මෙම ප්‍රාතිහාර්ය සිදු වුයේ 2001 වසරේ CHIRATTAKONAM හි මරිය තුමිය නමින් කැප කර ඇති දේවස්ථානයේ දීය. ගරු Johnson Karnoor පියතුමා විසින් ( ප්‍රාතිහාර්ය සිදුවූ දේවස්ථානය භාර පියතුමා ) 2001 වසරේදී ශු. දිව්‍ය සත්ප්‍රසාදයේවූ ප්‍රාතිහාර්ය විස්තර කලේ මේ ආකාරයෙනි
“අපි සුපුරුදු ආකාරයට ශු. ජූඩ් තද්දේව්ස් අපෝස්තුලු තුමා වෙනුවෙන් පවත්වන වාර්ෂික නුවණය St. Mary of Chirattakonam දේවස්ථානයේ 2001 අප්‍රේල් 28 වන දින ආරම්භ කලා. පෙ. ව 8.49 ට බැතිමතුන්ගේ නමස්කාරය සදහා ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව නිරාවරණය කලා. සුළු මොහොතකට පසු ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ තිත් තුනක් තිබෙන බව මම දුටුවා . පසුව මම යාච්ඤ කිරීම නවතා ශු. දිව්‍ය සත්ප්‍රසාදය දෙස ඉතා ඕනෑකමින් බලන්න පටන් ගත්තා. ඒ සමගම දේවස්ථානයේ සිටි අනිත් බැතිමතුන්ට එය බැලීමට ආරාධනය කලා. පසුව ඔවුන්ට යාච්ඤා මෙහෙය දිගටම කරගෙන යාමට ඉඩ දී ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සත්ප්‍රසාද මණ්ඩපයේ තැම්පත් කලා
2001 අප්‍රේල් 30 වන දින දිව්‍ය පුජාව පවත්වා ඊට පසු දින මම Tricandrum බලා පිටත් උනා. 2001 මැයි 5 වන සෙනසුරාදා දින සුපුරුදු පරිදි මම දේවස්ථානය විවෘත කලා. ශු. දිව්‍ය සත්ප්‍රසාද යට කුමක් සිදුවී දැයි බැලීමට මම සත්ප්‍රසාද මණ්ඩපයේ කරඩුව විවෘත කලා. මම හදිසියේ දැක්කා ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ මිනිසකුගේ මුණක පින්තුරයක් තිබෙන බව. වහාම බැතිමතුන්ට දණ ගසා යාච්ඤා කරන ලෙස ඉල්ලා සිටියා .මෙය මම පමණක් දකින සිදුවීමක්ද කියා නිශ්චය කර ගැනීමට සන්ක්රිස්තියන් මහතාටත් ආරාධනා කලා. ඔහුත් කියා සිටියා එහි මිනිසෙකුගේ මුහුණක් ඇති බව. පසුව අනෙකුත් බැතිමතුන් පවා ඉතා ඕනෑකමින් බලා සිටිනු මම දුටුවා.
අපි දිව්‍ය සත්ප්‍රසාද නමස්කාරය පටන් ගත්තා. සුළු මොහොතකට පසු එම පින්තුරය වඩ වඩා පැහැදිලි වීමට පටන් ගත්තා. මට කිසි දෙයක් කීමට පුළුවන් උනේ නෑ. මම තනිවම අඩන්න පටන් ගත්තා. ශු. දිව්‍ය සත්ප්‍රසාද නමස්කාරය අතර අපි ශු. ලියවිලි පාඨයක් කියෙව්වා. එදින ශු. ලියවිලි පාඨය වූයේ ශු. ජුවාම් තුමන්ගේ 20 වෙනි පරිච්චේදය . එහි සදහන් වූයේ ජේසු තුමන් විසින් ශු. තෝමස් තු
මන්ට තමන්ගේ තුවාල ස්පර්ශ කර විශ්වාස කරන ලෙස කල ආරාධනයි . මම ඉතා ඉක්මනින් ඡායාරූප ශිල්පියෙක්ට අඩ ගසා ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ඡායාරූප ලබා ගත්තා. පැය 2 ක් ඇතුලත එම ඡායාරූප පිළිසකර කළා. එම ඡායාරූප තුල මුණේ රූපය ඉතා පැහැදිලිව දක්නට ලැබුනා.”
වර්තමානයේ පවා මෙම ආශ්චර්යජනක ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ එම කරඩුව මෙම දේවස්ථානයේ තැම්පත් කර තිබෙනවා.
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html
pray to god, be in deep believe………
i believe jesus..
I believe my Jesus every moment
Love u Jesus