ශුද්ධාත්මයාණෝ ඔබගේ ජීවිතය ප්‍රේමයෙන් පුරවනු ඇත

29-love

අද අප ලොවට බෙහෙවින්ම උවමනා වන්නේ දෙවියන් වහන්සේට පමණක් දිය හැකිව ඇති ආත්මාර්ථයෙන් තොර ප්‍රේමයයි. එවැනි ප්‍රේමයකින් ඔබව පිරවීමට ඔබ ශුද්ධාත්මයාණන්ට ඉඩ දෙන්නේ නම් එම අවශ්‍යතාවය සපුරාලීමට උන්වහන්සේට පුළුවන.

පැරණ ගිවිසුම කාලයේදී දෙවියන්වහන්සේ අනාගතවක්තෘන් හා කතාකර ස්වකිය ප්‍රේමය ඔවුන්ට පෙන්වූ සේක. ඔවුන් එතුමාගේ ප්‍රේමය ගැන සෙනගට පැවසුහ. නමුත් බොහෝ දෙනෙක් එතෙක්සිතා සිටියේ දෙවියන්වහන්සේ තමන්ගේ පාප වලට දඩුවම් දීමට පමණක් සිටින තද ගති ඇති විනිශ්චයකරුවෙකු ලෙසය. එතුමාට අවශ්‍ය වුයේ ඔවුන්ගේ පාපයෙන් ඔවුන්ව ගළවා ඔවුන්ගේ පියාණන් වීමට බව ඔවුහු වටහා නොගත්හ.

අවසානයේදී මිනිසුන් අතර ජීවත්වී දේව ස්වභාවයේ නියම ස්වරුපය ඔවුන්ට පෙන්වීමට දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව එවූ සේක. මිනිස් සංහතිය වෙත දෙවියන්වහන්සේගේ මවිත ප්‍රේමය ගැන ජේසුතුමාගේ ඉගැන්වීම් වලින් දැනගත හැකිය. මේ ප්‍රේමයේ ක්‍රියාකාරී ස්වභාවය ජේසුතුමාගේ ජිවිතයෙන් පෙන්නුම් කෙරේ. ඔබ උදෙසා එතුමාගේ මරණයෙන් හා නැවත නැගිටීමෙන් දේව ප්‍රේමය පිළිබද සහතිකය දැක ගත හැක.

නමුත් වසර 2000ට පෙර සිදු වූ දේවල් බොහෝ දුරස්ථ බවක් අපට හැගේ. අපගේ වත්මන් ගැටළු වන සාගින්න, සැහැසිකම, අපරාධ හා යුද්ධ දකින විට සැබවින්ම දෙවියන්වහන්සේ සලකන සේක්දැයි අපි කල්පනා කරමු. පුද්ගලිකවම එතුමා හමුවී එතුමා අපට ස්ථිරවම ප්‍රේම කරන බව අපට දැන ගැනීමට අවශ්‍යය.

එබැවින් ඔබට පුද්ගලිකව දෙවියන්වහන්සේව මුණ ගස්වන පිණිස ශුද්ධාත්මයාණෝ පැමිණ සිටි, පියාණන්ගේ ප්‍රේමය හෙළි කිරීමට ජේසුතුමා පැමිණි ලෙසම පියාණන්ගේත් පුත්‍රයනාන්ගේත් ප්‍රේමය හෙළි කිරීමට ශුද්ධාත්මයාණෝ පැමිණ සිටි. විස්තර කල නොහැකි තරම් වූ ප්‍රේමයක් එතුමා ඔබගේ ජීවිතය තුලට වගුරුවනු ඇත. එතුමා එය අරබනුයේ ඔබ ගැලවීම ලැබූ විටය. ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බෞතීස්මය ලැබූ විට දේව ප්‍රේමය ඔබ තුල බවත් පුළුල්ව දැක්විය හැකි බව ඔබට දැනේ. නැවත නැවතත් ශුද්ධාත්මයෙන් පිරෙන විට ඔබගේ ජිවිතයේ සියලු දවස්වල නොකඩවාම දේව ප්‍රේමයෙන් පිරි ඉතිරි සිටින්නට ඔබට පුළුවන.

රෝම 5: 5 “…..මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක.

ඔබගේ ජිවිතයේ පිරෙන පස් වැදෑරුම් ප්‍රේමය,

1. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රේමය,
2. දෙවියන්වහන්සේට ඔබගේ ප්‍රේමය,
3. ඔබට සෙසු කිතුනුවන්ගේ ප්‍රේමය,
4. සෙසු කිතුනුවන්ට ඔබගේ ප්‍රේමය,
5. අන් සැමට ඔබගේ ප්‍රේමය.

ශුද්ධාත්මයන්ගෙන් පුර්ණ වූ අය සිය අත්දැකීම් මෙලෙස විස්තර කරති.

“එය ප්‍රේමයේ බෞතීස්මයකි. මට සැනකින් දෙවියන් වහන්සේ හා එතුමාගේ වචනය කෙරෙහි මහත් ප්‍රේමයක් හැගුණි.”
“මාගේ පවුලේ අය, මිතුරන්, සෙසු කිතුනුවන් හා මගේ සතුරන්ව සිටි අය කෙරෙහි පවා අලුත් ප්‍රේමයක් ශුද්ධාත්මයාණෝ මට දුන් සේක.”
“ශුද්ධාත්මයාණෝ මට කල්වාරිය යථාවබෝධ කල සේක. දෙවි සමිදුන් වෙත වූ බැති ස්තුතියකින් මසිත පිරි ගියේය.”
“ගැලවීම නොලත් ආත්ම කෙරෙහි වූ දේව ප්‍රේමයෙන් මසිත පිරෙද්දී මගේ ගත ඉකිගසිමකින් සැලිනි. එවිට ඔවුන්ගේ ගැලවීම උදෙසා ශුද්ධාත්මයාණෝ මා තුලින් යාච්ඤා කල සේක.”

වත්මන් අත්දැකීම් මුල් යුගයේ කිතුනු අත්දැකීම් වල ස්වභාවය ගනී. “ඔවුහු එකිනෙකාට කෙතරම් ප්‍රේම වූවෝද?” ඔබ කොහේ ගියත් ස්වාමින් වහන්සේ තුල ආත්මයණන්ගෙන් පිරුණු සොයුරු සොයුරියන්ගේ ප්‍රේමය අගේ කරනු ඇත. ශුද්ධාත්මයන් හට ඔබව ප්‍රේමයෙන් පුරවන්නට ඉඩ දෙන්නේ නම් ඔබ සිහින මැවූවට වඩා ප්‍රීතිමත් ජීවිතයකට ඇතුළු වීමට ඔබට පුළුවන.

One thought on “ශුද්ධාත්මයාණෝ ඔබගේ ජීවිතය ප්‍රේමයෙන් පුරවනු ඇත

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s