ශුද්ධාත්මයාණෝ ඔබට උපකාර කරයි

34-help

ජේසුස් වහන්සේ මේ ලෝකයෙන් සමුගෙන යන විට පොරොන්දු වූ ලෙසම සැනසිලිදායකයාණන් වහන්සේ එවා වදාල සේක. ජේසුස් වහස්නේ භාවිතා කල පැරක්ලීට් ( Paraclete ) යන ග්‍රීක් වචනය සැනසිලිකරු යනුවෙන් පරිවර්තනය කෙරේ. එහි අර්ථය ” එක්ව සිට උපකාර කරන්නා ” යනුයි. මෙම සැනසිලිදායකයාණන් හදුන්වන පහත දැක්වෙන නම් වලින් එතුමාගේ බලය හා වගකීම්ද එතුමා ඔබට උපකාර කරන ආකාරය පිළිබදවද දැක්වේ. ශුද්ධාත්මයාණෝ , ජීවනයේ ආත්මයාණෝ , සත්‍යතාවයේ ආත්මයාණෝ , ප්‍රඥාවේ ආත්මයාණෝ , ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණෝ , දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ යන නාමයන්ගෙන් එතුමා හැදින්වේ. ඔබගේ ගැටලුව කුමක් වුවත් ඔබගේ සැනසිලිදායකයානන් වහන්සේ තුල විසදුම තිබේ.

ජීවනයේ ආත්මයාණෝ

ඔබගේ සිරුරට සුවය අවශ්‍යද ? ලොව විවිධ පෙදෙස්හි වෙසෙන රෝගීහු යාච්ඤා වලට පිළිතුරු වශයෙන් පුදුම සහගත සුවය ලබති. බිහිරි අයට ඇසෙති , අන්ධ අය පෙනීම ලබති , කොර අය සිය අත්වාරුව ඉවත ලා ඇවිදිති. ජිවත්වන සියල්ලන්ට ජීවනය දෙන්නේ ජීවනයේ ආත්මයාණෝය. එතුමා ජේසු තුමන් මගින් රෝගීන් සුව කිරීමට ක්‍රියා කලා සේම තවමත් එලෙසම ක්‍රියා කරන සේක.

ජීවනයේ ආත්මයාණෝ ඔබගේ ශරීරයට හා ආත්මයට ජීවනය හා සුවය දෙන අයුරුත්, මෙලොවේදී ප්‍රීතිමත් , තෘප්තිමත් ජීවිතයක්ද මතු ලොවෙහිදී මහිමවත් සදාතන ජිවිතයක් ලබා දෙයි. නමුත් ඔබ ජීවනයේ ආත්මයාණෝ දෙන ජීවනය භුක්ති විදීමට එතුමාට ඉඩදිය යුතුය.

” මාංසික ලෙස ජීවත් වන්නෝ මාංසික දේවලට ද ආත්මයාණන් අනුව ජීවත් වන්නෝ ආධ්‍යාත්මික දේවලට ද මුළු සිතින් ප්‍රිය කරති. 6 මාංසික චේතනාවේ විපාකය මරණය වේ; ආධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ ” – රෝම 8 : 5

One thought on “ශුද්ධාත්මයාණෝ ඔබට උපකාර කරයි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s