ආත්මික නිරෝගිමක

26-life-health

ඔබ ඔබගේ ශරීරයට ආහාරද , ඇදුම්ද සපයන අතර ඔබට හැකි තරම් හොදින් ඒ ගැන සැලකිලිමත් වෙයි. ඒ මන්ද ? එය තෘප්තිමත් කිරීමට, සැප පහසුව තැබීමට , ශක්තිමත් කිරීමට හා නිරෝගිව තැබීමට ඔබට අවශ්‍ය නිසාය. ඔබට ඔබගේ ආත්මය තෘප්තිමත්ව, ප්‍රීතිමත්ව , ශක්තිමත්ව හා නිරෝගිව තැබීමට උවමනා නම් ඒ ගැනත් සැලකිලිමත් විය යුතුය.

ආශ්වාස වාතය ඔබගේ ශරීරයට යම් සේද ඔබගේ ආත්මයට යාච්ඤාවද එසේමය. යාච්ඤාවේදී ශුද්ධාත්මයාණෝ ඔබට උපකාරී වේ. දේව වචනය ඔබගේ ආත්මයට ආහාරයයි. ඔබට ශු. බයිබලය වටහා ගැනීම සදහා උපකාර කිරීමට ශුද්ධාත්මයාණෝ පැමිණි සේක. ඔබ දැනගතයුතු කරුණු ඇතුලත් ශු. බයිබලය ලිවීමට දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන් මගින් මනුෂ්‍යන්ට මග පෙන්විය.

” මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ. ” ( 2 පේදුරු 1 : 21 )

ශුද්ධාත්මයාණන් පැමිණි කල එතුමා ඔවුන්ට උගන්වන බව ජේසුස් වහන්සේ ගෝලයින්ට පැවසු සේක. පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මයාණන්ගෙන් බෞතීස්මය ලැබූ ඔවුන්ට දේව වචනය හොදින් අවබෝධ විය. මෙකලත් ශුද්ධාත්ම බෞතීස්මය ලබන බොහෝ දෙනා ඒ අත්දැකීම ලබති.

” එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ, එනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක. ” ( ජොහාන් 14 : 26 )

” ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබේ යහපත් ආත්මානුභාවය ඔබ ඔවුන්ට දුන් සේක. ” ( නෙහෙමියා 9 : 20 )

කෙවින් සහ ඩොරති රැනගන් ගේ පෙන්තකොස්ත අත්දැකීම ගැන ලියු සගරාවේ මෙවන් සාක්ෂි බොහොමයක් දැකිය හැකිය

” හදිසියේ මගේ සිත ශුද්ධ ලියවිලි දෙසට ඇදියමක් මට දැනුනි. විනිවිද පෙනෙන අයුරින් ඒවා මට පැහැදිලි විය. යාච්ඤාව සැබෑ ප්‍රීතියක් බවට පත්විය. ”

” මම මගේ නේවාසිකාගාරයට ගොස් අලුයම 3 වනතුරු ගීතාවලිය හා ක්‍රියා පොත කියවමින් සිටියෙමි. ශු. බයිබලය පසක තැබීමට මට නොහැකි විය. එය තව තවත් කියවීමට මට උවමනා විය. ”

” මගේම උත්සාහයෙන් ජිවිත කාලය මුළුල්ලේවත් ශු. ලියවිල්ල ඉගෙන ගන්නවාට වඩා වැඩියෙන් මෙම අත්දැකීමෙන් පසු ශුද්ධාත්මයාණෝ මට ඉගැන්වූ සේක. කිතු සමිදුන් මට ජීවමාන බැවින් මා දැන් දේව වචනය කියවන විට එයත් ජීවමානය. ”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s