SAINT-ANDRÉ DE LA RÉUNION හි ශු. දිව්‍ය සත්ප්‍රසාද ප්‍රතිහාර්යය

මෙම ප්‍රතිහාර්යය සිදු වුයේ LA RÉUNION හි 1902 ජනවාරි මස 26 වන දිනදිය. එදින සුපුරුදු පරිදි ශු. දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව පවත්වමින් තිබුනි. ශු. දිව්‍ය සත්ප්‍රසාදය සත්ප්‍රසාද කරඩුව තුල තැම්පත් andreකර තිබුනි. Abbot Lacome පියතුමා මෙම ප්‍රතිහාර්යය විස්තර කලේ මෙසේය. ශු. දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද කිරිමේ අවස්ථාව පැමිණියේය. සුපුරුදු පරිදි ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත මාගේ ඇස් යොමු විය. එවිටම මට දැක ගත හැකි වුයේ ශු. දිව්‍ය සත්ප්‍රසාදය දීප්තිමත් ස්වරුපයකින් බැබළෙන අයුරුය. මම යාච්ඤා මෙහෙය දිගටම පවත්වා ගෙන ගියේය. පසුව නැවත වරක් මම ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත නෙත් යොමු කලේය. එවිටම මට දැක ගත හැකි වුයේ කටු ඔටුන්නක් හිසේ ලා ගත් මිනිසෙකුගේ රුපයකි. ඇස් පිහාටු ඉතා දිගු හා මහත විය. මාගේ සිත තුල ඉතා කලබලකාරී ස්වරුපයක් ඇති විය.

දිව්‍ය පුජාව අවසාන වු වහාම ගායනා කණ්ඩායමේ වැඩිමහල් තරුණයෙකුට හඩ ගසා අල්තාරය වෙත ගොස් ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දෙස බලන ලෙස කියා සිටියේය. ඔහු වහාම මා වෙත දිව විත් මිනිසෙකුගේ හිසක් ශු. දිව්‍ය සත්ප්‍රසාදය මතුපිට ඇති බව කියා සිටියේය. පසුව Adam de Villiers නම් වු තරුණයාටද හඩ ගසා ඔහුටද ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දෙස බලන ලෙස කියා සිටියේය. ඔහුද දිව විත් ජේසුගේ ශ්‍රි මුහුණ මණ්ඩලය එහි ඇති බව කියා සිටියේය. මෙම ආරංචිය මුලු නගරය පුරා ක්ෂණිකව පැතිර ගියේය.

පුවත්පත් වාර්තා කරුවන් හා විවිධ පුද්ගලයින් දේවස්ථානයට පැමිණියේය. පසුව ක්‍රම ක්‍රමයෙන් කටු ඔටුන්න මැකි යන්නට විය. අපි ඉටිපහන් සහ අනෙකුත් ආලෝක ධාරා ශු. දිව්‍ය සත්ප්‍රසාදය මතට පතිත කලේය. එවිට එම දර්ශනය ඉතා පැහැදිලිව දකින්නට හැකි විය. පසුව එම දර්ශනය වෙනස් වී මුලු ශු. දිව්‍ය සත්ප්‍රසාදය පුරාවටම ශ්‍රි කුරුසිය දර්ශනය විය. පසුව ශු. දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද මෙහෙයක් පැවෑත්විය. ඉන්පසු එම දර්ශනය ක්‍රම ක්‍රමයෙන් නැතිවී ගියේය. වර්තමානයේ මෙම දේවස්ථානය ලොව පුරා බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s