FIECHT හි ශු. දිව්‍ය සත්ප්‍රසාදිය ප්‍රාතිහාර්යය
මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ 1310 වසරේදී Inn Valley හි තිබෙන St. Georgenberg-Fiecht ගම්මානයේය. එදින සුපුරුදු පරිදි දිව්‍ය පුජාව ආරම්භ විය. දිව්‍ය පුජාව අතරතුර ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ජේසුස් වහන්සේගේ වැඩසිටීම පිලිබදව පියතුමාට සැකයක් පහල විය. මෙසේ දිව්‍ය පුජාව පවත්වාගෙන යන අතරතුර කැපකිරීම අවසන් වනවාත් සමඟම එකවරම මිදියුෂ රුධිරය බවට පත් විය. ඉන්පසු එය උතුරා කුසලානයෙන් පිටාර ගලන්න විය. වසර 170ට පසුවත්, 1480 වසරේදී ඉතිහාසකරුවෙක් සටහන් කර ඇත්තේ “එම පුජනීය රුධිරය මේ වනතුරුත් තුවාලයකින් ගැලුවාවූ අලුත් ලේ මෙන්” තිබෙන බවයි. අද වනතුරුත් මේ වටිනා පුජනීය රුධිරය St. Georgenberg Monastery හි කරඬුවක දමා සංරක්ෂිතව ඇත.
මෙම දේවස්ථානයේ අල්තාරය අසල තිබූ ලිපිගොනුවකට අනුව; 1310 වසරේ, Abbot Rupert නම් පියතුමා විසින් ශු.martyr George සහ ශු. ජාකොබ් අපොස්තුලු තුමන්ලා සැමරීම පිණිස දිව්‍ය පුජාවක් පවත්වන ලදී. එහිදී මෙම පුජක තුමාට මෙම රුධිරය මේ වයින් තුලින්ම පැමිණියාද යන්න පිලිබඳ සැකයක් ඇති විය. ඒ සැනින්ම එම මිදී යුෂද ලේ බවට පත්වී කුසලානෙන් උතුරා ගලන්න විය. පියතුමා ඇතුළු සැවොම සිදු වූ දෙය දැක බිය විය. මෙම ප්‍රාතිහාර්ය බොහෝ ප්‍රසිද්ධියට පත් විය. බොහෝ මිනිසුන් මෙම ශු. රුධිරයට ගෞරව කිරීමට පැමිණෙන්නට පටන් ගත්හ. 1472 වසරේදී මෙම සංසිද්ධිය පිලිබඳ වැඩිදුර අධ්‍යනය කිරීමට abbot of Wilten, Joahannes Lösch, සහ පුජක Sigmund Thaur and Kaspar of Absam යන පුද්ගලයන්ව Georg von Brixen විසින් එවන ලදී. ඔවුන්ගේ අධ්‍යනයේ ප්‍රතිපලයන්ට අනුව මෙම ආශ්‍රීර්වාදීත රුධිරය “ප්‍රාතිහාර්යයක්” ලෙසට තහවුරු කල අතර “සත්‍යයක්” වශයෙන්ද ප්‍රකාශ විය.