ශුද්ධාත්මයාණෝ දර්ශන හා සිහින මගින් ඔබට මග පෙන්වයි

15-dreamදෙවියන් වහන්සේ දර්ශන හා සිහින මගින් මිනිසුන්ට කතා කල ආකාරය ඔබ ශු. බයිබලයෙන් කියවා ඇත. ආත්මයාණෝ මේ ආකාරයෙන් තවමත් මිනිසුන්ට කතා කරන සේක. ජෝවෙල් අනාගතවක්තෘ අනාවැකි කි ලෙස අද ද සිදුවේ.

” දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි.එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති; ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති.” ( ක්‍රියා 2 : 17 )

පීකිං නගරයේ අපුර්ව ශුද්ධාත්ම වැගිරීමක් ගැන බි. ටී. බාර්ඩ් 1940 දී මෙසේ ලීවේය.

පාපොච්චාරණය කිරීමද , වරද හෙළි කිරීමද, අන්‍ය භාෂාවන්ගෙන් පණිවුඩ හා ඒවා තේරුම් කරදීමද අනාවැකි කිමද, ආත්මික සිහින, ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍යමය දර්ශන හා ශුද්ධ දේශය දැකීමද, දිව්‍යමය සුවකිරිම්ද , ඒ සියල්ලටම වඩා ආත්මික වූ යාච්ඤා හා නමස්කාරයද එහි සිදුවිය.

කාවෝ චු ජු සැබවින්ම ඇගේ හදපත්ලෙන්ම දේවාභිමුඛය අපේක්ෂා කලත් තමාම කැපී පෙනෙන ලෙස ඉදිරිපත් වන්නට හෝ කිසිවෙකු තමා කෙරෙහි අත තබනවාට බිය වුහ. හදිසියේම ඇය දර්ශනයකින් ජේසුස් වහන්සේව දුටුවාය. එතුමා ඇණ කැළැල් ඇති තමාගේ අත් දයාන්විතව ඇය මත තැබූ සේක. ආත්මයාණන්ගේ බලය යටතේ ඇය බිම වැටී ඒ වහාම ප්‍රීතියෙන් ප්‍රමුදිතව අන්‍ය භාෂා වලින් කතා කරන්නට වුවාය.

දේව දර්ශන ඉතා පැහැදිලි වන අතර එය තදින් සිත් තුලට කා වැදී, පාපය අත් හරින ලෙසත්, ජේසු තුමන්ව තම ගැලවුම්කරුවාණන් ලෙස පිළිගන්න ලෙසත් බොහෝ දෙනෙකුට සිහින මගින් අවවාද ලැබී ඇත. ඔබටත් සිහින මගින් ආශිර්වාද , උපකාර හා දිරි ගැන්වීම් ලබන්නට පුළුවන. නැතහොත් තව කෙනෙක් ගැන යාච්ඤා කිරීමට හෝ අනතුරක් ගැන අවවාද දීමක් කිරීමට ශුද්ධාත්මයාණෝ ඔබව මෙහෙය විය හැකිය.

බොහෝ සිහින දෙවියන් වහන්සේගේ එළිදරව් කිරීම් නොවේ. ඔබ නිදන විට ඔබ යටි සිත ක්‍රියා කරමින් ඔබගේ සිතුවිලි සිහින බවට පත් කරවයි. කෙසේ නමුත් මෙම සිහින පවා ඔබගේ යහපත් වෙනුවෙන් යොදා ගැනීමට ඔබට පුළුවන. සිහින මගින් දකින්නවුන් උදෙසා යාච්ඤා කිරීමට ඒ සිහින මතක් කරදීමක් වශයෙන් යොදා ගන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s