මෙය පෘතුගාලයේ පාතිමා නුවරට සැතපුම් 35ක් දකුණු දෙසින් පිහිටි සන්ටාරම් ගම්මානයේ සිදුවූ ප්‍රතිහාර්යයකි. දිමිත්‍රියා විවාහ වූ දා පටන් සැමියාගේ අනේක කෘරකම් වල භාජනය වුවාය. මෙය ඉවසා ගන්නට නොහැකිව පිළිසරණක් පතා ගමේ මන්ත්‍රකාරියක් වෙත ගියාය. ඇගේ කන්නලව්වට ඇහුන්කන් දුන් මන්ත්‍රකාරිය දිමිත්‍රියාට යෝජනාවක් කලාය. ” ඔබ මට දේවස්ථානයෙන් දිව්‍ය සත්ප්‍රසාද පුපයක් සොරකම් කර ඇවිත් දුන්නොත් මා ඔබට උදව් කරන්නම්” . මෙයට කරම්දෝ නොකරම්දෝ යන අඩමානයෙන් සිටි ඇය යෝජනාවට එකග වුවාය.
පසුදා උදෑසන සන්ටාරම් ගමේ ශා. ස්තේවන් දේවස්ථානයේ දිව්‍ය පුජාවට සහභාගී වූ දිමිත්‍රියා දිව්‍ය පුජා වෙලෙහි අල්තාරයට ගොස් ලබා ගත් දිව්‍ය පුපය කටින් අතට ගෙන හිසවසාගෙන සිටි වේලයෙන් එය ඔතා දේවස්ථානයෙන් එලියට පැමිණියාය. බියෙන් හා චකිතයෙන් පිරීසිටි ඇය තම නිවස බලා වේගෙයන් දිවයන්නට විය. මදක් දිවයන විට ඇගේ අතේ තිබු වේලය තෙත්වන බවක් ඇයට දැනුනි. පසුව ඇය ඒ දෙස බලන විට ඇගේ අතැගිලි වල ඝන රතු ලේය. කලබලය පත් ඇය වහා ගොදර ගොස් කුඩා ලී පෙට්ටියක දිව්‍ය සත්ප්‍රසාදය සහිත වේලය අසුරා තැබුවාය. එදා රාත්‍රියේ දිව්‍ය සත්ප්‍රසාදය සගවා තැබූ පෙට්ටිය තිබු කාමරයෙන් කිසියම් අමුතු ආලෝකයක් පැතිර යන හැටි දැකීමෙන් බයට පත්වූ ඇය අවසානයේ සියල්ල තම ස්වාමිපුරුෂයාට කීවාය. මේ සිදුවීමට තමන්ද වගකිවයුතු බව තම බිරිදගේ කතාවට සවන් දුන් ඔහු තම වරද පිළිගෙන දෙදෙනාම මුළු රැය පහන් වන තුරු දිව්‍ය සත්ප්‍රසාදය ඉදිරිපිට දණගසා සමාව ඇයද සිටියේය.
පසුදා උදෑසනම පල්ලියට ගිය ඇය සියල්ල පියතුමාට කීවේය. පසුව පියතුමා ඔවුන්ගේ ගෙදර බලා පැමිණියේය. මේ සිදුවීම අසල්වාසීන්ටද සැලවිය. බොහෝ දෙනා ඔවුන්ගේ ගෙදර එක්රැස් විය. මේ අතර සභා නායකයන්ගේ අවධානයද මේ සිදුවීමට යොමු විය. පදවියේ රදගුරු හිමිපාණන්ගේ මැදිහත්වීමෙන් ගෞරවාන්විතව පෙළහරකින් දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ ශා. ස්තේවන් දේවස්ථානයට ගෙනැවිත් අල්තරයේ දිව්‍ය සත්ප්‍රසාද කුඩුව තුල ආවණයක් යොදා තැම්පත් කළේය.
මේ දිව්‍ය සත්ප්‍රසාදයේ ඉහල සිට පහලට සියුම් නහර වැනි දේ දක්නට ලැබේ. ඒ සමගම බදුන අඩියේ රක්ත වර්ණ රුධිරය පැහැපත්ව තැම්පත් වී තිබෙයි. මේ බදුන තුල ඇති රුධිරය දීර්ඝ පරීක්ෂණයකට අවුරුදු පතා භාජනය කළ නිව්ජර්සි හි විශේෂඥ වෛද්‍ය ආතර් හෝග්ලන්ඩ් මහතාගේ නිගමනය වුයේ මෙම රුධිරය මිනිස් රුධිරය බවය. 13 වන ශතවර්ෂයේ මුල්භාගයේ සිදුවූ මෙම දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයට දැනට වසර 700 කට අධික කාලයක් ගතවී ඇතත් මෙම දිව්‍ය සත්ප්‍රසාදය අද වනතුරුත් නොදිරා තිබෙයි. ශ්‍රී රුධිරයද එයාකාරයෙන්ම සප්‍රාණිකව පවතියි.
කිසියම් දිනෙක පෘතුගාලයේ පාතිමා නුවරට වන්දනාවේ යෑමේ වාසනාව ඔබටද ලැබුනොත් සන්ටාරම් සිද්ධස්ථානයට ගොස් මෙම දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යය සියැසින් දැකගන්න.