ශු. මේරි යුප්‍රේසියා තුමිය ( 1796 – 1868 )

image1796 ජුලි 31 වන දින ප්‍රංශයේ නුආමුට්යර් යන දුපතේ, රෝස් වර්ජිනි ළදැරිය උපත ලැබුවාය. එම උපත ප්‍රංශ විප්ලවය අවසානයේදී සිදුවිය. ඇගේ පියා වෛද්‍යවරයෙකි. දේව ප්‍රේමයෙන් යුත්, භක්තිමත් දෙමව්පියන් සෙවනේ මෙම හුරුබුහුටි, ශක්තිමත් චරිතයක් ඇති රෝස් වර්ජිනි වැඩුනාය. මේ අතර ඇය දරුණු දුකකට පත්වුයේ ඇය දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමට පෙර පියා දෙව් සමිදුන් තුරුලට යාම නිසාය. ඇගේ මව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමට ඇයව හොදාකාරව සුදානම් කාලය. පාසල් වියට පත් ඇය අධ්‍යාපනය සදහා ඇගේ මව විසින් ටුර් නගරයයේ, යහපත් ගුරුවරියන් යටතේ නේවාසික පාසලකට ඇතුලත් කරන ලදී. ඉන්පසු ඇයට ජිවිතයේ තවත් අධික දුකක් ගෙන දෙන සිද්ධියකට මුහුණ දීමට සිදු විය. එනම් ඇගේ මවගේ මරණය. මවගේ මෘත ශරීරය පවා අයට දැක ගන්නට නොහැකි විය.

රෝස් වර්ජනී, නේවාසිකාගාරය අසල පිහිටි දයාවේ අප ස්වාමිදුවගේ සොහොයුරියන්ගේ කන්‍යාරාමය බැහැදැකීම පිණිස දිනක් තම මිතුරිය වූ පොලින් ගුරුතුමිය සමග එහි ගියාය. එම කන්‍යා සොහොයුරියෝ වරදට පෙලබුනු, නොමග ගිය තරුණියන් හා ස්ත්‍රීන්ට නිසිමග පෙන්වීමේ භාරදුර්ය වගකීම භාරගෙන එය ඉටු කරන කන්‍යා සොහොයුරියන් විය. එම තරුණියන් දුටු ඇයට ශුද්ධාත්මාලෝකය ලැබ, ඇගේ ඉතිරි ජිවිත කාලය දෙවි පියාණන්ට සේවය කිරීමට කැපවීම සදහා මෙවැනි සේවයකට උන්වහන්සේ කැදවන බව හැගී ගියේය. පසුව ඇය 1814 ඔක්තෝම්බර් 20 වන දින මහත් බාධක ජයගෙන එම කන්‍යාරාමයට ඇතුළු වුවාය. 1815 සැප්තැම්බර් 08 වන දින ඇය නව තාපසිකාවක් ලෙස මේරි යුප්‍රේසියා යැයි නම් තැබුවාය. විශ්වාසවන්ත නව තාපස කාලයකට පසු 1817 සැප්තැම්බර් 9 වන දින ප්‍රථම වේදභාර ගිවිස ගත්තාය.

මේරි යුප්‍රේසියා සොහොයුරියට මෙම දැරියන් පසුතැවිලි වී දෙවිදුන් වෙත හැරවීම සදහා ඔවුන්ගේ හෘදයන්ට ඉතා සමීප සබදතාවක් තිබිණි. ඔවුන්ගේ සිත් හැරීම කොතෙක්ද යත් මේරි යුප්‍රේසියා සොහොයුරියන්ගේ තාපස ජිවිතයට ඇතුළු වීමට ඔවුහු අවසර ඉල්ලා සිටියෝය. ඇයට ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කිසි බලයක් නොමැති විය. නමුත් 1825 මැයි 2 වන දින ඇයව ශේෂ්ඨ ධුරයට පත් කල විට ප්‍රථමයෙන් ඇගේ කාර්යය වුයේ එම දැරියන්ගේ ඉල්ලීම ඉටු කිරීමය. මග්දලේනා සොහොයුරියෝ යන නමින් ඔවුන් නම් කෙරිණි. ඒ පන්තිය අද දක්වාම ලොව පුරා පැතිර සිටින භාවනාශීලි තාපසිකා පන්තියකි. අද ඔවුන් හදුන්වනු ලබන්නේ ” යහපත් එඩේරාණන්ගේ භාවනාශීලි තාපසිකාවන්” යනුවෙනි.

