මිලාන් ජනපදයේ නර්බෝන් නුවර එතුමා ජන්ම ලාභය ලැබිය. ඉතා ප්‍රසිද්ධ වංශවත් දෙමව්පියන්ගෙන් උපත ලද එතුමා කඩවසම් තරුණයෙකි. ධර්මිෂ්ඨකමින් අගතැන්පත් වූ එතුමා රෝමානු සේනාංකයට බැදුනේ එක අදහසක් පෙරදැරි කරගෙනය. එනම් ඔවු එසේ බැදුණු විට ප්‍රාණ පරිත්‍යාගී වන කිතුනුවන්ට එතුමා උදව් කරන බව කිසිවෙකුට හැගී නොයන පිණිසය.
එතුමා රහසින් බොහෝ දෙනෙකු සත්‍ය විශ්වාසයට හරවා ගත්තේය. අවසානයේ දී දියෝක්ලේසියානු අධිරාජ්‍යාට සෙබස්තියන් සෙබළා කිතුනුවෙකු බව ආරංචි වී එතුමාට ඊතල වලින් විද මරා දැමීමට අණකර ” මොරිටානියන් ” නම් දුනු හේවයාට භාර කළේය. එතුමාට භූමදාන කිරීමට පැමිණි සැදැහැවත්හු එතුමා තවම ජිවත්වන බව දැන එතුමාව උපස්ථාන කර සුවපත් කලෝය. සුවපත්වූ එතුමා සැගවී පළා ගියේ නැත.
දිනක් අධිරාජ්‍යයා ගමන් කරන මාර්ගයේ සෙබස්තියන් තුමා රැදී සිට තමා පසුකර යන අධිරාජ්‍යාට කථා කොට ඔහු ක්‍රිස්තියානි බැතිමතුන්ට කරන වද හිංසා ගැන තදින්ම චෝදනා කළේය. මෙවර අධිරාජ්‍යයා කෝපවී මොහු මරණයට පත් කිරීමට තීන්දු කළේය. වධකයෝ එතුමාට පොලුවලින් ගසා මරණයට පත් කලෝය.
ඇපියන් විදියේ එතුමාගේ නමින් ඉදිකර ඇති බැසිලිකාව අසල එතුමා භූමදාන කරන ලදී.
එතුමා වසංගත රෝග වලටද, බෝවන රෝග වලටද, තුවාල වලටද සහනය දෙන සාන්තුවරයා වශයෙන් ගෞරව කරනු ලැබේ. තවද විශ්වාසය මදවුවන්ට එතුමාගේ ආදර්ශය දිරිගන්විමකි.
එතුමාගේ මංගල්‍යය ජනවාරි 20 දින පවත්වනු ලැබේ.
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html
super