ශුද්ධාත්මයාණන් තුල අපගේ ඉල්ලීම්

21-requestඔබගේ යාච්ඤා තුලින් ක්‍රියා කිරීම දේව අභිප්‍රායයි. යම් අවශ්‍යතාවයක් ඇති වූ විට යාච්ඤා කරන ලෙස එතුමා තම දරුවන්ට කියන සේක. එවිට යාච්ඤා වලට පිළිතුරු වශයෙන් එතුමා අවශ්‍යතාවය සපුරන සේක. එතුමා ආත්ම ගලවන්නෙත්, රෝග සුව කරන්නෙත් , පිබිදීම් එවන්නෙත් , ගැටළු විසදන්නෙත් , අවශ්‍යතා සපුරන්නෙත් එලෙසය. ඔබගේ සභාව, ඔබගේ රට සහ ලෝකය උදෙසාත් යාච්ඤා කිරීමේ වගකීම දෙවියන් වහන්සේ ඔබට දී තිබේ. ඔබ යාච්ඤා කරන ආකාරය ලොව මුළුල්ලෙහි දේව සේවයට බලපානු ඇත.

යම්කිසි පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය ගැන නොදන්වා ඔහු ගැන යාච්ඤා කිරීමට ශුද්ධාත්මයාණෝ ඔබව පෙලබිය හැකිය. එම පුද්ගලයා මරණාසන්නව සිටිනවා විය හැකිය. නැතහොත් මහත් අනතුරක් මැද හෝ දරුණු පරීක්ෂාවක් හමුවේ හෝ දේව සේවය පිණිස දිව්‍යමය බලය අවශ්‍යව හෝ සිටිනවා විය හැකිය. ඔබගේ යාච්ඤා ඔහුට උපකාරී වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු වෙරල පෙදෙසේ විසි කිතුනුවෙකුගේ අත්දැකීමකි මෙය. ” මම අද කදිම ලෙස අත්දැකීමක් ලැබුවා. අප්‍රිකාව වෙසෙන අල්වා වෝකර් උදෙසා යාච්ඤා කරන ලෙස ශුද්ධාත්මයාණන් මට පැවසුවා. එතුමා යාච්ඤා පිළිගත් බව සහතික වන තුරුම මම යාච්ඤා කළා. ” ඈත එපිටක විසු දේව සේවකයෙකු වූ අල්වා වෝකර් තද බල උණ රෝගයෙන් මරණාසන්නව සිටියේය. නාදුනන නමුත් කිතු සමිදුන් තුල ඔහුගේ සහෝදරයා යාච්ඤා කල විට ඔහු නින්දට පත් වී සුවය ලබා අවදි විය. වෙනත් කෙනෙකු ශුද්ධාත්මයාණන්ට කීකරුව යාච්ඤා කල නිසා ඔහුගේ ජීවිතය බේරුනේය.

” සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න. ” සුබ අස්නේ අබිරහස ප්‍රකාශ කරන පිණිස, කතා කරන කොයි විටත්, නිර්භය ව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාච්ඤා කරන්න. සිරගත ව සිටින මම, ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීත ව කතා කිරීමට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.” ( එපිස 6 : 18 – 20 )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s