Buenos Aires හි දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යය

bu1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් පියතුමා බුඑනොස් අයිරෙස්හි වෙළද මධ්‍යස්ථානයක වූ දේවස්ථානයක සවස හතට පමණ දිව්‍ය පූජාව පවත්වමින් සිටියේය. දිව්‍ය සත්ප්‍රසාද දානය කිරී‍ම අවසන් වනවාත් සමග එක් කාන්තාවක් පැමිණ දේවස්ථානයේ පසුපස තිබෙන ඉටිපන්දම් රදවනක පූපයක් තිබෙන බව පියතුමාට පැවසූවාය. පියතුමා ඇය පෙන්වූ තැනට ගොස් කවුරුන් හෝ විසින් අගෞරවාන්විත ලෙස ඉටිපන්දම් රදවනය තුල දමාගිය පූපය දුටුවේය. එය අනුභව කිරීමට නොහැකි තත්ත්වයේ තිබූ නිසා එය ජලබදුනක බහා දිව්‍ය සත්ප්‍රසාද කූඩුව තුල තැන්පත් කරන ලදී.

අගෝස්තු මස 26වන දින අලෙජාන්දෝ පියතුමා දිව්‍ය සත්ප්‍රසාද කූඩුව විවෘත කරද්දී ඔහු දුටුවේ පුදුම දෙයකි. මීට දින කීපයකට පෙර ඉටිපන්දම් රදවනය මතින් ගෙන ජල බදුනක බහා තැන්පත් කළ පූපය ලේ වලින් පිරුණු මස් කැබැල්ලක් බවට පත් වී ඇත් බව දැකීමෙන් ඔහු මවිතයට පත්විය. මේ සිද්ධිය එසැනින් ඔහු සැලකලේ එවකට සහයක රදගුරුතුමන්ව සිටි වත්මන් ශුද්ධෝත්තම පියතුමා වන අති උතුම් ජෝර්ජ් බෙර්ගොල්යෝ රදගුරුතුමාටය. එතුමන්ගේ උපදෙස් වලට අනුව එම ප්‍රාතිහාරාත්මක පූපය ඡායාරූපගත කොට දිව්‍ය සත්ප්‍රසාද කූඩුව තුල තැන්පත් කල අතර එය ඔවුන් අතර රහසක්ව තබාගන්නා ලදී. වසර තුනක් ගෙවී ගියද, මාංශය බවට පත්වූ පූපයේ පෙනුමේ කිසිදු වෙනසක් නොවූ හෙයින් ඒ ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට එවකට බොඑනොස් අයිරෙසිහි අගරදගුරුධූරයට පත්වූ ජෝර්ජ් බෙර්ගොල්යෝ අගරදගුරුතුමා තීරණය කලේය. ඒ අනුව 1999 ඔක්තෝම්බර් 5වන දින වෛද්‍ය කස්තනන් මෙම ප්‍රාතිහාරාත්මක පූපයේ විශේෂ ශෛල සාම්පලයක් විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයක් සදහා නිව්යෝර්ක් නුවරට යවන ලදී. නමුත් මෙම සාම්පලය ලාබාගත් මූලාශ්‍රය නිව්යෝර්ක් නුවර සිටි වෛද්‍යවරුන්ට හෙලි නොකරන ලදී. ඔවුන්ගේ විශේෂ වෛද්‍ය පරික්ෂණයේ නිගමනයන් මෙසේය.

මෙය සැබවින්ම මිනිස් ඩී. එන්. ඒ. සහිත මිනිස් රුධිරය හා මාංශය තිබෙන මූලදුව්‍යයකි. මෙය මිනිස් හදවතේ සිට මුළු සිරුරටම රුධිරය බෙදා හරින ප්‍රධාන ධමනියකින් ගත් කොටසකි. මෙම හදවත් ශෛල තුල ඇති සුදු රුධිර ශෛල ප්‍රමාණය ‍මෙම ශෛල අයිති පුද්ගලයා මෙම ශෛල ලබාගත් අවස්ථාවේ බලවත් වේදනාවක හා කම්පනයක සිටිබව හෙලිකරයි.

මෙම හදවත් ශෛල ලබාගෙන ඇත්තේ මෙම මිනිසා ජීවත්ව සිටියදීමය, ඒ මන්දයත් සුදු රුධිර ශෛල ජීවත්වනුයේ සජීවී ජීවියෙක් තුල පමණි. එබැවින් මෙම ශෛල සාම්පල ලබාගන්නා අවස්ථාවේ මෙම පුද්ගලයා ජීවත්ව සිටිය යුතුමය. මෙම හදවත අයිති තැනැත්තා මෙම ශෛල ලබාගන්නා අවස්ථාවේ තදබල පීඩනයක සිට ඇති අතර ඔහුගේ පපුවට තදබල ලෙස පහරදී ඇත.

