ශුද්ධාත්මයාණෝ හා පව් සමාව

22යම් කිසි බාධාවක් ඔබ ඉදිරියෙන් ඇති බවත් ඒ නිසා දෙවියන් වහන්සේ වෙත ලංවිය නොහැකි බවත් යාච්ඤාවේදී කිසිවිටෙකත් ඔබට හැගී තිබේද ? ඔබේ යාච්ඤා වලදී බාධා පැමිණෙන ඕනෑම දෙයකින් ඔබව මුදාලීමට ශුද්ධාත්මයාණෝ කැමැත්තෙන් සිටි. පියාට අකීකරු වූ ළමයෙකුගේ හැසිරීම ගැන සිතා බලන්න. පියාව දකින්න ඔහු සතුටු වේද ? ඔහු පියාව මුණගැසීමට පැමිණේද නැතහොත් පියාව මග හැරීමට උත්සහ කරයිද ? ඔහුට පියාගේ උපකාරය අවශ්‍ය වුවද ඔහුගේ වරද බාධකයක්ව තිබේ. ඔහු කල දේ ගැන පාපොච්චාරණය කිරීමත්, පියාගෙන් සමාව ඉල්ලීමත් හා අකීකරු වීමෙන් වැළකීමත් ඔහුට අවශ්‍ය වේ. ඔහු මෙසේ කල පසු ප්‍රේමයෙන් ඔහුගේ බිය සැක දුරු වන අතර පියාගේ උපකාරය ඉල්ලීමට සිත් පැහැදීමක් ඇතිවේ.

දෙවියන් වහන්සේ හා අප අතරත් එම දේම සිදුවේ. කෙසේ වෙතත් අපි අපගේ වැරදි ගැනත් නිතරම අන්ධව සිටිමු. එබැවින් ශුද්ධාත්මයාණෝ අපගේ වැරදි පෙන්වා දීමෙන් අපට උපකාර කරන සේක. එතුමා අපට පාපයේ දරුණු කම පෙන්වා දී අපගේ පාප දෙවියන් වහන්සේට කියා පව් සමාව ලබා ගැනීමට උපකාර කරන සේක. අප අන්‍යයන්ට වැරදි කර තිබේනම් ඔවුන්ගෙන්ද කමාව ඉල්ලීමට එතුමා අපට පවසන අතර හැම දෙයක්ම නිවැරදි කර ගැනීමට අපට උපකාර කරන සේක.

” ශුද්ධාත්ම ගින්න කොරියාවෙහි පැතුරුණු කළ ” නම් කෘතියෙහි බොහෝ උදාහරණ දක්වයි. ආත්මික පිබිදීමක් සදහා යාච්ඤා කිරීමට මාස ගණනක්ම දිනපතා හමුවුහ. ” සිරිත් පරිදි මෙහෙය පැවැත්වෙද්දී බොහෝ අය වැලපිමටත් තමන්ගේ පව් කීමටත් පටන් ගත්හ. එවැනි අපුරු සිදුවීමක් කිසි කලක නුදුටු බව ස්වොලෝන් මහතා පැවසිය. බැතිමතුන් අතර පැතුරුණු මෙම උද්වේග රැල්ල වෙනතක යොමු කරවන අටියෙන් ඔවුහු ගීතිකාවක් ගායනා කිරීමට උත්සහ කළේය. කිහිප විටක්ම එසේ උත්සහ කලත් එය නිෂ්පල විය.

මින් අනතුරුව පි යං හි යාච්ඤා සතියක් තුල ඔවුහු විශේෂ ආශිර්වාදයක් බලාපොරොත්තු වුහ. එහෙත් ඔවුන්ගේ යාච්ඤා වලට පිළිතුරු නැති බවක් පෙනෙන්නට තිබුණි. අවසාන සැන්දැවේදී දේවස්ථානයේ මෙහෙය මෙහෙයවූ එල්ඩර් කිල් 1500 පමණ සෙනග ඉදිරියේ නැගී සිට ඔවුන් විස්මිත කරවමින් දේවාශිර්වාදය ඔවුන් වෙත නොපැමිණෙන්නේ තමාගේ පාප නිසා බව පැවසිය.

