මෙම ශු. දිව්‍ය සත්ප්‍රසාදිය ප්‍රාතිහාර්යය සිදු වුයේ 1384 වර්ෂයේ AUSTRIA වෙහි SEEFELD නම් වූ නගරයේදීය. වෙනදා මෙන් සුපුරුදු පරිදි දිව්‍ය පුජාව ආරම්භ විය. දිව්‍ය පුජාව අතරතුර ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදා දෙන අවස්ථාව ආරම්භ විය. බැතිමතුන් ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට ඉදිරියට පැමිණියේය. මේ අතරතුර Milser නමැති බැතිමතෙකුද ශු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට ඉදිරියට පැමිණියේය. පියතුමා ශු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඔහුට දානය කරන අවස්ථාවේදී එම පුද්ගලයා වෙව්ලිමට භාජනය විය. වහාම පියතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාදය සිය අතට ගෙන ගොස් අල්තාරය මත තැබුවේය. එවිටම එම ශු. දිව්‍ය සත්ප්‍රසාදය තුලින් රුධිරය ගලා හැලෙන්නට විය. පැමිණ සිටි බැතිමතුන් අල්තාරය වටා රොක්විය. මෙම පුවත සුළු කාලයකින් මුළු රට පුරාම ප්‍රචාරය විය. එවකට එහි අධිරාජ්‍යයා වූ Maximilian I පවා මෙම ප්‍රාතිහාර්යය බැලීමට පැමිණියේය. වර්තමානයේ පවා මෙම ප්‍රාතිහර්යාත්මක ශු දිව්‍ය සත්ප්‍රසාදය සැදැහැවතුන්ට SEEFELD හි St. Oswald දේවස්ථානයේදී දැක ගත හැක.