ශුද්ධාත්මයාණෝ ඔබට යාච්ඤා කිරීමට උගන්වන සේක

24-prayශුද්ධාත්මයාණෝ ඔබට යාච්ඤා කිරීමට උගන්වන සේක

දිනපතා යාච්ඤාව ඔබට කෙබන්දක්ද ? එය රාජකාරියක්ද ? නැතහොත් දෙවියන් වහන්සේ සමග කරන සාකච්ඡාවක් ද ? යාච්ඤාවේදී දෙවියන් වහන්සේ ලංව සිටින බවක් ඔබට දැනේද ? ඔබගේ යාච්ඤා වලට පිළිතුරු ලැබේද ? යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ සමග කටයුතු කර මවිත කරන ප්‍රථිපල දකින්නට ඔබ කැමතිද ? යාච්ඤා කරන්නේ කෙසේදැයි අති විශේෂ ලෙස උගන්වන ශුද්ධාත්මයාණෝ නම් මිතුරෙක් ඔබට සිටි.

ආත්මයාණෝ දෙවියන් වහන්සේව එළිදරව් කරන්නේ කෙසේදැයි ඔබ හදාරා තිබේ. දෙවියන් වහන්සේ ඔබට කොතරම් ප්‍රේම කරනවාදැයි එතුමා ඔබට පෙන්වා දෙන කල, දෙවියන් වහන්සේට වඩාත් ප්‍රේම කරමින් එතුමා සමග වැඩ සිටින කාලයක් යාච්ඤාවෙන් ගත කරන්න ඔබට උවමනා වෙනු ඇත. දෙවියන් වහන්සේ ඔබ ගැන සලකන බව දන්නා නිසා ඔබගේ උවමනාකම් වලදී එතුමාගෙන් ඉල්ලීමේ නිසැකකම ඔබට තිබේ.

ඉල්ලීමට ඇදහිල්ලත් , දෙවියන් වහන්සේ සවන් දී පිළිතුරු දෙන බවට සහතිකයත් ආත්මයාණෝ ඔබට දෙන සේක. ඔබට යාච්ඤා කිරීම ඉගැන්වීමට එතුමා දේව වචනය යොදා ගනී. යාච්ඤා කරන්නේ කුමක් සදහාද , යාච්ඤා කරන්නේ කෙසේද , කුමක් බලාපොරොත්තුවෙන්ද යන දෑ ශුද්ධ ලියවිල්ල ඔබට පවසයි. ආත්මයාණෝ ඔබට දේව පොරොන්දු සැබෑවක් බවට පත් කරන අතර ඒවා ලබා ගැනීමට ඔබට පිහිට වන සේක.

යාච්ඤා යනු දෙවියන් වහන්සේ සමග කතා කිරීමයි. එය වචනයෙන් හෝ දෙවියන් වහන්සේ වෙතට නැබුරුවූ නිශ්ශබ්ද සිතුවිල්ලක් හෝ විය හැකිය. එය දෙයාකාර සාකච්ඡාවක් විය යුතුය. එසේම ඔබ කාරණා තුනක් කල යුතුය.

1. දෙවියන් වහන්සේට නමස්කාර කිරීම
2. ඔබගේ වරද පිළිගෙන පසුතැවිලි වීම
3. ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට පාලනයට භාර දීම

යාච්ඤාව ඔබගේ කිතුනු දිවිය හා දේව සේවය ඉදිරියට ගෙන යාමට උපකාර වන රෝදයක් යැයි සිතන්න. රෝදයක එක අංශයක් අඩු වුවහොත් එයට වැඩි දුර ගමන් කල නොහැක.

එසේ නොවේද ? ඔබගේ යාච්ඤාවල සෑම අංශයකින්ම ඔබට උපකාර කිරීමට ශුද්ධාත්මයාණන්ට උවමනා කරයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s