ශුද්ධාත්මයාණෝ සභාව මාර්ගයෙන් ඔබට මග පෙන්වන සේක

17-churchඇවිදීමට , කතා කිරීමට , දිවීමට , ක්‍රීඩා කිරීමට හා වැඩ කටයුතු කිරීමට දරුවෙක් ඉගෙන ගන්නේ කෙසේද ? කළ යුත්තේ කුමක්ද යන්නත්, කරන්නේ කෙසේද යන්නත් ඔහුගේ පියා මව හා සහෝදර සහෝදරියන් යන සියල්ලෝම ඔහුට කියා දෙති.

ඔබ ජේසු තුමාව පිලිගෙන ආත්මයේ උපන් විට ශුද්ධාත්මයාණෝ ඔබට ජේසුස් ක්‍රිස්තුස් සමිදුන්ගේ සභාවේ එනම් දේව පවුලේ කොටස් කරුවෙකු බවට පත් කල සේක. කිතු සමිදුන් තුල සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන උපකාරය පිළිගැනීම එතුමා ඔබෙන් බලාපොරොත්තු වේ. ඔබ ජිවත් වන පළාතේ දේවස්ථානයකට එක්වන කල මග පෙන්වීමත් , ඉගැන්වීමත් , උපකාරයත් වැඩි වශයෙන් ඔබට ලැබෙනු ඇත.

ක්‍රිස්තුස් වහන්සේ පාලකයන්ද , ගුරුවරුන්ද , අනෙකුත් නායකයින්ද සභාවේ පිහිටෙවු සේක. ශුද්ධාත්මයාණෝ ඔවුන්ට විශේෂ දීමනා හා බලය දෙන නිසා සිය කාර්යයන් හොදින් කරන්නට ඔහුට හැකිවේ.

” මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු. ” ( එපිස 4 : 13 )

සභාවේ සෑම සාමාජිකයෙකුම ශුද්ධාත්මයාණන්ගෙන් පුර්ණ වීම අවශ්‍යය. නායකයින් හා සාමාජිකයින් ශුද්ධාත්මයාණන්ගෙන් මග පෙන්වීම ලබන කල එකමුතු කමින් එකතු වී කටයුතු කිරීමට මුළු සභාවටම හැකිවෙයි. එවිට සෑම කෙනෙක්ම දේව සැලැස්මේ තමාගේ කොටස පලදයිකව කරනු ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s