ආත්මික වර්ධනය

25-life-growth

“අර ළමයා දවසින් දවස ඔහුගේ පියාගේ හැඩරුව ගනී” යයි මිනිසුන් කියනවා ඔබ කී වරක් අසා තිබේද? දරුවන් වැඩෙත්ම සාමාන්‍යයෙන් ඔවුන් තම මාපියන්ගේ ස්වරුපය ගනිති. ඔබ පිළිබඳව කෙසේද? ඔබ දවසින් දවස ඔබගේ ස්වාර්ගික පියාණන් හා සමාන වෙනවද? දිනපතා ඔබට මඟ පෙන්වන්නට ඔබ ශුද්ධාත්මයාණන්ට ඉඩ දෙන්නේ නම් ඔබ ආත්මිකව වැඩේ. ඔබ මෙම චරිත ගුණාංගයන්ගෙන් ඔබේ ස්වර්ගික පියාණන්ට සමාන වන බව අන්‍යන්ට දැකිය හැකි වනු ඇත. ඒවා ශුද්ධාත්ම ඵල යනුවෙන් හැඳින් වේ.

ගලාති 5: 22,23 “එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, 23 මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය.”

ඔබ ළදරුවකුව සිටිය කල අසරණය. එහෙත් ඔබ වැඩෙද්දී ශක්තිමත් වෙයි. ඔබට නව අත්දැකීම් ලැබුණු අතර පෙරදී කල නොහැකි වූ දේවල් කරන්නට හැකිවුයේය. ආශිර්වාද, සෝදිසි, හා දේව සේවාව යන කරුණු මගින් දෙවියන්වහන්සේ ස්වකිය දරුවන් නව ආත්මික අත්දැකීම් වලට පමුණුවන සේක. ආත්මිකව වැඩීමට ඔබට මෙම අත්දැකීම් උපකාර වනු ඇත.

තමන්ගේ සියලුම දරුවන් ශුද්ධාත්ම බෞතීස්මය ලබනවාට දෙවියන් වහන්සේ කැමති වන සේක. “ආත්මයෙන් පුර්ණ වීම” යනුවෙන් ද එය හැඳින් වේ. ශුද්ධාත්මයාණෝ දෙවිපියාණන් ද , ජේසුස් ක්‍රිස්තුස් සමිඳුන් ද හා සමාන ස්වභාවය දරණ බව සිහි තබා ගන්න. ඔබගේ ස්වභාවය සියලු ආකාරයෙන්ම දේව ස්වභාවයෙන් පුරවාලන්නට, ඔබව මුලුමණින්ම පුර්ණ කරන්නට ශුද්ධාත්මයාණන්ට වුවමනාය. දෙවියන්වහන්සේගේ ස්වභාවය නම් ප්‍රේමය හා ශුද්ධකමයි. එබැවින් ඔබ ශුද්ධාත්මයෙන් පුර්ණ වූ කල ඔබ ප්‍රේමයෙන් හා ශුද්ධකමෙන් පුර්ණ වනු ඇත.

වියලි මූදු හත්තක් ගැන සිතන්න. එය ගෙන ජලයෙහි දැමුවොත් දරාගත හැකි තරම් ජලය එය උරා ගනී. එය පිටතට ගත් විට ඉන් ජලය වැස්සෙයි. එය සොලවන්න, ගසන්න, මිරිකන්න, සිදු වන්නේ කුමක්ද? එහි පිරී තිබුණු දිය පිට කරයි. මූදු හත්ත නම් ඔබය. ඔබගේ පැවැත්මේ හැම අංශයක්ම උන්වහන්සේගේ ස්වභාවය උරා ගන්නා තුරු ජීවනයේ ආත්මයාණන් තුල ගිල්වන්නට එනම්, ඔබට ශුද්ධාත්මයන්ගෙන් බෞතීස්ම කරන්නට ජේසු තුමාට පුළුවන. ඔබ ආත්මයනන්ගෙන් පිරුණු කල කරදර ඔබව සෙලවිය හැකිය. මිනිසුන් ඔබට පහර දිය හැකිය. නමුත් මෙම සියලු පීඩනයන්, ඔබ පිරි සිටින දේව ප්‍රේමය පිටතට පමුණුවයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s