ආත්මික ජීවිතය

27-lifeඅපට ආත්මික ජීවනය , සුවය හා වර්ධනය ලැබිය හැක්කේ කෙසේද ?

ආත්මික ජීවිතය

ඔබගේ ජිවිතයට හුදෙක් ජීවයට වඩා දෙයක් ඔබට අවශ්‍යය. ඔබගේ ආත්මයට දෙවියන් වහන්සේ සපයන සදාතන ජීවනය ඔබට අවශ්‍යය. එම ජීවනය ඔබට දීමට ජේසු තුමන් ඔබේ තැන ගෙන මරණය වින්ද සේක. එතුමා ඔබ තුල සිදු කරන වෙනස කොපමණ විශාලද කිවොත් එය නව උපතක් ලෙස ජේසු තුමා හැදින්වූ සේක.

” කයින් උපදින දේ කායික ය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය; ‘ඔබ නැවත උපදින්නට ඕනෑ ය’යි මා කීවාට පුදුම නොවන්න.” ( ජොහාන් 3 : 6 , 7 )

ශුද්ධාත්මයාණෝ ඔබව ක්‍රිස්තුස් වහන්සේ වෙතට මග පෙන්වූ සේක. ඔබ දෙවියන් වහන්සේ වෙතින් සදාකාලයට වෙන්වීමේ ඉරණමට පත් පවුකරුවෙකු බව ඔබට දැනගන්නට සලස්වන ශුද්ධාත්මයාණෝ පසුතැවිලි වීමට ඔබව සුදානම් කරන සේක. ඔබටම ගැලවී ගත නොහැකි බව එතුමා ඔබට දැනගන්නට සැලසු සේක. ජේසු තුමා මරණය වින්දේ ඔබ වෙනුවෙන් බව වටහා ගැනීමට එතුමා ඔබට උපකාර කල සේක. ඔබගේ පාපයෙන් ඉවත් වී ජේසු තුමා පිළිගන්වන පාප කමාව පිළිගැනීමට එතුමා ඔබට සැලැස්සු සේක. එතුමා කිතු සමිදුන්ව ඔබට එළිදරව්කර ඔබගේ ගැලවුම්කරු ලෙස එතුමාව පිළිගැනීමට උපකාර කල සේක.

ශුද්ධාත්මයාණෝ ඔබට තිබු පාප බලයේ බැමි බිද ඔබට නව ස්වභාවයක් දී ඔබව දේව දරුවෙකු කල සේක

” ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වූ ජීවනදායක ආත්මයාණන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති, පාපයේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත. ” ( රෝම 8 : 2 )

” දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. ” ( රෝම 8 : 14 )

ශුද්ධාත්මයාණෝ ඔබ තුල වාසය කිරීමටත්, ඔබට උපකාර කිරීමටත් , මග පෙන්වීමටත් , ඔබ දැන් දේව දරුවෙකු බව ඔබට දැන ගැනීමට සැලස්විමටත් පැමිණි සේක.

” ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත. ” ( 1 කොරෙන්ති 6 : 19 )

” තවද ඔබ පුත්‍රයන් බව ඔප්පු කරන පිණිස, ”අබ්බා, පියාණෙනි,” කියා හඬ ගසන තම පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවා වදාළ සේක. ” ( ගලාති 4 : 6 )

” මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, ”අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි. අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති. ” ( රෝම 8 : 15 , 16 )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s