1273 වසරේ Lanciano නගරයේ දී, Richiarella නම් කාන්තාව, Giacomo Stasio නම් තමාගේ ස්වාමිපුරුෂයාගේ ආදරය නැවත ලබා ගැනීමට මායාකරුවෙක් මුණ ගැසුණි. එම මායාකරුගේ උපදෙස් මත
“අශිර්වාදලත් පුපයක්” ලබා ගැනීමට “ශු.දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ” වෙත ගියාය. නැවත නිවසට පැමිණි ඇය, එම පුපය, ගිනි මත වූ මැටි බදුනකට දමා, එය තමාගේ ස්වාමි පුරුෂයාගේ කෑමට එක් කිරීමට කුඩු කරගත්තාය. නමුත්, මෙම කුඩා කැබලි/කුඩු (powder) ජීවී මාංශයක් බවට පත් වුහ. මේ සිදුවීමෙන් Richiarella තැති ගෙන ලේ තැවරුණු පුපය ලිනන් ලේන්සුවකින් වසා භාජනයක දමා වසා, තම ස්වාමි පුරුෂයාගේ ඉස්තාලයේ පොළව යට වැලලුහ. මෙතැන් පටන්, මෙම ඉස්තාලය තුලින් පුදුම සිදුවීම් සිදුවෙන්නට පටන් ගත්හ. Giacomoගේ බුරුවා ඉස්තාලයට ඇතුල් වන අවස්ථා වලදී, මෙම බුරුවා “ශු.දිව්‍ය සත්ප්‍රසාදය” වැළලු ස්ථානය ඉදිරිපිට දණ නවන්න පටන් ගත්හ. Giacomo සිතුවේ, තම භාර්යාව මෙම සත්වයා ට යම් මායාවක් (හුනියමක්) කර ඇතැයි.
වසර 7කට පසු, Richiarella තමා කළාවූ මහා අපරාදය ගැන, බලවත් පසුතැවිමකින්, Lanciano වල තිබු Augustinian priory සිටි පියතුමෙක් ඉදිරිපිට පාපොච්චාරණයක් සිදු කලාය. ඉතිහාසයේ සදහන් වන පරිදි මෙම කාන්තාව, කදුළු පිරුණු දෑසින්, “මම දෙවියන් මැරුවා, මම දෙවියන් මැරුවා” කියා කෑ ගසා ඇත. ඉන්පසු මෙම පුජකතුමා ඇගේ ස්ථානයට ගොස්, ඇය වලලා තිබු තැනින් එය ගෙන තමාගේ මිත්‍ර වැසියන්ට දෙන ලදී.
මෙම ශු.දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තැබීමට කුරුසියක හැඩති කරඩුවක් සැදිය. ඉතිහාසයේ සදහන් වන පරිදි, වැනීසිය සංචාරයකට පුජකවරු දෙදෙනෙක් වූ “සහෝදර මයිකල් සහ ඔහුගේ මිතුරෙක්ට” වැනිසියට පැමිණීමට ආරාධනා ලැබිය. ඔවුන් වැනිසියට පැමිණීමේදී, “මෙම කුරුසිය හා එහි ඇතුලත නැරබීමට යාමට අවශ්‍ය වූ අතර ඒ ගැන කිසිවෙකුට නොකියන”ලෙස මෙම කරඩුව සෑදු ශිල්පියාව පොරොන්දු කර ගෙන තිබුහ. නමුත් මෙම ශිල්පියා එම ප්‍රාතිහාර්ය ශු. සත්ප්‍රසාද වහන්සේ, එය තිබූ ස්ථානයෙන් ගන්නා ලදී. නමුත් නොසිතු ලෙස, ක්ෂණික උණ රෝගයක් ඔහුට පහර දිය. එවිට ඔහු “අහෝ සහෝදරයා, ඔබ කුමක් මට ගෙන ආවේද!” කියා කෑ ගසන්නට විය. එවිට “ඔබ කුමක් හෝ මරණිය පාපයක්” සිදු කලේද යන්න, පුජක තුමන්ලා ඔහුගෙන් ඇසිය. එවිට ඔහු “ඔව්” කියා පුජකතුමා ඉදිරිපිට පාපොච්චාරණය කළේය. එවිට උණ රෝගය ඔහුගෙන් පහ විය. ඉන්පසු, ඔහු, කිසිදු හානියකින් තොරව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගන්නා ලදී. ශු.දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉවත් කිරීමකින් තොරව, පෙර තිබු ශු. ලී කුරුසිය (කරඩුව) තුලම, එය ඔහු රදවන ලදී. වර්තමානයේ පවා Offida වල ශු.ඔගස්ටින් දෙව් මැදුර තුල “ලේ පැල්ලම් ඇති ලිනන් රෙදි කැබැල්ලත්, එම ශු.පුපය දමා තිබු භාජනයත්, ශු. දිව්‍ය සත්ප්‍රසාදය ඇති කුරුසියත්” දැක බලා ගත හැක.
ඉන්පසු, Richiarella ගේ නිවසද කුඩා දෙව් මැදුරක් බවට පරිවර්තනය විය. 1973 දී, මෙම හාස්කම සිදු වී හත්වන සියවස සැමරිය. එමෙන්ම, සෑම වසරකම මැයි 03 දින, Offidaවල වැසියන්, මෙම හාස්කම සමරනවා ඇත.