මෙය එක සිදුවීමකි . මරණාසන්නව සිටි මිතුරෙකුගේ ඉල්ලීම පරිදි ඔහුගේ වතු පිටි පාලනය කිරීමට ඔහු භාරගෙන තිබුණි. නමුත් එය ඉටු කිරීමේදී ඉතා විශාල මුදලක් ඔහු වංචාවෙන් තබා ගත්තේය. ඔහු තම පාප ගැන හෙළි කල පසු ” මම ඒ මුදල් හෙට උදයේම ඒ වැන්දබුවට දෙනවා ” යයි පැවසිය. එසැනින්ම එම බාධකය වැටුණු බව හැගුණු අතර ශුද්ධාත්මයාණෝ වැඩිය සේක.එලෙස පාප ගැන හැගීමක් සියලු දෙනා පුරා පැතිර ගියේය. ඉරිදා සවස 7 ට ඇරබුණු දේව මෙහෙය සදුදා පාන්දර 2 වන තුරුත් නිම නොවිය. මුළු කාලය තුල බොහෝ දෙනෙක් සිටගෙන වැලපෙමින් පාපොච්චාරණය කිරීමට තමාට වාරය එන තුරු මග බලාගෙන සිටියහ.

මාස ගණනක් යාච්ඤාවෙන් ගත කිරීමේ හේතුවට හොද ප්‍රතිපල ලැබුණි. මක්නිසාද සියලු දේශකයින් එක්වී වුවද අඩවසරකින් වත් ඉටු කල නොහැකි වූ කාර්යයක් ශුද්ධාත්මයාණන් දින බාගයකින් ඉටු කළේය. මාස දෙකකට අඩු කාලයක් තුල දෙදහසකට වැඩි වූ අන්‍ය භක්තික සෙනගක් ජේසු තුමන් වෙත හැරුණි. 1907 මැද භාගයේදී ජේසු තුමන් වෙත හැරුණු 30,000ක් පමණ දෙනා පිං යං දේවස්ථානයට සම්බන්ද වුහ. 1910 වන තුරුත් ආත්මික පිබිදීම නිම නොවිය. 1910 ඔක්තෝම්බරදී 4000 දෙනා එක් සතියක් තුල බෞතීස්මය ලැබුහ.

” අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. 9 එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.” ( 1 ජොහන් 1 : 8 – 9 )

” මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද? නොදැන මා කළ පව් සෝදා හළ මැනව. උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්වා. එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි. මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා! ” ( ගීතාවලිය 19 : 12 – 14 )

” දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව. මම පව් මඟ ගමන් කරම් දැ යි බැලුව මැනව.
සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව. ” ( ගීතාවලිය 139 : 23 , 24 )

පිං යං හි සිදුවූ දේම ලොව මුළුල්ලේ නැවත නැවත සිදු වෙමින් තිබේ. තමන්ගේ ආත්ම සෝදිසි කිරීමට කිතුනුවන් ශුද්ධාත්මයාණන් වහන්සේට ඉඩ දෙන්නේ නම් පිබිදීම් වළක්වාලන බාධාවන් එතුමා එළිදරව් කරන සේක. කිතුනුවන් තම පාප කියා දී දෙවියන් වහන්සේ සමග හරියාකාරව සිටිනම් ස්වකිය ගෞරවය පිණිස ඔවුන්ව යොදා ගැනීමට දෙවියන් වහන්සේට පුළුවන. එවිට පිබිද එන්නේය. යාච්ඤා වලට පිළිතුරු ලැබෙන්නේය. ආත්ම ගැලවෙන්නේය.

2 thoughts on “ශුද්ධාත්මයාණෝ හා පව් සමාව

  1. I experienced the love of the Holy Spirit while reading this, because since 2 weeks ago He has been addressing my weaknesses. Glory be to the Holy Spirit of Jesus !!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s