ශු. මරියා ගොරෙත්ති තුමිය

st.mariyaමරියා ගොරෙත්ති තුමිය උපත ලැබුවේ 1890 ඔක්තෝම්බර් මස 16 වන දිනදීය. දෙමව්පියන් සමග ඇය ජිවත් වුයේ ඉතාලියේ කොරිනැල්ඩෝ නමැති කුඩා නගරයේදීය. ඇගේ පියා ලුවිස් ගොරෙත්ති වූ අතර මව අසුන්තා ගොරෙත්ති විය. පියා රැකියාව වශයෙන් ගොවිතැන් කළ අතර, ජිවත් වීම සදහා වෙහෙස දරා වැඩ කරන්නට සිදු විය. දරුවන් හත්දෙන්නාගෙන් මරියා තුන්වැන්නාය.

දිලිදු උවත් මෙම පවුල සතුටින් නිතරම දෙවියන් වහන්සේටත් , දේව මෑණියන්ටත් සමීපව ජිවත් විය. මරියාගේ මව අසුන්තා දේව මෑණියන් කෙරෙහි ගැබුරු භක්තියක් ඇතිව සිටියාය. පවුලේ සෑම දරුවෙකුම කතා කරන අවස්ථාව පැමිණි විට කුඩා යාච්ඤා කියන්නට ඉගෙන ගත්තේය. ඉතාම කුඩා වයසේ උවත් දරුවාගේ හෝ දැරියගේ සිගිති අත ගෙන කුරුසියේ ලකුණ අදින්නට පුරුදු කරනු ලැබිය. මරියාද එසේම විය.

මරියා ගොරෙත්ති වයස අවුරුදු 6 වන විට මුළු පවුලම පිලියානෝ නමැති පෙදෙසට පදිංචියට ගියෝය. එහි කුලියට ගනු ලැබු ගොවිපොලක අවුරුදු තුනක් පමණ බර වැඩ කරන්නට ඔහුනට සිදුවිය. ඉන්පසු ඔවුන් නැවත පදිංචිය වෙනස් කොට පෙරියේ නමැති ප්‍රදේශයට ගියෝය. මෙය පළමු තැනටත් වඩා දුෂ්කර ස්ථානයක් විය. දේශගුණයද අහිතකර විය.

මරියාගේ පියා වූ ලුවිස් ගොරෙත්ති අසනීප වූ අතර මරියා මව සමග තම පියාට සාත්තු කලාය. එහෙත් පියා මිය ගියේය. මෙතැන් සිට මරියා මව සමග වගකීම භාර ගත්තාය. බාල සොයුරු සොයුරියන් රැක බලා ගත්තාය. ගෙදර වැඩ කටයුතු වලදී අම්මාට සහය වුවාය. දෙවියන් වහන්සේට ආදරය වන සැටිත් යාච්ඤා කරන සැටිත් තම බාල සහෝදර සහෝදරියන්ට ඉගැන්වුවාය. වයසින් වැඩෙන විට මරියා ආත්මයෙන්ද, පිටස්තර පෙනුමෙන්ද වැඩ වඩා රූමත් වුවාය. පිරිමි හා ගැහැණු ළමයින් සියලු දෙනාම ඇයට ආදරය දැක්වුහ. එහෙත් මරියා ඔවුන් ඇසුරු කලේ ඉතා පරිස්සමෙන්ය. ඇය කිසිදාක නරක වචන කථා කලේ නැත. අසභ්‍ය කතා වලට සවන් දුන්නේ නැත.

