ශුද්ධාත්මයාණෝ ඔබව පුර්ණ කරන සේක

7-full
ශුද්ධාත්ම දීමනාව ලබන්නට සුදානම් වන්නේ කවදාද ? ” ගැබුරු දිවියකට යතුරු ” නම් පොතේ කතෘ වන ඒ. ඩබ්ලිව්. ටෝසර් මිට පිළිතුරු සපයයි.

පළමුව ඔහු මෙසේ පවසයි. ” ශුද්ධාත්මයෙන් පිරීමේ අත්දැකීම සැබවින්ම ලැබිය හැකි බවට ” අපට සහතිකයක් තිබිය යුතුය. එය දෙවියන් වහන්සේගේ අසාමාන්‍ය දෙයක් නොවන බව අපට වැටහිය යුතුය. එය දෙවියන් වහන්සේගේ නිසියාකාර ක්‍රියා කිරීමක් බව අපි දැකිය යුතු වෙමු. එමෙන්ම ක්‍රිස්තුන් වහන්සේ අපව ගලවා ගැනීමට කළ ක්‍රියාවෙන් පැමිණෙන දීමනාවක් බවද අප තේරුම් ගත යුතු වෙමු. ශුද්ධාත්මයෙන් පිරිම සම්බන්ධව අපි ශු. බයිබලයෙන් කියවා අධ්‍යයනය කරන්නේ නම් අපගේ වටහා ගැනීම තවත් වැඩි දියුණු වෙනවා ඇත. ”

දෙවනුව ටෝසර් පවසන්නේ ” අප ශුද්ධාත්මයෙන් පිරීමට ආසා විය යුතු බවයි ” දෙවියන් වහන්සේගේ ආත්මයාණන්ට ඔබේ ජිවිතයේ ස්වාමින් වහන්සේ වීමට ඉඩ දීමට ඔබ සැබවින්ම කැමතිද ? ඔබේ අහංකාරය , පාරට්ටු කර ගැනීම , ආත්මාර්ථය අත්හැරීමට ඔබ කැමතිද ? දේව වචනයට කීකරු වීමට ඔබ කැමතිද ? ඔබව සෝදිසි කර ගැනීමටත් , විනයානුකුල කරනු ලැබීමටත් ඔබ කැමතිද ?

ඉහත ප්‍රශ්න වලට උනන්දුවෙන් ” ඔව් ” යැයි පිළිතුරු දීමට ඔබට නොහැකි නම් ඔබගේ ආකල්ප පරික්ෂා කර බලන්න. ඔබට අවශ්‍ය කරනුයේ හුදෙක් බලය , හෝ ජය ලැබීම පමණක් විය හැකිය. නැතහොත් තමන් සියල්ල දන්නවායැයි හිස උදුම්මා ගෙන සිටීම විය හැක. නමුත් ඔබට ” ඔව් ” කියා පිළිතුරු දිය හැකි නම්, ශුද්ධාත්මයෙන් පුර්ණ වීමට ඔබ සුදානම්ය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s