Bordeaux හි ශු. දිව්‍ය සත්ප්‍රසාදිය ප්‍රාතිහාර්යය

bordexBordeaux හි මෙම දිව්‍ය සත්ප්‍රසාදිය ප්‍රාතිහාර්යය සිදු වුයේ Pierre Noaille පියතුමන් විසින් ආරම්භ කරන ලද ශුද්ධවූ පවුලේ නිකාය තුලදීය. මෙම නිකාය අද වනතුරු ආසියාවේ හා අප්‍රිකාවේ ඉතා ක්‍රියාකාරිව පවතී. මෙම නිකාය ආරම්භ කර මාස කිහිපයකට පසුව Bordeaux හි ශාන්ත Eulalia දෙව් මැදුර තුලදී මෙම ප්‍රාතිහාර්යය සිදු විය. එදින දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය සහ දිව්‍ය පුජාව පැවැත්වීමට නියමත වුයේ සුපුරුදු පරිදි දිව්‍ය පුජාව පැවැත්වීමට නියමතව තිබු Noaille පියතුමන් නොමැති වීම හේතුවෙන් Abbot Delort පියතුමන්ටය.

සුපුරුදු පරිදි දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව හා දිව්‍ය පුජාව ආරම්භ විය. ගතවුයේ සුළු මොහොතකි. අල්තාරය මත තබා තිබු දිව්‍ය සත්ප්‍රසාදයේ යම් කිසි වෙනසක් දර්ශනය විය. පසුව එය දෙස ඉතා ඕනෑකමින් සියලු දෙනා බලන්නට විය. ශු. දිව්‍ය සත්ප්‍රසාදය තුල ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ මණ්ඩපය ඉතා පැහැදිලි ලෙස දර්ශනය විය. සියලු දෙනාම පාහේ ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට දණ ගසා යාච්ඤා කරන්නට විය. මෙම දර්ශනය විනාඩි 20ක පමණ කාලයක් දර්ශනය විය.

පසුව මෙම ශු. දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යය Bordeaux හි අගරදගුරු තුමන් හට දැන්විය. අගරදගුරු තුමන් විසින් විශේෂ කමිටුවක් පත් කර මෙම ප්‍රාතිහාර්යය ගැන විවිධ පරීක්ෂණ කළේය. පසුව අවසානයේ අගරදගුරු තුමන් විසින් මෙය සත්‍ය දිව්‍ය සත්ප්‍රසාදිය ප්‍රාතිහාර්යයක් බවට සනාථ කරන ලදී.

මෙම ප්‍රාතිහාර්යත්මක ශු. දිව්‍ය සත්ප්‍රසාදය අද දක්වා කිසිදු වෙනසකට භාජනය නොවී පවතින අතර එයද ප්‍රාතිහාර්යාත්මක සිදුවීමකි. අද පවා එම දේවස්ථානයට යන බැතිමතුන්ට මෙම ප්‍රාතිහාර්යත්මක ශු. දිව්‍ය සත්ප්‍රසාදය දැක ගත හැකිය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s