මේ කාලයේ පටන් ප්‍රංශයේ ස්ථාන කිහිපයකද, අනෙක් මහාද්වීපවලද කන්‍යාරාම පිහිටුවීමට රදගුරුවරුන්ගේ ආරාධනා ලැබ, එය ඉටු කලාය. මේ කාලය වන විට දයාවේ අප ස්වාමිදුවගේ තාපස පන්තිය වෙනුවෙන් ” යහපත් එඩේරාගේ තාපස පන්තිය” යනුවෙන් නම් කෙරිණි. ඇගේ එකම ආශාව වුයේ ලොව පුරාම තැන තැන තාපසාරාම පිහිටවීමය. ඒ සදහා ආධාරකයක් වශයෙන් එතුමියට බොහෝ රදගුරු වසම් වල රදගුරු ආරාමයන් පිහිටුවීමට ආරාධනා කලෝය. ඇගේ මරණ මොහොත වන විට ආරාමයන් 110ක් විය .ඇගේ මරණයට පෙර ශ්‍රී ලංකාවේද ආරාමයක් පිහිටුවීමට ස්ථිර කරන ලදී .එය කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයයි. 1869 එය ආරම්භ කරන ලදී.

මෙලෙස ශු. මේරි යුප්‍රේසියා මව්තුමිය ආත්මයන් දෙවියන් වහන්සේට දිනා දීම සදහා තම සේවය නොකඩවා 1868 දක්වා කරගෙන ගියාය. එම වසරේ ඇගේ වයස අවුරුදු 72කි. මෙවිට ඇය බරපතල ලෙස රෝගාතුර වුවාය. ඒ අවස්ථාවේදී පවා ඇගේ වේදනාවන් දරාගෙන සිනා මුසු මුහුණින් සියල්ල විද දරා ගත්තාය. ඇයට සාත්තු කල සියල්ලන්ට ස්තුති වන්ත වීමට ඇය අමතක නොකලාය. අප්‍රේල් මාසයේ දිනකදී ඇය මරණාසන්නව සිටින බව දැනී, සොහොයුරියන්ට කථා කර මෙසේ කීවාය. ” මගේ දරුවෙනි, මම නුබලාට ආයුබෝවන් කීම ඉතා කිට්ටුය. මා ආදරණිය යහපත් එඩේරාණෝ නව කුබුරකට මා කැදවන සේක.” එදින බොහෝ රටවල සොහොයුරියෝ එතුමියගේ ඇද වටා රැස්වී සිටියදී, ඇගේ වෙව්ලමින් තිබු අත ඔසවා සිය අන්තිම ආශිර්වාදය ඔවුනට දුන්නාය. ” මට අයහපතක් කර මා දුක්කල සියලු දෙනාට මාගේ මුළු හෘදයෙන්ම සමාව දෙමි” යි කීවාය. ඉන්පසු ඇගේ ඇස් බැබළිණි. අන් අයට නොපෙනෙන දෙයක් දෙසට නැගිට යන්නට ඇය උත්සහයක් ගත් බව සියල්ලන්ට පෙනිණි. ඉන්පසු ඉතා ප්‍රීතියෙන් ඇය මෙසේ කීවාය. ” අහෝ මෝක්ෂය කොතරම් අලංකාරද, අන්න ස්වාමින් වහන්සේ ශුද්ධවන්තයන් මැද සිටින බවත්, දේව මෑණියන් මා ලග වැඩ සිටින බවත් හැගේ. මාගේ හතරවන දේවභාරය වන ආත්මය දිනා දීමට කළ භාරය නිසා දෙවියන් වහන්සේ මට අනුකම්පා කරන බව හැගේ. ” ඉන්පසු ඇය කොට්ටයට හේත්තු වී ශු. සභාවේ විශ්වාසවන්ත දරුවෙකු ලෙස ඇගේ ප්‍රාණය දෙවිපියාණන්ට පුද කාලය.
ඇගේ මරණ දිනය වන අප්‍රේල් 24 වන දින, ඇගේ මංගල්‍යය සිදු කෙරේ.

———————————————————————————————————————————————————————————————————–

Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html

Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html

Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html

Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html

Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html

Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html

Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s