ALCOY හි ශු. දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රතිහාර්යය

මෙම ප්‍රතිහාර්යය සිදු වුයේ ස්පාඤ්ඤයේ ALCOY හි 1568 ජනවාරි මස 29 වන දිනදීය. Juan Prats නම් වු Alcoy හි විසු එක් නගර වැසියෙක් මෙදින හොර රහසේ මීසමේ දේවස්ථානයට ඇතුලු වී aloyඅල්තාරය මත වු රිදියෙන් සාදන ලද ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව සොරකම් කලේය. පසුව එය තුල තිබු ශු. දිව්‍ය සත්ප්‍රසාද 3ක් ගෙන තම මුඛය තුලට දමා ගෙන එම සත්ප්‍රසාද කරඩුව රැගෙන ගොස් තම නිවසේ ලී අල්මාරියක සැගෙව්වේය.

පසුදින දේවස්ථානය වෙත ගිය පියතුමන්ට දැක ගත හැකි වුයේ ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ හා එම කරඩුව එහි නොමැති බවයි. මෙය දුටු පියතුමන් වහාම දේවස්ථානයේ සීනුව නාද කර බැතිමතුන්ට දේවස්ථානට එන ලෙස ආරාධනා කලේය. එය ඇසු බැතිමතුන් වහාම ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව සොයන්නට විය. 

මේ අතර Maria Miralles නම් වු වැන්දඹු කාන්තාවක් විය. ඇය සතුව කුඩා ජේසු බිලිදුන්ගේ ප්‍රතිමාවක් විය. ඇය මෙම ප්‍රතිමාව ඉදිරිපිට යාච්ඤා කරමින් මෙම දිව්‍ය සත්ප්‍රසාද කරඩුව සොයා දෙන මෙන් ඉල්ලා සිටියේය. ගතවුයේ සුලු මොහොතකි. මෙම ප්‍රතිමාවේ එක් අතක් ඉහලට ඉස්සී Juan ගේ නිවස දෙසට යොමු වී ඇති බව ඈයට දැක ගත හැකි විය. මෙය දුටු Maria වහාම ඒ පිලිබදව අනෙක් බැතිමතුන්ට දෑන්වීය. මේ සිදුවිම දුටු පියතුමන් වහාම ප්‍රදේශයේ බලයලත් නිලධාරින් පිරිසක් සමග වහාම Juan ගේ නිවසට ගියේය. එහි ගොස් ඔහුගේ නිවස සෝදිසි කලේය. එහිදි ඔවුන්ට දැක ගත හැකි වුයේ ලී කැබිනෙට්ටුවක සගවා තිබු ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුවයි. එය විවෘත කල ඔවුන්ට ඒ තුල පෙර තුබු පරිදිම ශු. දිව්‍ය සත්ප්‍රසාද 3ක් ඇති බව දැක ගත හැකි විය. මෙය දුටු Juan ද පුදුමයට පත් වෙමින් ඒ තුල වු ශු. දිව්‍ය සත්ප්‍රසාද 3 තමන් කට තුලට දා ගත් බවත්, නැවත එවැනිම ශු. දිව්‍ය සත්ප්‍රසාද 3ක් ඒ තුලට කෙසේ පැමිණියේදැයි තමා නොදන්නා බවත්ය. 

මෙම ප්‍රතිහාර්යය ක්ෂණිකව රට පුරා පැතිර ගියේය. දෙස් විදෙස් බොහෝ බැතිමතුන් මෙම දේවස්ථානයට පැමිණෙන්නට පටන් ගත්තේය. වර්තමානයේ පවා එම ප්‍රතිහර්යාත්මක ප්‍රතිමාව එම දේවස්ථානයේ තැම්පත් කර ඇත. මෙම ප්‍රතිමාවටද බොහෝ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

5 thoughts on “ALCOY හි ශු. දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රතිහාර්යය

  1. මගෙ ජෙසුට හිතා ගත නොහැකි දැ කරන්න පුලුවන්. මා ආදරෙයි.. ආමෙන්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s