ශුද්ධාත්මයාණන්ගෙන් සුවය

20-healඔබේ ජීවිතය හා ශරීරය තුල ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරිත්වය හදුනා ගැනීම

මෙලොව ඇති සියලු රන් රිදී වලට වඩා වටිනා වූ දෙයක් එනම් ජීවිතය ඔබට ලැබී ඇත. ශුද්ධාත්මයාණන් හදුන්වන නාම දෙකක් වන්නේ ” දෙවියන් වහන්සේගේ ආත්මය” සහ ”ජීවනයේ ආත්මය” යන්නය. පිය වූ දෙවියන් වහන්සේ හා පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ලෝකය මැවීමේ කාර්යයට එතුමාණෝ හවුල් වූ සේක. ඔබගේ මිත්‍ර, ජීවනයේ ආත්මයාණෝ ජීවනයේ හා උපතේ හාස්කම් කර ඔබව මෙලොවට ගෙනා සේක.

ශුද්ධාත්මයාණන්ගෙන් සුවය

ඔබ දුර්වලව සිටින කල ඔබට නව ශක්තියක් දිය හැක්කේ කාටද ? ඔබ රෝගීව සිටින කල ඔබට බලවත් සුවයක් දිය හැක්කේ කාටද ? පරිසරයේ විෂ තත්වයන්ගෙන්ද මුහුණ පාන රෝග කාරකයන්ගෙන්ද ඔබව ආරක්ෂා කල හැක්කේ කාටද ? ඔබගේ දෛනික කටයුතු නිසා ඔබට ඇතිවන අසහනකාරී තත්වයන් තුල ඔබට සහනය හා ප්‍රීතිය දිය හැක්කේ කාටද ? මත්ද්‍රව්‍ය හා සුරාවේ වහල්බැමි බිදිය හැක්කේ කාටද ? බිහිරන්ට ඇසීමත් අන්ධයන්ට පෙනීමත් කොරුන්ට ඇවිදිමත් සැලසිය හැක්කේ කාටද ? පිළිකා , ලාදුරු වැනි තත්වයන්ගෙන් සුවය කල හැක්කේ කාටද ? අවසාන කොට මළවුන්ට යලි ජීවනය දිය හැක්කේ කාටද ? ඒ ඔබේ මිත්‍ර ජීවනයේ ආත්මයාණන්ටය. අප ශරීර සෑදු තැනැන්වහන්සේ ඒවා යලි යථා තත්වයට පත් කරන්නේ කෙසේදැයි දන්නා සේක.

ශුද්ධාත්මයාණෝ විවිධ මාර්ග වලින් සුවය සලසන සේක. බොහෝ දෙනෙක් ජේසු තුමාව තම ගැලවුම්කරු ලෙස පිළිගත් විටද සමහරුන්ව වතුර බව්තිස්මය හෝ ශුද්ධාත්ම බව්තිස්මය ලැබූ විටද සුව කරනු ලබති. යාච්ඤා කරද්දී බොහෝ දෙනෙක් ක්ෂණිකවද සමහරු ක්‍රම ක්‍රමයෙන්ද සුවය ලබති. සමහරු ශු. බයිබලය කියවන අතරද, දේව මෙහෙයකදීද සුවය ලබති. දේව දරුවන් ඇදහීමෙන් යාච්ඤා කරන විට ජීවනයේ ආත්මයාණෝ ඒ යාච්ඤාව අදාළ තැනැත්තා වෙත ස්වකිය ජිවය හා ශක්තිය වගුරන සේක.

ජීවනයේ ආත්මයාණෝ සිරුරට මෙන්ම මනසටද, හැගීම් වලටද සුවය සලසන සේක. එතුමා ජනයාව බියෙන් හා සෑම ආකාර මානසික අසහනයෙන් මුදන සේක. එසේම ජේසු තුමා මිහිපිට සිටියදී කලා සේ ආත්මයාණෝ යක්ෂ බලපෑම් වලින්ද ජනයාව මුදන සේක.

අවශ්‍ය වූ අයට සුවයත් , නිරෝගිකමත් දීමට ශුද්ධාත්මයාණෝ ජේසු තුමා මගින් ක්‍රියා කල සේක.

” දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය. ” ( ක්‍රියා 10 : 38 )

ජේසු තුමා ස්වර්ගයට නැගුනු පසු තම ස්ථානය ගැනීමට ශුද්ධාත්මයාණෝ එවූ සේක. ශුද්ධාත්මයාණෝ ඇදහිලිවන්තයින් පුර්ණ කර ජේසු තුමා මගින් සිදු කල හා සමාන හාස්කම් ඔවුන් සමගද කරමින් සිටි.

