පෙන්තකොස්ත දින පොරොන්දුව

11-pentacostalපොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලැබීමට ජේසුතුමාගේ අනුගාමිකයින් කලේ කුමක්ද? ඔවුන් 120 දෙනෙකු දස දවසක් යාච්ඤා කරමින් යමක් වේ යැයි බලාපොරොත්තුවෙන් නැවතී සිටියහ. එවිට එය සිදුවිණි! පෙන්තකොස්ත අත්දැකීම හෝ ශුද්ධාත්ම බෞතීස්මය යනුවෙන් අප හඳුන්වන දේ පෙන්තකොස්ත දිනදී ඔවුහු ලැබුහ.

මේ සියලු දෙනා…එක්සිත් ව නොකඩ ව යාච්ඤාවේ නිරත වූ හ

ක්‍රියා 2: 1 – 5,7,8,11,13 “තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ. එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය. ගිනි දලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ. එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය. ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, ”බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද? අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද? අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ”යි කී හ. එහෙත් සමහරෙක් සරදම් කරමින්, ”මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ.

මීට කලින් අපහාසයට ලක්වීමට පේදුරු බිය විය. නමුත් ඔහු ශුද්ධාත්ම බලය ලැබූ පසු කොපමණ වෙනස්ව තිබේද? ඔහු නැගී සිට බලගතු පණිවිඩයක් දේශනා කළේය. ඔවුන් දකින දේ දෙවියන් වහන්සේගේ පොරොන්දුව සම්පුර්ණ වීම බව ඔහු පහදා දුන්නේය. දෙවියන් වහන්සේ ස්වකිය ආත්මය වගුරුවා තිබේ.

ක්‍රියා 2: 14 – 17, 41 ” එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: ”ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න. තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත. මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය: ”දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි.එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති; ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති. එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ.”

එතැන් පටන් ශුද්ධාත්මයාණෝ කිතුණුවන් තුලින් ක්‍රියා කලසේකයයි ක්‍රියා පොත විස්තර කරයි. එතුමා ඔවුන්ට සාක්ෂි දරන්නටත්, ශුභාරංචිය පතුරවන්නටත් ක්‍රිස්තුස් වහන්සේට ආත්ම දිනන්නටත් උපකාර කල සේක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s