ශු. බ්ලාසියුස් මුනි තුමා අර්මිනියා දේශයේ වංශවත් පවූලක දරුවකුව බිහි විය. එතුමාගේ දෙමව්පියෝ කිතුනු ආගමිකයෝ නොවුහ. කුඩා කල සිටම මහා උගතෙකු වන ලකුණු පහල කරමින් සිප් සතර හැදෑරු මෙතුමා, තම තරුණ වියේදී වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ අසරණ රෝගීන්ට සුව සහනය දීමේ පිවිතුරු චේතනාවෙනි. ඉතා දක්ෂ වෙදැදුරු කෙනෙකුන් ලෙසින් රෝගීන් රැසක් සුව කල මෙතුමාට තම තරුණ වියේදී පැහැදිලි වූ තවත් දෙයක් විය. එනම් මිනිසා ශාරීරික වශයෙන් පමණක් නොව ආත්මික වශයෙන්ද බලවත් ලෙස රෝගාතුරව සිටින බවත් , ඔහුගේ ආත්මයට සුවය ලබා දිය හැකි එකම මග ඇත්තේ සියලු බලැති දෙවි පියාණන් කෙරෙහි දක්වන අචල විශ්වාසය තුල පමණක් බවත්ය. මෙය පසක් වීමෙන් මෙතෙක් තමන් ඇදහු මිසදිටු විශ්වාසය බැහැර කල මෙතුමා, කිතු තුමන්ගේ සරණ පතා කිතුණුවෙක් විය. ආත්මයන් ගලවා ගැනීමට ඉතාමත් ඇල්මක් දැක්වූ මෙතුමා පුජකවරය පතා දෙව්සත්හලට ඇතුළු වී තිර අදිටනින් යුතුව දේව ධර්මය හදාරා පුජකයෙක් විය. තව දුරටත් දේව ධර්මය ගැබුරට හදාරා ඒ අනුව දැහැමි දිවියකට කැපවූ මෙතුමා ශු. සභාව මගින් සෙබෙස්තේ නගරයෙහි රාජගුරු ප්‍රසාදි තනතුරට ද තෝරා ගැනිණි.
කුරිරු පාලකයකු වූ දියෝක්ලෙසියානු අගරජුගේ අණ පරිදි කිතුනුවන් ඝාතනය ඇරබුණු අවධියේ මෙතුමා ගැලවී අර්ජේ නම්වූ කන්දක තුබූ ගුහාවකට පලා ගොස් එහි සිට දැඩි තාපස ක්‍රියා කරමින් දැහැනට සම වැදුණු දිවියක් ගෙවිය. අවට වනයේ සැරි සරු කුරිරු සිංහ , කොටි , වලස් ආදී සත්තු එම ගුහාව ලගට පැමිණියත්, එතුමාට හානියක් කරනු තබා, එතුමාගේ දැහැනට භාදාවක් ලෙස කෑ කෝ ගැසීමක්වත් සිදු නොවීය.
වන සතුන් දඩයමේ පැමිණි අගිකොලාවුස් නම් ආණ්ඩුකාරයාගේ මෙහෙකරුවෝ මෙය දැක ඒ බව තම ස්වාමියාට සැල කළහ. කිතු දහම කෙරෙහි දැඩි තරහක් දැක්වූ ඔහු, එතුමන් අල්ලා ගන්නට මෙහෙකරුවන් යැවිය. ඔහුන් එතුමා ගෙන යන අතර කල ප්රාතිහාර්යයන් මගින් එම මෙහෙකරුවන් කිහිප දෙනෙකුට ද ගැලවීමේ මග පෙන්වා ඔවුන් දෙවිදුන් වෙත හැරවිමටද එතුමාට හැකි විය.
තමා හමුවට ගෙන ආ දැහැමි බ්ලාසියුස් තුමාට කථා කල ආණ්ඩුකාරයා, තමන් අදහන මිසදිටු දෙවිවරුන්ට නමස්කාර කරන ලෙස එතුමාට අණ කළේය. ඔහුට පිළිතුරු දුන් බ්ලාසියුස් තුමා ” දෙවියන්ගේ ශ්‍රී නාමය හොදක් නොකරන යක්ෂයන්ට නොදුන මැනව” යි ප්‍රසිද්ධියේ සැල කළේය. ඉන් කිපුණු ඔහු පොලු වලින් ගසා තුවාල කර එතුමා සිර කර තබන ලෙස අණ කළේය. සිරගෙහි සිටියදීත් රෝගීන් බොහෝ ගණනක් තම යාච්ඤා බලයෙන් එතුමා සුව කළේය.
කලක් සිර ගතව සිටි පසු ආණ්ඩුකාරයා ඉදිරියට ගෙන එනු ලැබ නැවතත් මිසදිටු දෙවියන් වන්දනාව ප්‍රතික්ෂේප කිරීම නිසා බැටළු ලොම් පීරන පනාවකින් ශරීරය සුරා පහර දී එතුමා සිරගත කරන ලදී. එතුමාගේ ශරීරයෙන් ගැලු ලේ, සුවද තෙලක් මෙන් තම සිරුරේ ආලේප කරගත් ස්ත්‍රීන් සත් දෙනෙකුට සහ ඔවුන්ගේ බාල දරුවන්ටද ගැලවීමේ නියම මග පෙවන්වා කිතු දහම උදෙසා දිවි පිදීමට තරම් එඩිතර හදවත් ඇත්තවුන් බවට පත්කිරීමට එතුමා සමත් විය.
එම ස්ත්‍රීන් හා දරුවන් ගින්නෙහි ලා මරා දමන්නට ආණ්ඩුකාරයා අණ කලත් ඔවුන්ගේ එක කෙස් ගසකටවත් එම ගින්නෙන් හානි කරවීමට සමත් නොවූ නිසා ඔහුන්ගේ හිස් ගසා දමා, ශුද්ධවරයාව ගැබුරු පොකුණක හෙලා මරා දැමීමට නැවත අණ නිකුත්විණි. එවිට ශුද්ධවරයා දිය මතුපිට කුරුසිය ලකුණ ඇද දියෙහි නොගිලී මතුපිටම සිටියේය.
තමන් ඇදහු බොරු දෙවි වරුන්ගේ බලය පෙන්වීමට ශුද්ධවරයා මෙන් දිය මතුපිට නොගිලී සිටීමට ආ මිසදිටු හැට අට දෙනෙක් දියේ ගිළි මළහ. බලවත් ලජ්ජාවට පත් ආණ්ඩුකාරවරයාට කල හැකි දෙයක් නොවිය. නැවත ගොඩට පැමිණි ශුද්ධවරයා ආණ්ඩුකාරයාගේ බලවත් කෝපයට පත්වී හිස් ගැසුම් කා මිය ගියේය. මෙලෙස ක්‍රි. ව 317 දී මෙතුමා සත්‍යාගම උදෙසා තම දිවි පුද කළේය.
එතුමාගේ දැහැමි ජීවිතයත්, දෙවි මහෝත්තමයාණන් වෙනුවෙන් කැපවීමත්, දෙව් තුමන්ගේ නාමයෙන් එතුමා කල ප්රාතිහාර්යයන් නිසා ශු. සභාව විසින් පසුකලෙක එතුමා සභාවේ විශේෂ ආරක්ෂක මුනිවරයන් දස සතර දෙනාගෙන් එක් අයකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
එතුමාගේ මංගල්‍යය පෙබරවාරි 3 වන දිනට යෙදේ
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html