ශුද්ධාත්මයාණෝ ඔබ තුලින් යාච්ඤා කරන සේක

19-prayඔබ ශුද්ධාත්මයාණන්ට ආරාධනා කල හොත් හෝ ඔබ ශුද්ධාත්මයාණන් තුල ජීවත් වන්නේ නම් ශුද්ධාත්මයාණෝ ඔබ තුලින් යාච්ඤා කරන සේක. එය ඔබ දන්නා අවශ්‍යතාවයක් ගැන විය හැක. නැතහොත් ශුද්ධාත්මයාණන්ගේ මෙහෙය වීමෙන් ඔබගේ කල්පනාවට හා හැගීමට පැමිණෙන අවශ්‍යතාවයක් ගැන විය හැක. ඔබගේ හද පත්ලෙන් නැගෙන බලවත් ඕනෑකමින් යාච්ඤාව වැගිරෙයි. ශුද්ධාත්මයාණෝ දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබගේ හෝ අන්‍යන්ගේ අවශ්‍යතා ගැන යාච්ඤා කරන සේක.

ඔබ යාච්ඤා කරන අතර මේ මහත්වූ අවශ්‍යතාවයන්ගේ බර ඔබගේම එකක් සේ හැගේ. කාරණය ඔබට නොවැටුහුනද හැගීම්බරව වැලපෙමින් ආත්මයාණෝ ඔබ තුලින් යාච්ඤා කල හැකිය.

” ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. ” ( හෙබ්‍රෙව් 5 : 7 )

” එලෙස ම ශුද්ධාත්මයාණන් වහන්සේත් අපගේ දුර්වලකමේ දී අපට ආධාර දෙන සේක. නිසි ලෙස යාච්ඤා කළ යුත්තේ කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ශුද්ධාත්මයාණන් වහන්සේ ම වචනවලින් කිය නොහැකි සුසුම්ලෑම්වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයැදින සේක. අප සිත්සතන්හි ඇති සියල්ල විමසා බලන දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ අයැදුම් දන්නා සේක. මන්ද, ශුද්ධාත්මයාණන්, සැදැහැවතුන් උදෙසා කරන අයැදුම් දේව අදහසට එකඟ වන බැවිනි. ” ( රෝම 8 : 26 – 27 )

සමහර අවස්ථාවලදී ඔබට නොවැටහෙන නමුත් පියාණන් වහන්සේත් තමන් වහන්සේත් දන්නා භාෂාවකින් ඔබ ලවා යාච්ඤා කරන්නට ශුද්ධාත්මයාණන්ට ඕනෑ විය හැකිය. මෙම යාච්ඤා පිළිවෙල ” අන්‍ය භාෂා කතා කිරීම ” ලෙස පාවුළු තුමා හදුන්වයි.

ගැටළු, ඔබ දැනගත යුතු නැති විස්තර ගැන ආත්මයාණෝ ඔබ තුලින් යාච්ඤා කරන සේක. ඔබගේ යාච්ඤා වලට බාධා විය හැකි යක්ෂ බලයන්ට එරෙහි අධිකාරිත්වය එතුමා දරයි. යාච්ඤාවට පිළිතුරු වශයෙන් එතුමා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ජයග්‍රහණය ගැන කන්නලව් කරන සේක. ඔබට කිසිසේත් විස්තර කිරීමට නොහැකි ප්‍රේමය එතුමා ස්වර්ගීය භාෂාවෙන් ප්‍රකාශ කරන සේක. එසේම ඔබට විස්තර කල නොහැකි ඔබගේ ආත්මය බර කරන අවශ්‍යතාවයන් හා ඔබගේ සිත් පිරෙන ප්‍රශංසාවන් එතුමා ඒ දිව්‍යමය භාෂාවෙන් ප්‍රකාශ කරන සේක.

අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීමට ආත්මයාණන් වහන්සේට ඉඩදීමේ වැදගත්කම ගැනත් තමන්ගේ දැනගැන්මෙන් යුතුව යාච්ඤා කිරීමේ වගකීම පහර නොහැරිය යුතු බවත් ගැන පාවුළු තුමා කොරෙන්තියේ සභාවට ඉගැන්විය. දෙවිධියේම යාච්ඤා අවශ්‍යය.

” අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක. මා අන් භාෂාවකින් යාච්ඤා කරන විට මාගේ ආධ්‍යාත්මය යාච්ඤා කරන නමුත් මාගේ සිහිකල්පනාව ක්‍රියා විරහිත ය. එසේ නම් කුමක් කරම් ද? මම ආධ්‍යාත්මයෙන් යාච්ඤා කරමි; සිහිකල්පනාවෙන් ද යාච්ඤා කරමි; ආධ්‍යාත්මයෙන් තුති ගී ගයමි, සිහිකල්පනාවෙන් ද තුති ගී ගයමි. ” ( 1 කොරෙන්ති 14 : 2 , 14 – 15 )

” එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය; ” ( ජාකොබ් 5 : 16 )

යාච්ඤාවේදී ඔබට මග පෙන්වන්නටත්, යාච්ඤා කරන්නට උගන්වනන්ටත්, ඔබ ලවා යාච්ඤා කරවන්නටත් ශුද්ධාත්මයාණන්ට ඉඩ දෙන්න. මෙම සේවය ඔබ පිළිගන්නා විට ඔබගේ යාච්ඤාවට ඉතා පුදුම සහගත පිළිතුරු ලැබෙනු ඇත.

One thought on “ශුද්ධාත්මයාණෝ ඔබ තුලින් යාච්ඤා කරන සේක

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s