ශුද්ධවූ හෙලේනා තුමිය

බ්‍රිතාන්‍යයේ ඉපදුන හෙලේනා, රෝම අධිරාජ්‍යයේ හේවායෙක් වන කොන්ස්තන්තිනු ක්ලොරන්ස් සමග විවාහ වුවාය. පසුව කොන්ස්තන්තිනු බටහිර යුරෝපයේ අධිරාජ්‍යයා වුවාය. දේශපාලන හේතුන් helanaමත ඔහු හෙලේනාව දික්කාසාද කළේය. නමුත් ඇගේ එකම පුතා වන තරුණ කොන්ස්තන්තිනු සිය මවට ඉතා පක්ෂපාතව සිටියේය. ඔහු ක්‍රි:ව: 312 දී අධිරාජ්‍යයා වූ විට ඔහුගේ මවට අසාමාන්‍ය ගෞරවයක් ලබා දෙන ලදී.

කොන්ස්තන්තිනුගේ විශේෂ ජයග්‍රහණයට පසුව හෙලේනා කතෝලික ආගම වැළඳ ගත්තාය. ඉතා විශ්වාසවන්ත කතෝලික කාන්තාවක් වශයෙන් මහත් ආදර්ශමත් වුවාය. ඇගේ ත්‍යාගශීලී බවත්, අධිරාජිනිය වශයෙන් මහත් බලයත් සත්‍ය විශ්වාසය පැතිරවීමට මහත් හේතුවක් විය. යුරෝපයේ බොහෝ දේවස්ථාන පිහිටවූ පසු ඇය 75 වන වියේදී වන්දි ගෙවීමේ ගමනක් වශයෙන් ශු. දේශය වෙත ගියාය. මෙහිදී ඇය ජේසුස් වහන්සේ ඉපදුන ගුහාව ළඟ දේවස්ථානයක් ගොඩනැගුවාය. තවත් දේවස්ථානයක් අනෙක් පස කන්ද උඩ පිහිටවනු ලදී. හෙලේනා තුමී ඇයට වසර 80 ක් වූ විට,ජෙරුසලම කර ගියාය. ඇගේ එකම බලාපොරෝත්තුව වුයේ අප ස්වාමින් වහන්සේ මරණයට පත්කළ ශු. කුරුසිය සොයා ගැනීමය. ඇය කල්වාරි කන්දේ කැනීම් කරවන ලදී. එවිට ඇයට කුරුස තුනක් හමු විය. ජේසුස් වහන්ස්ගේ කුරුසිය කුමක්දැයි ඇය නොදන්නීය. එක්තරා අසාධ්‍ය රෝගී කාන්තාවක් ශු.කුරුසිය ස්පර්ශ කල සැනින්ම සම්පූර්ණ සුවය ලැබුවාය. මේ සිද්ධියෙන් පසු ශු.කුරුසිය හෙලේනා තුමිය විසින් ඉතා ගෞරවයෙන්තබා ගත්තාය පසු කලෙකදී ඇගේ පුත්‍රයා සතුරන් සමග යුද්ධ කරමින් සිටින විට ඔහුට තම මව විසින් ගෞරව කරනු ලබන ශු.කුරුසිය යහපත් වූ භාරයක් විය. එනම් මෙම යුද්ධයෙන් ජයග්‍රහණය කල හැකි වුවොත්, ඔහු කතෝලික ආගම වැළඳ ගන්නා බවය. කොන්ස්තන්තිනු හට යුද්ධයේ ජය අත්විය. ඉන්පසු භාරය ඉටුකළා පමණක් නොව, ලොව පුර කුරුසිය ජයග්‍රහණයේ ලකුණක් ලෙස සැලකීමටද අණ කර සිටියේය. මෙම ශු.කුරුසියේ ඉතා සුළු කොටසක් සෑම අල්තාර ගලකම තැන්පත් කර ඇත.

හෙලේනා තුමියගේ යාච්ඤාව හා ජීව්තාදර්ශයන් මගින් තම පුත්‍රයා දෙවි පියාණන් වහන්සේට දිනා දුන්නාය.

ඇගේ මංගල්‍යය අගෝස්තු මස 18 වන දින දී පවත්වනු ලැබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s