය.

මෙම ප්‍රාතිහර්යාත්මක දර්ශනය පිළිබද හා ඒ පිලිබද සිද්ධිය ගවේෂණය කිරීමට, පල්ලියේ පියතුමා විසින් ඔහුගේ රදගුරු තුමන් වූ Henry Arnauld තුමා හට පණිවිඩයක් වහා යවන ලදී. 1668 ජුනි 25 වෙනි දින “ආශ්චර්යේ ඇදහිල්ලේ විස්තරය” ( Faithful Description ) ලෙස ලිපියක් පල වූ අතර එය තුල මෙම ආශ්චර්ය සම්බන්ධ විවිධ විස්තර කිරීම් ඇතුලත් වන ලදී.

ඒ අතර Dominican Father Gonet ගේ Clypeus Theologiae – Volume VIII හි ඇතුලත් විස්තරය (ප්‍රකාශනය) විශේෂ වන අතර එය 1669 ප්‍රංශ ජාතික ලේඛකයෙක් වූ Bertier විසින් පළමු වරට පල කරන ලදී. Henry Arnauld රදගුරු තුමන්ද මෙය බහුල ලෙස ප්‍රචලිත කිරීමට කටයුතු කල අතර, මේ පිළිබද ලිපි 03ක් කෙටි කාලයක් තුල පල විය. එනම් පැරිස් හි සිටින Edelynck ගේ ලිපිය, Jean Bidault di Saumur ගේ ලිපිය සහ Ernoudi Parigiගේ ලිපියයි.

18 වන සියවසේ අග භාගයේ සිට, Les Ulmes ප්‍රදේශයේ බැතිමතුන් මෙම දර්ශනය වාර්ෂිකව සමරන ලදී. 1901 වර්ෂයේ, “International Eucharistic Congress of Angers ” විසින්ද මෙය සමරන ලත් අතර 1933 ජුලී මස ” National Eucharistic Congress ” විසින් පැවැත්වූ සමුළුවේ ප්‍රධාන මාතෘකාව වුයේ මෙම 1668 සිදු වූ ආශ්චර්යයි. අදටත් මේ ආශ්චර්ය සිදු වූ ස්ථානය, එම දේවස්ථානය තුල දැකිය හැක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s