මෙම ශෛල සාම්පලයේ මූලාශ්‍රය දැනගත් ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් ‍දෙදෙනෙකු වන මයික් විල්ලේසේ සහ රොන් තෙයොරියොරෝ වෛද්‍ය සූගීබා ඇතුළු නිව්යෝර්ක් වෛද්‍ය මණ්ඩලයේ නිගමන අසා මවිතයෙන් මවිතයට පත්වූහ. මාධයවේදීන්ගෙන් එක් කෙනෙකු වන මයික් විල්ලේසේ, සුදු රුධිර ශෛලයක් ජලය මත කොපමණ කාලයක් ජීවත් වන්නේදැයි වෛද්‍ය සුගිබාගෙන් ඇසීය. ඊට සුගිබාගේ ක්ෂණික පිළිතුර වූයේ ජලය මත සුදු රුධිර ශෛලයක ආයුකාලය මිනිත්තු කිපයක් බවය. ඉන්පසුව මාධ්‍යවේදීන් දෙදෙනා මෙම හදවත් ‍ශෛල සාම්පලයේ ඉතිහාසය වෛද්‍ය සුගිබාට හෙළිකරන ලදී. මෙම ප්‍රාතිහාරාත්මක මාංශය බවට පත්වූ පූපය සාමාන්‍ය ජලය මත මාසයක කාලයකුත්, සුපිරිසුදු ජලය මත වසර තුනක කාලයකුත් තැබුවයින් පසු වෛද්‍ය පරීක්ෂණයට යොමුකල බව ඔවුහු වෛද්‍ය සුගිබාට පැවසූහ.

ඔවුන් එළිදරව් කල ඉතිහාසයෙන් මවිතයට පත්වූ වෛද්‍ය සුගිබා ඔවුන්ගෙන් තවත් ප්‍රශ්ණ දෙකක් ඇසීය. මෙම ශෛල සාම්පලය මියගිය පුද්ගලයෙකුගෙන් ශෛළ සාම්පලයක් නම් මෙම ශෛල පරීක්ෂණය කරද්දී ජීවමාන ශෛල මෙන් සෙලවෙමින් තිබුනේ මන්ද 1996 වසරේ මියගිය කෙනෙකු 1999 වස‍රේ ජීවත්වන්නේ කෙසේද ඊට පිළිතුරක් වශයෙන්, මෙම ශෛල ලබාගත්තේ දිව්‍ය පූජාව තුලදී දිව්‍ය රහස් කල පූපයකින් බව මයික් විල්ලේජ් හෙළිකලේ එවිටය.

ඉන්පසු ඔවුන් තවත් පරීක්ෂණයක් කලෝය. එනම් බූඑනොස් අයිරෙස් සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයේ වාර්තාවන් සහ ලන්චියානු නුවර දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයේ වෛද්‍ය වාර්තාවක් ඒවායේ මූලාශ්‍ර හෙළිදරව් නොකොට ඒවා සංසන්දනය කිරීමට සැලැස්වීමයි. වෛද්‍ය වාර්තා දෙක සංසන්දනය කල වෛද්‍යවරුන් හෙලිකලේ ‍මෙම ශෛල සාම්පල දෙකම ලබාගෙන ඇත්තේ එකම පුද්ලගලයකුගෙන් බවයි. ඔවුන් තවදුරටත් හෙලිකලේ මෙම සාම්පල දෙකේම රුධිරය AB+ (AB Positive) ඝණයට අයිති බවත් මෙම ශෛල මැද පෙරදිග විසූ පුද්ගලයෙකුගේ ශෛල බවත්ය.

මෙම ශෛල සාම්පල දෙක ලබාගෙන ඇත්තේ රටවල් දෙකකිනි එකක් ආජන්ටිනාවේ බොඑනාස් අයිරෙස් නුවරිනි. අනෙක දකුණු ඉතාලියේ ලන්චියානේ නුවරිනි. නමුත් ඒ සාම්පල දෙකේම ශෛල මැදපෙරදිග මනුෂ්‍යයෙකුගේය. මැද පෙරදිග ජීවත් වන මනුෂ්‍යයකුගේ ජීවමාන ශෛල වෙනස රටවල් දෙකකින් ලබාගන්නේ කෙසේද. සාමාන්‍ය කෙනෙකුට මෙය ප්‍රේහේලිකාවක් වුවත් කිතුණු භක්තිකයන් වන අපට එය විශ්වාසයේ පරම අභිරහසය. ලෝකයේ කොතැනක දිව්‍ය යාගය සිදුකලත් ඒ තුල සිදුවන්නේ එකම කල්වාරි යාගයමය. දිව්‍ය රහස් කරන්නාවූ සෑම පූපයකම වැඩ වසන්නේ අප ගැලවීමට අප වෙනුවෙන් දික් විදි කුරුසගතවූ ස්වාමීන් වහන්සේමය.

කිසිම මූලාශ්‍රයක් නොදැන ඉදිරිපත් කළ වෛද්‍ය සූගිබාගේ නිගමන ප්‍රකාශ කරන්නේ අපගේ විශ්වාසයේ අභිරහස්මය. ඔහු හදවත් ශෛලයක ආධාරයෙන් විද්‍යත්මකව හෙළිකරන්නේ ජේසුගේ දුක්ප්‍රාප්තියයි. ඔහුගේ නිගමන වලට අනුව මෙම ශෛල වල අයිතිකරුවා බලවත් වේදනාවක සහ කම්පනයක සිටියදී මෙම ශෛල ලබාගෙන ඇත. ජේසු බලවත් ලෙස වේදනාවට සහ කම්පනයට පත්වී සිටියේ කුරුසිය තුලය. එය උන්වහන්සේ අපගේ පාප වෙනුවෙන් පුදකල අමිල වූ කුරුස යාගයයි. දිව්‍ය යාගය තුල අප පංගුකාරයින් වනූයේ උන්වහන්සේගේ වේදනාවෙන් පිරුණු යාගික ශරීරයටමය. එබැවින් සොයුරු සොයුරිය සෑම දිව්‍ය යාගයක් තුලම යාගවන අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ අනුහසින් පාපයේ මායාදැලෙන මිදෙන්නට වෙර දරමු

Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html

Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html

Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html

Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html

Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html

Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html

Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html

2 thoughts on “Buenos Aires හි දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s