බෙනදිකාන සොයුරියන්ගේ මව වූ සාන්ත ස්කොලස්ටිකා මුනිතුමිය

බෙනදීකානුවන් සා. ස්කොලස්ටිකා තුමිය සිහිකරනුයේ ඇය ඛෙනදීකාන සොයුරියන්ගේ මව නිසාය. ඇයගේ ජීවිතයේ සුවිශේෂී ශ්‍රාවකත්වය වන්නේ· ඇය දේව වචනය සහ ක්‍රිස්තුst-scholastica ආකල්ප තම ජිවියේ කොටසක් බවට පත්කර ගන්නේ ගැඹුරු ආධ්‍යාත්මිකත්වය නිසාමය. ස්කොලස්ටිකා තුමියගේ ජීවිතය අප සැමගේ ප්‍රශංසාවටත්, යැදීමටත් එක සිතින් දෙවිදුන් කෙරෙහි සමීප කරවන්නීය. ඇයගේ ශුද්ධවන්ත ජීවිතය, සරල ජීවිතය හා බැදුනු පුවත වඩා ගැඹුරු පණීවුඩයක් ලබා දෙයි. ඇයගේ ආදර්ශමත් ජීවිත පැවැත්ම තුළින් අපට ආරාධනා කරන්නේ සදාචාරාත්මක විශ්වාසයේ සහ ආදරයෙන් පිරුණු ජීවිතයක් ගත කරිමටය.

ස්කොලස්ටිකා තුමිය හා තම නිවුන් සහෝදර ඛෙනඩීක් මුනිතුමන් ඉපදී හැදුනේ වැඩුනේ ධනවත් පවුලකින් පැවත එන නූර්ෂියා නම් ග්‍රාමයේ ය. ඛෙනදීක් තුමන් රෝමයේ මොන්ටෙසිනෝ නමින් ආරාමයක් ඇරඹීය. එම නීතිය අනුසාර කරමින් ස්කොලස්ටිකා තුමියද තාපසිකාවන් සඳහා ආරාමයක් විවෘත කළාය. තරුණ වියේදීම තම ජිවිතය දෙවිදුන්ට කැප කළ ඇය, ඉතා ධෛර්යයවන්ත මෙන්ම ගැඹුරු යාච්ඤාවට ලැදීවන්නීය. අභියෝගයන්ට මුහුණ දීමේ එඩිතර බව මෙන්ම සියල්ල දෙස නවතාවයකින් හා උපේක්ෂාවෙන් දකින්නට ඇය පුරුදුව සිටියාය.

සම්ප්‍රදායානුකූලව සෑම වසරකම ඛෙනදීක් තුමන් හා ස්කොලස්ටිකා තුමිය ස්වර්ගීය දේ ගැන කතා කිරිමටත් දෙවිදුන්ගේ ප්‍රබල දේ ගැන මෙනෙහි කරමින් සංවාදයේ යෙදීමටත් පුරුදුව සිටියාය. එක් දිනක් ඔවුන් මෙසේ හමු වූ අවස්ථාවක ස්කොලස්ටිකා තුමිය තම සොහොයුරු ඛෙනදීක් මුනිතුමන්ගෙන් ඉල්ලා සිටියේ එදීන රාත්‍රියේදී දෙවිදුන්ගේ ප්‍රබල දේ ගැන කතා කරමින් යාච්ඤා කිරිමට නවතින ලෙසය. නමුත් මෙදීන එතුමන්ගේ ප්‍රතිචාරය වූයේ එසේ ආශ්‍රමයෙන් පිටත එක් රාත්‍රියක් නැවතීම තමන්ට කළ නොහැකි බවය. තමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බව දුටු ඇය මේසය මත හිස තබා තම ඉල්ලීමට ප්‍රතිචාර දක්වන ලෙස දෙවිදුන්ගේ මැදීහත්කම පැතීය. ගෙවී ගියේ සුලු මොහොතකි. ගෙරවිලි සහ විදුලිය සමඟින් මහ වැසි පතිත වූයේ ඇයගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසිනි. මුලු රාත්‍රිය පුරාම වර්ෂාව පැවතුනි. බෙනදික් තුමන්ගේ නොසන්සුන්තාවය මධ්‍යයේ ඇය කියා සිටියේ ” මම ඔබගෙන් ඉල්ලා සිටිය ද ඊට පිළිතුරු නොලැබුණි. මම මගේ දෙවිදුන්ගෙන් අයැදීය. එතුමාණෝ කඩිනමින් මට පිළිතුරු දුනි.” ඔවුන් මුලු රාත්‍රිය පුරාම ශුද්ධවන්ත දේ ගැන කතා කරමින් දෙවිදුන්ට ප්‍රශංසා කළාය. ඇයගේ ඉල්ලීමට දෙවිදුන්ගේ ක්ෂණික ප්‍රතිචාරය ලැබුනේ එතුමිය සතු වූ නොසැලෙන දේව ආදරය නිසාය. ඉන් දීනකට පසු ඛෙනදික් තුමන් තම සොහොයුරියගේ ආත්මය පරෙවියකු ලෙසින් ස්වර්ගය දෙසට නික්මෙනු දීටීය.

වර්තමානයේ බෙනදිකානු සොයුරියන්ද ස්කොලොස්ටිකා තුමියගේ මඟයමින් නිහඩ යැදුම් දිවිය තුළ සමිදුන් සොයනා කන්‍යා සොයුරියන් කොටසකි. එතුමිය හුදෙකලා දීවිය අගය කළාක් මෙන් ඔවුන්ද යාච්ඤාවෙන් පිරුණු තාපස දීවියක් ගෙවන්නෙමු. යැදුම් ඉල්ලා දස දෙසින් ඔවුන් වෙත පැමිණෙන අය නිතර සිහි කරමින් ඔවුන්ගේ ජීවිත මර්දනය තුළින් ඔවුන්ගේ ඉල්ලීම් නිරන්තරයෙන් දෙවිදුන් වෙත ඔසවන්නෙමු. පූජක පැවිදී අයගේ අවැසිතාවන් වෙනුවෙන් මැදීහත් යැදුම් පුදන්නෙමු. අපගේ ජීවිතය ගෙන යනු සඳහා ඉටිපන්දම් සෑදීම, පූජා ඇදුම් මැසීම, දීව්‍ය සත්ප්‍රසාද ලබන ළමුන්ගේ වේල් සහ මල් කලඹ සූදානම් කිරිම ඔවුන් අතින්ම කෙරෙන සේවාවන්ය. ගිහි ඛෙනදීකාන සංඝය ද ඔවුන් හා එක් වී අපගේ ජීවිත මඟ ලෝකය තුළ ජීවත් කරවන්නට ප්‍රයත්න දරති. ශුද්ධවූ පැයට සහභාගි වෙමින් අපගේ යැදුම් පතා එන අය වෙනුවෙන් යදීන්නට ඔවුන්ද කොටස්කරුවන් වෙති. ඛෙතානියෝ මරියා මෙන් සමිදු පාමුල වෙසෙමින් වඩා යහපත් නිවැරදී දේ තෝරා ගනිමින් දෙවිදුන් මහිමයට පත් කිරිමට නිති වෙහෙසෙන්නෙමු.

අපද ලෝකය තුළ ශුද්ධවන්ත ජීවිතය ගත කරමින් ලෝකය දෙවිදුන් වෙත යොමු කරවීමට නිරන්තරයෙන්ම ඇප කැපවෙමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s