ශු. දොමිනික් සාවියෝ තුමා ( 1842 – 1857 )

StDominicSavioශු. දොමිනික් සාවියෝ තුමා, ශු. ජෝන් බොස්කෝ තුමාගේ ප්‍රථම ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි. ඔවු උපත ලැබුවේ 1842 අප්‍රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්‍රාමයේය. ඔවුගේ පියා චාල්ස් සාවියෝ වන අතර ඔහුගේ මව බ්‍රිජෙට්ය. දොමිනික් ළමා විය තම ගෘහයේ ගත කළේය. සාමකාමී වාතාවරණයක් ඇති තම ගෘහයේ ඉතා භක්තිමත් දෙගුරුන්ගෙන් ආත්මික පෝෂණය ලැබූ දොමිනික් දෙවියන් වහන්සේගේ මහත් ආලෝකයක් සහ වරප්‍රසාදයක් ලැබීමට භාග්‍ය ලැබුවේය. ඔහුගේ මිසම භාර ජෝන් පියතුමා ද මේ දරුවාගේ හදවත තුල දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ප්‍රේමයක්ද දෙව්මව් කෙරෙහි ගැබුරු භක්තියක්ද දැක්වීමට සහයෝගය දුන්නේය.

කුඩා කල සිට පාන්දර පහට දේවස්ථානයට ගොස් දිව්‍ය පුජාවට උදව්වීම ඔහුගේ පුරුද්දක් විය. ඉන්පසු සැහෙන වෙලාවක් යාච්ඤාවේ යෙදීමටද අමතක නොකළේය. වැස්සේ හෝ තද අව්වේ හෝ කිලිපොලා යන තද ශිත කාලයේ හෝ බොහෝ උෂ්ණ කාලයේදී හෝ මේ දරුවා නොවරදවා දේවස්ථානයේ කටයුතුවලට සහභාගීවීම සදහා පැමිණියේය.

​දොමිනික් පිරිමි ළමුන්ගේද ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ලමුන්ගේද සාන්තුවරයාය. ඒ මන්දයත් අවුරුදු 7 සිට මිසම භාර පියතුමාගෙන් ජෙසුව ලබන්නට දෙන ලෙස නිතර නිතර ඉල්ලා සිටි නමුත් පියතුමා දැන්වූයේ වයස අවුරුදු 12 වනතුරු සිටින ලෙසය. ඔහුගේ භක්තියත්, ආශාවත් දුටු පියතුමා දිනක් ඔහුට මෙසේ කිය. ” මම පාස්කුවට ඔබට ලස්සන තෑග්ගක් දෙන්නට යනවා. එදින මම ඔබට ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය මගින් ජේසුව දෙනවා. දොමිනික් උඩ පැන අත්පොලොසන් දී ප්‍රථම පිම්මේ දුවගොස් තම දෙමාපියන්ට මේ ආරංචිය දැන්විය. ඉන්පසු සැමදාම මහත් භක්තියකින් ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත්තේය.

පසුව ඔහු ජෝන් බොස්කෝතුමාගේ ආයතනයට ඇතුල් විය. දෙවියන් වහන්සේගේ සේවයෙහි නිරතවිමද අන්‍යයන් ලවා උන්වහන්සේට ප්‍රේම කිරීමට උගැන්වීමද බලවත් අපෝස්තලික සේවයක් බව මෙම දරුවා ජෝන් බොස්කෝ පියතුමාගේ මග පෙන්වීම යටතේ උගත්තේය. ජෝන් බොස්කෝ ආයතනයේ සිට ළමුන්ට සැබෑ ක්‍රිස්තියානි ජිවිතයක් ගත කිරීමට තම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔහු ආදර්ශමත් විය.

එහෙත් ඔහු බරපතල ලෙස රෝගාතුර විය. එබැවින් ජෝන් බොස්කෝ පියතුමා ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහුගේ මාපියන් වෙතට ඔහු යවන ලදී. තම ගෘහයේදී ද නොකඩවා ශුද්ධවන්ත යාච්ඤාමය ජිවිතයක් ගත කරන ලදී.

වර්ෂ 1857 මාර්තු මස 9 වන දින ඔහු මරණාසන්නව සිටි අවස්ථාවේදී අලංකාර දර්ශනයක් දැක, ශබ්ද නගා මෙලෙස කිවේය. ” අහෝ කොතරම් අලංකාර දර්ශනයක් දැන් මට පෙනේද ? ”

ඔබත් දොමිනික් සාවියෝ තුමා මෙන් ජෙසුව භක්තියෙන් ලබනවාද ? දොමිනික් සාවියෝ තුමාගේ යාච්ඤා මධ්‍යස්තකම ඉල්ලා යාච්ඤා කිරීමෙන් ගර්භනී මව්වරුන්ට පහසු දරු ප්‍රසුතියකට උදව්වූ බව අවස්ථා කිහිපයකින් ඔප්පු විය.

ශු. දොමිනික් සාවියෝ තුමාගේ මංගල්‍යය මාර්තු මස 10 වන දිනට යෙදී ඇත.

———————————————————————————————————————————————————————————————————–

Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html

Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html

Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html

Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html

Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html

Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html

Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html

2 thoughts on “ශු. දොමිනික් සාවියෝ තුමා ( 1842 – 1857 )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s