පළමු වරට දිව්‍ය සත්ප්‍රසාදය ලැබීමට කාලය පැමිණි විට ඇය ඉතා භක්තියෙන් හා උනන්දුවෙන් ජේසුස් වහන්සේ ලබා ගැනීමට සුදානම් වුවාය. ඇය පළමු වරට දිව්‍ය සත්ප්‍රසාදය ලැබීමේදී කල පොරොන්දු සටහන් පොතක ලියා තැබුවාය. එයින් එක පොරොන්දුවක් මෙසේය. ” මැරෙන්නට සිදුවුවත් මා මාගේ දේව ජීවිතය නැතිකර ගන්නේ නැත. ” යනුවෙනුයි.
මරියා ගොරෙත්ති අවුරදු 12 වන විට ඇගේ නිවසේ ඇලෙක්සැන්ඩ්‍රෝ නැමැත්තෙක් නවාතැන් ගෙන සිටියේය. දවසක් ඇගේ මව කෙතේ වැඩට ගොස් සිටියදී මරියා පමණක් තනිව ගෙදර වැඩ කරමින් සිටියදී, ඇලෙක්සැන්ඩ්‍රෝ නමැති පවිටු සිතක් ඇති මෙම නේවාසිකයා අවුත් ඇයව පාපයට පොලොබවා ගන්නට උත්සහ කළේය. නමුත් එයට දැඩි ලෙස ඇය විරුද්ධ විය. කිහිප විටක් ඔහු තම කාමුක පාප ආශා මුදුන් පමුණුවා ගණනට උත්සහ කලත්, ඇය කිසිසේත් එයට එකග නොවිය. පාපයට පොලබවූ සෑම අවස්ථාවකදීම ඇය ඊට විරුද්ධ වූ නිසා අධික කෝපයට පත් ඇලෙක්සැන්ඩ්‍රෝ ඇයට පිහියෙන් ඇන්නේය. අන්තිමේදී ඇය කෑගසාගෙන ක්ලාන්ත වී වැටුනාය. ඇගේ කෑ ගැසීම ඇසුණු මව වහාම එතනට දුව එන විට ඇලෙක්සැන්ඩ්‍රෝ පැන දිව්වේය. පසුව වෛද්‍යවරයෙකු කැදවනු ලැබිය. ඇගේ තුවාල බරපතල නිසා ඇය සුවකළ නොහැකි බව ඔහු කිවේය. මරණාසන්න යහනේ සිටි මරියා ගොරෙත්ති අම්මාට කතා කලාය. ” අම්මේ පළමු වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ දා මා ජේසුස් වහන්සේට දුන් පොරොන්දුව එනම් මරණයට පත් වුවත් මගේ ජීවිතය නැතිකර නොගනිමි යන පොරොන්දුව මම ඉටු කළා නේද ”

“ඔව් මගේ ආදර දුව, ඔබ ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටියාය. දැන් ඔබ එක්කරගෙන යාමට උන්වහන්සේ පැමිණේවි ” යි කියා මව පිළිතුරු දුන්නාය. ” ආ මම කොතරම් ප්‍රීතියෙන්දැ” යි කියමින් මරියා ගොරෙත්ති අවසන් සුසුම් හෙළුවාය. පව් කරනවාට වඩා මරණය යහපති යන්න මරියා ගොරෙත්ති තෝරා ගත්තාය. ඒ නිසා ඇය අද ශුද්ධවන්තියකි , ඇය මැරී සුළු කාලයකින්ම ශු. සභාව ඇය ශුද්ධවන්ත ගණයට ඇතුලත් කළේය. ඇය ශුද්ධවන්තියක් බව ප්‍රකාශ කරන රෝමයේ පවතී උත්සවයට ඇගේ මව සහභාගී වුවාය. තවද පශ්චාත්තාපී වූ ඇගේ මිනීමරුවා වන ඇලෙක්සැන්ඩ්‍රෝ ද ඊට සහභාගී විය.

අපිත් මරියා ගොරෙත්ති තුමිය මෙන් දෙවිපියාණන් ගෙන් දේව ජීවිතය නැති කර නොගෙන ජිවත් වීමටත්, විශ්වාස පක්ෂව සිටින්නටත් පිහිට වන්න කියා ඉල්ලා සිටිමු. එසේ සිටීමට අපට පිහිට වන්නට කියාද මරියා ගොරෙත්ති සාන්තුවරියගෙන් ඉල්ලමු.

ජුලි මස 6 වන දින මරියා ගොරෙත්ති තුමියගේ මංගල්‍යය පැවැත්වේ.

Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html

Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html

Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html

Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html

Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html

Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html

Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s