දෙවියන් වහන්සේ ඔබට අලුත් නිදහසක් දෙන සේක එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය. ( ජොහන් 8 : 36 ) ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක. ( ජොහන් 8 : 32 ) ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති, පාපයේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත. ( රෝම 8 : 2 ) ඒ සමිඳාණන් වහන්සේ ශුද්ධාත්මයාණෝ වන සේක. සමිඳාණන් වහන්සේගේ ආත්මයාණන් යම් තැනක ද, එතැන නිදහස ඇත. ( 2 කොරින්ති 3 : 17 ) එහෙත් දැන් ඔබ පාපයෙන් නිදහස ලබා දෙවියන් වහන්සේගේ දාසයන් ව සිටින බැවින් සදාතන ජීවිතයෙන් කෙළවර වන, විශුද්ධි මාර්ගයෙහි පල දරන්නහු ය. ( රෝම 6 : 22 ) Share this:TwitterFacebookLike this:Like Loading...