ශුද්ධාත්ම බලය පිලිබඳ පොරොන්දුව

12-holyspirit-powerශුද්ධාත්මයාණන් පිළිබඳව බයිබලයේ දී ඇති විස්තරය හඳුනා ගැනීම

ජේසුතුමා ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් බෞතීස්ම කර බව ජොහාන් තුමාගේ බෞතීස්ම පොරොන්දු විය. හැරීම ලැබූ හා ඔහුගෙන් වතුර බෞතීස්මය ලැබූ සැමට ඔහු දුන් පොරොන්දුව මෙය විය.

ශු. මතෙව් 3: 11 “මම නම්, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කරමි. එහෙත්, මට පසුව එන තැනැත්තේ …….. ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක.”

සෑම යුගයකම කිතුබැතිමතෙකුට කිරීම සදහා වූ විශේෂිත කාර්යක් ජේසුතුමා වෙත තිබුනි. එය ඔවුන්ගේ ශක්තියෙන් කිසිදා කල නොහැකි බව එතුමා දැන සිටි සේක. එබැවින් ශුද්ධාත්ම බලය ලැබෙන තෙක් නැවතී සිටින ලෙසත් ඉන්පසු ඔවුන් එතුමාගේ සාක්ෂිකාරයන් වන බවත් එතුමා සිය අනුගාමිකයින්ට කීවේය. ජේසුතුමාගේ ආඥාව හා පොරොන්දුව එතුමාගේ සියළුම අනුගාමිකයින්ටය.

ශු.ලූක් 24: 49 “මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත්, ඉහළින් වන බලපරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබන තුරු නගරයෙහි නැවතී සිටින්නැ”යි වදාළ සේක.

ක්‍රියා 1: 4,5,8 “….පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය….එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක.”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s