ශුද්ධාත්මයාණන් අදහාගැනීමෙන් පසු අත්දැකීම

10-after-holy-spiritශුද්ධාත්ම බෞතීස්මය ලැබීම සදහා සාමාන්‍ය පිළිවෙල හඳුනා ගැනීම

ජේසුතුමා කෙරෙහි අදහාගැනීමෙන් පසු සෑම ඇදහිලීවන්තයෙකුම ශුද්ධාත්මයෙන් පුර්ණ වීම අපොස්තුළුවරු අපේක්ෂා කළහ. ශු.පේදුරු තුමා එය පැහැදිලි කළේය.

ක්‍රියා 2: 38, 39 “පේදුරු තුමා පිළිතුරු දෙමින්, ”ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය. මන්ද, ඒ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, දුර බැහැර වෙසෙන අන් අයටත්, සැබැවින් ම, අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් ය”යි කී ය.

අලුතින් ගැළවීමට පැමිණි අය අදහා ගත් විගස ශුද්ධාත්ම බෞතීස්මය නොලැබුවේ නම්, ඔවුන්ටත් එම දීමනාව ලැබෙන පිණිස යාච්ඤා කරන්නට කෙනෙක් ඔවුන් වෙත ගියහ.

ක්‍රියා 8: 14 – 17 “සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ. ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ. මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. ප්‍රේරිතවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි.

සාවුල් අදහා ගත් පසු ඔහුට යාච්ඤා කරන පිණිස ස්වාමින් වහන්සේ අනනියස්ව යැවූ සේක.

ක්‍රියා 9: 17 “අනනියස්….ඔහු පිට අත් තබා, ”සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ….. මා එවූ සේකැ”යි කී ය.

කොරනේලියස් සහ ඔහුගේ පවුල ශුභාරංචිය අසා, විශ්වාස කර., සැබැව පිලිගත්විට ඔවුන් ගලවනු ලැබුහ. පේදුරු තුමාගේ දේශනාව අවසන් වීමටත් පෙර ඔවුන් ශුද්ධාත්මයෙන් පුරවනු ලැබුහ. එපිසයෙහි ඇදහිලිවතුන්ගේ අත්දැකීම මිට වෙනස් විය. වත්මන් බොහෝ කිතුණුවන් මෙන් ඔවුන්ද දෙවියන්වහන්සේගේ උවමනාව ඔවුන්වද ශුද්ධාත්මයෙන් පුර්ණ කිරීම බව ඔවුහු අසා හෝ නොතිබුණි. පාවුළු තුමා ඔවුන්ගෙන් මෙසේ ඇසීය.

ක්‍රියා 19: 2,6 “පාවුලු ඔවුන් අමතා: ”ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, ”නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු”යි කී හ. පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක.

මුල් සභාවේ ආකාරයට විමසු කල ශුද්ධාත්මයෙන් ස්වකීය සියලු දරුවන් පිරවීමට දෙවියන්වහන්සේට අවශ්‍ය බව දැන ගත හැක. එය ලබාගන්නේ කව්රුන්ද? පොහොසතුන්, දුප්පතුන්, ස්ත්‍රීන්, පුරුෂයින් හා දරුවන්ය. නුගතුන් හා මනාව උගත් අයය. ආගමික නායකයන් හා බලවත් පව්කරුවන්ව සිටි මෑතකදී මිදීම ලැබූ පුද්ගලයින්ද ? නැත. එය සියලු දෙනාටම ලබා ගත හැක. රෝම සොල්දාදුවෙකු වූ කොරනේලියස් ගේ නිවසේදී පේදුරු තුමා මෙසේ පැවසිය.

ක්‍රියා 10: 34, 47 ” එවිට පේදුරු මෙසේ කී ය: ”දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය.”එවිට පේදුරු උත්තර දෙමින්, ”අප ලැබුවාක් මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ ඔවුන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කිරීම වැළැක්විය හැක්කේ කවරෙකුට දැ”යි කී ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s