” ප්‍රේරිතයන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ජෙරුසලම අවට නුවරවලින්, රෝගාතුරයන් ද දුෂ්ටාත්මයන්ගෙන් පීඩිත වූවන් ද රැගත් ජනකායක් රැස් වූ හ. ඒ සියල්ලෝ ම සුවය ලැබූ හ. ( ක්‍රියා 5 : 12 , 16 )

ජේසු තුමා ඇරබු සේවය දිගටම කරගෙන යාමට අවශ්‍ය දිව්‍යම දීමනා ශුද්ධාත්මයාණෝ මුල් යුගයේ කිතුනුවන්ට දුන් සේක. 1 කොරෙන්ති 12 වන පරිච්චේදයේ මේ දීමනා නමයක් ගැන සදහන් වේ. ඉන් තුනක් නම් ඇදහීම , සුවකිරීම , හාස්කම් කිරීමය.

” අන් කෙනෙකුට ආත්මයාණන් තුළ විශ්වාසය ද, එම ආත්මයාණන් තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ වරම ද දී ඇත.තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත.” ( 1 කොරෙන්ති 12 : 9 ,10 )

ක්‍රියා පොතෙහි එන මුල් සභාව සදහා ශුද්ධත්මයාණන් අදත් ඒ ආකාරයෙන්ම සිදු කරයි. නමුත් ශුද්ධාත්මයාණන්ට අප ජිවිතයේ අයිතිය ලබා දිය යුතුය. තමන්ව ශුද්ධාත්මයාණන්ගෙන් පුරවන ලෙස ඔවුහු ජේසු තුමාගෙන් ඉල්ලු අතර එතුමා එය ඉටු කල සේක. ශුද්ධාත්ම දීමනා තුලින් ක්‍රියා කරවන ලෙස ඔවුහු ඉල්ලු අතර එතුමා එය ඉටු කල සේක. මෙහි ප්‍රතිඵල වශයෙන් යාච්ඤාවට පිළිතුරු ලෙස බොහෝ දෙනා ශුද්ධාත්ම බලයෙන් සුවය ලැබුහ.

සුවය ලැබීම පිළිබද උපදේශයක් ජාකොබ් තුමා අපට දෙයි. අප වෙනුවෙන් යාච්ඤා කරන ලෙස අන් අයගෙන්ද අපට ඉල්ලා සිටිය හැක.

” එබැවින් ඔබ එකිනෙකාට පාපොච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත්ය. පලදායකය . ” ( ජාකොබ් 5 : 16 )

” ඔබ අතරෙන් යමෙක් රෝගී ව සිටින්නේ නම්, ඔහු සභා මූලිකයන් කැඳවාගනී වා. ඒ මූලිකයෝ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔහු තෙලින් ආලේප කොට, ඔහු උදෙසා යාච්ඤා කරත් වා. එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාචෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව් කර තිබේ නම්, ඒ පව් ඔහුට කමා කරනු ලැබේ.” ( ජාකොබ් 5 : 14 , 15 )

ජේසුස් ක්‍රිස්තුස් සමිදුන් තුල ඇදහිලිවන්තයෙකු ලෙස ශුද්ධාත්මයාණන් කරුනුකොට ගෙන අන්‍යයන් සුව කිරීම සදහා ඔබවත් භාවිත කරනු ලැබීමට පුළුවන. ජේසු තුමා රෝගීන්ව සුවකළ අයුරු ඔවුන්ට ශු. බයිබලයෙන් පෙන්වා දීමට ඔබට පුළුවන. එතුමා තවමත් යාච්ඤා වලට පිළිතුරු දෙන බවත්, ශුද්ධාත්ම බලයෙන් මිනිසුන් සුව කරන බවත් ඔවුන්ට දැන ගැනීමට ඉඩ හරින්න. රෝගීන් වෙනුවෙන් යාච්ඤා කිරීමටත් , ඔවුන්ගේ සුවය අපේක්ෂා කිරීමටත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සෑම ඇදහිලිවන්තයෙකුටම අයිතිය තිබේ. මක්නිසාද ජේසු තුමා එය පොරොන්දු වූ සේක. එබැවින් එය විශ්වාස කරන්න. විශ්වාසය ඔබ සුවපත් කරයි.

” අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.” ( මාක් 16 : 17 , 18 )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s