ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණෝ

30-christ-spirit

එතුමා ඔබට ජේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කරු, ස්වාමින් හා රජතුමා ලෙස පිළිගන්නට ආරාධනා කල සේක. එතුමා ඔබව කිතු තුමන්ට සම්බන්ද කර එතුමාගේ ශරීරයේ එනම් සභාවේ සාමාජිකයෙකු කල සේක. මේ සම්බන්දතාවය කෙතරම් සත්‍යද කිවොත් ජේසු තුමා තම ආත්මයාණන් මගින් ඔබ තුල වාසය කරන සේක.

” එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ සැබැවින් ම ඔබ තුළ වාසය කරන සේක් නම්, ඔබ ජීවත් වන්නේ මාංසික තෘෂ්ණාවල නොව, ආත්මයාණන් තුළ ය. යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන් නැති නම්, ඔහු උන් වහන්සේට අයිති නැත. ” – රෝම 8 : 9

පෙන්තකොස්ත දිනට කලින් ශුද්ධාත්මයාණෝ ජේසු තුමාගේ අනුගාමිකයින් සමග සිටි සේක. නමුත් එතුමන් නව ආකාරයකින් පැමිණ ඔවුන් පුරවන බවට ජේසු තුමා පොරොන්දු වූ සේක. ජේසු තුමා ඔවුන්ව ශුද්ධාත්මයාණන්ගෙන් බෞතීස්ම කල සේක. ශුද්ධාත්මයාණෝ ඔවුන්ට ජේසු තුමා ගැන වැඩිදුරටත් උගන්වා කිතු තුමන් ගැන සාක්ෂි දරන්නට බලය දුන් සේක.

එලෙසම අදත් අප තුල ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් සිටින සේක. නමුත් තමන් ගැන ඵලදායි සාක්ෂි කරුවන් වන පිණිස තම ආත්මයාණන්ගෙන් ඔවුන්ව බෞතීස්ම කිරීමට ජේසු තුමාට උවමනාය. එවිට ඔබ සමග වැඩ වසන ජේසු තුමන් ඔබ තුළ වාසය කිරීමට පැමිණෙනු ඇත.

” මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක. උන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින්, මා මහිමයට පමුණුවන සේක. – ජොහාන් 15 : 26 , 16 : 14

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s