ශුද්ධාත්මයාණෝ දේව වචනයෙන් ඔබට මඟ පෙන්වන සේක

17-bible
බයිබලයෙන් ඔබට මඟ පෙන්වීමට ශුද්ධාත්මයාණන්ට ඉඩ හැරිය යුතුව ඇති බව හඳුනා ගැනීම

ස්වර්ගය තෙක් ඔබට මඟ පෙන්වීමට ශුද්ධාත්මයාණෝ යොදා ගන්නා මාර්ග සිතියම නම් ශුද්ධ බයිබලයයි. දේව වචනයේ එන ඉගැන්වීම් ඔබගේ දිනපතා ජීවිත අවස්ථාවලට අදාල කර ගැනීමට එතුමා උපකාර කරන සේක. එබැවින් දිනපතා ශුද්ධ බයිබලය කියවීම ඔබට ඉතා වැදගත් වෙයි.

එසේ ඔබ කියවන කල සමහර විට කිසියම් පදයක් තුලින් ශුද්ධාත්මයාණෝ ඔබට කතා කරනු ඇත. “මට ගැටළුවක් තිබුනා. මා කල යුත්තේ කුමක්දැයි මා දැන සිටියේ නැහැ. පසුව මා ශුද්ධ ලියවිල්ල කියවද්දී එක් පාටයක් පිටුවෙන් නැගී සිටි බවක් මට පෙනුනා. හරියටම ඒ මට උවමනා කල දෙයමයි. මගේ ගැටළුව විසදුනා” යනුවෙන් කිතු බැතිමතුන් නොයෙක් වර සාක්ෂි දරති.

ඔබ කටපාඩම් කරන ශුද්ධ ලියවිලි පදයන් ඔබට මඟ පෙන්වීමට ශුද්ධාත්මයාණන්ට පහසු කරවයි. ඒවා උවමනා කරන අවස්ථා වලදී එතුමා එම පද ඔබේ සිහියට නංවයි. ඔබ විසින් නොකළ යුතු දෙයක් ගැන පරීක්ෂාවක් පැමිණි කල අවස්ථාවට උචිත පදය රතු එළියක් මෙන් මතකය හරහා විහිදී අනතුරු හගවයි. “දෙවියන් වහන්ස ඔබ මා දකින සේක” (උත්පත්ති 16: 13) යන වචන ශුද්ධාත්මයාණෝ බොහෝ කිතුනුවනට පරීක්ෂාවෙන් ඉවතට හැරීම සදහා නිසි වේලාවෙහිදී සිහි ගන්වා ඇත.

ගීතාවලිය 119: 9 “තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවතීමෙනි”.

මෙය දෙව් මැදුරක දේශනයකින් හෝ ඉගැන්වීමකින්, ගුවන් විදුලියෙන්, බයිබල් සමාජ වලදී, සුභාරංචි පත්‍රිකා හෝ මෙවැනි පාඩම් මාලා වලින් විය හැක. මුළු සත්‍ය කරා ඔබට මඟ පෙන්වීමට එතුමා තෝරාගත් මාර්ග මේවාය. ශු. ජොහාන් 16: 13 සිහි කරන්න.

” එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. ”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s