ශුද්ධාත්මයාණෝ සිදුවීම් හා බලවත් හැගීම් තුලින් ඔබට මග පෙන්වන සේක

14-feelingsඑක් ඇදහිලිවන්තියකට තමා යන්නට අදහසක් කල බස් රථය වැරදුනි. පැය හතරකට පසුව ඊලග බස් රථයට ගොඩ නැගුණු ඇය දෙවියන් වහන්සේව බලවත් ලෙස ඕනෑ කළ කාන්තාවක් ලග අසුන් ගත්තාය. ක්‍රිස්තුන් වහන්සේව අදහා ගැනීමට මෙම කාන්තාවට මග පෙන්වීමට ඇයට හැකි විය. ශුද්ධාත්මයාණෝ සිද්ධීන් තුලින් අපට මග පෙන්වන සේක.

සුදුසු ප්‍රස්ථාවන් නමැති දොරටු වැසි ඇති බවක් ඔබට පෙනේද ? ශුද්ධාත්මයාණෝ වඩා හොද ප්‍රස්ථාවන් ඔබට විවර කර දෙන්නට පුළුවන. තම ජිවිත ගලවා ගැනීමට ජෙරුසලමෙන් පලා ගිය මුල් ක්‍රිස්තියානින් ගැන සිතා බලන්න. ඔවුන් ගිය තැන් වල ශුභාරංචිය පතල කල නිසා බොහෝ දෙනා ගැලවීම ලැබුහ. සිරගතවීම නිසා ධර්මදුත මෙහෙයේ දීමට නොහැකි වුවත් ශු. පාවුළු තුමා ඉතා වටිනා යැවුම් පත් කිහිපයක් ලීවේය. වර්තමානයේ ඒවා ලොව පුරා ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනයට, ජේසු සමිදුන් හදුනා ගැනීමට ඉවහල් වේ.

ඔබ සිටින වට පිටාව දුෂිතද ? ඒ ගැන යමක් කරනු පිණිස සමහර විට දෙවියන් වහන්සේ ඔබව එහි තැබුවා විය හැකිය. ඔබට කල හැක්කේ කුමක්දැයි බලන පිණිස උපකාර කරන ලෙස ශුද්ධාත්මයාණන්ගෙන් ඉල්ලන්න. විමසිල්ලෙන් සිටි තත්වයන් යහපත් කරන ලෙස කටයුතු කරන්න. ඔබ දෙවියන් වහන්සේගේ පහනක්ය. අදුර ගැන චෝදනා නොකොට ඔබ සිටින තැනම බැබලෙන්න.

ඔබ ගත යුතු තීරණ වලදී උපකාර කරන පිණිස ඔබ එතුමා කෙරෙහි විශ්වාසය තබන විට ශුද්ධාත්මයාණෝ නොයෙක් වර හැගීම් තුලින් ඔබට මග පෙන්වන සේක. යමක් කිරීමට සිත් යොමු කරන කල ඒ ගැන සිතේ ගැබුරු සමාදානයක් ඇති වන්නේය. නමුත් ඒ ගැන කළ හැකි වෙනත් දෙයක් ගැන සිතන විට නොසන්සුන්තාවයක් සිතේ ඇති වන්නේය.

ක්‍රිස්තියානි වෙළද ව්‍යාපාරිකයෙක් එක්තරා ගුවන් යානයක ආසනයක් වෙන් කරගෙන තුබුණු නමුත් ඒ ගැන ඔහු තුල නොසන්සුන්තාවයක් ඇති විය. ඔහු ඒ ගැන සිතත්ම නොසන්සුන්කම වැඩි විය. අවසානයේ ඔහු ආසන වෙන් කිරීම වෙනත් ගුවන් යානයකට මාරු කරගත්තේය. ඔහු යාමට අදහස් කරගෙන සිටි පළමු යානය අනතුරකින් විනාශ විය. ශුද්ධාත්මයාණෝ ඔහුගේ ජීවිතය ගැලවූ සේක.

” මිනිසා සැලැස්ම සාදයි, සමිඳාණෝ ඔහුගේ ගමන හසුරුවන සේක. ” ( හිතෝපදේශ 16 : 9 )

දිනක් කෙනෙකු තවත් අයෙකු හමු වීමට ඉක්මනින් යද්දී ” නැවතී අර නිවසේ දොරට තට්ටු කරන්න ” යන හැගීමක් ඇති විය. ඔහු එම අදහස නොසලකා යන්නට උත්සහ කලද එය දැඩි ලෙස ඉස්මතු විය. පසුව ඔහු හැරී එම නිවසට ගිය අතර ඔහුගේ උපකාරය අවශ්‍යව කලකිරුණු තත්වයකින් සිටි කිතුනුවෙකු ඔහුට මුණ ගැසුනේය.

සිය මිතුරෙකු දකින්නට යා යුතුයි හදිසි හැගීමක් කිතුනුවෙකුට ඇති විය. ඔහු එහි යන විට මිතුරා සිය දිවි හානි කර ගන්නට සැරසෙන බව ඔහු දුටුවේය. මිතුරාව ජේසුස් වහන්සේ වෙතට මග පෙන්වීමටත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමටත් එම කිතුනුවාට හැකි විය.

ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පුරවනු ලැබ එතුමාගේ මග පෙන්වීම අනුගමනය කරන්නට ඉගෙන ගන්නේ නම් මහත් ඵලදායි වුත්, ප්‍රශංසනීය වුත් ජිවිතයක් කරා එතුමා ඔබට මග පෙන්වයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s