නේපල්ස් රාජධානියේ රොකි සිකාහි ඇක්විනොහි ලැන්ඩුල්ප් ආදිපාදවරයාට හා තියඩොරා ආදිපාදිවරියට පුත් රුවනක් ලැබිණි. ඒ අන් කිසිවෙක් නොව පසුව කතෝලික සභාවේ ධර්ම විශාරදයකු වූ තෝමස් තුමාය.
වයස අවුරුදු 5 දී කුඩා තෝමස් බෙනදිකාන නිකායේ මොන්ටෙකැසිනෝ වලට යවන ලදී. කුඩා තෝමස් ගේ දක්ෂතාවයන් හදුනා ගත් එහි ප්‍රධානියා නේපල්ස්හි විශ්ව විද්‍යාලයට ඔහුව යැවීමට ලැන්ඩුල්ප් ආදිපාදවරයාට යෝජනා කළේය. ඒ අනුව 1236 දී එහි ඇතුළත් වූ තෝමස් වයස 16 දක්වා එහි ඉගෙනුම ලැබුවේය. බුද්ධියෙන් දියුණුවන අතර තමා වට කොට සිටි සියලු පවිටු අයහපත් බලපෑම් වලට ගොදුරු නොවී පිරිසිදු හදවතකින් යුතුව දිවි ගෙවීමට වෙර දැරීය.
1243දී එතුමා තම පවුලේ අදහස් වලට පිටුපාමින්, විශේෂයෙන් තම මව පුදුමයට පත් කරවමින් දොමිනිකාන නිකායට ඇතුළු විය. ඔහුගේ සොහොයුරන් දෙදෙනා ඔහු අල්ලා ගෙනැවිත් වසරකටත් වැඩි කාලයක් නිවස තුල රදවා ගත් අතර, ඔහුගේ සොහොයුරියන්ගේ උදව්වෙන් දේව වචනය සම්බන්ධයෙන් පොත් පත් ලබාගෙන එතුමා මේ කාලය තුල තම දැනුම තව තවත් පුළුල් කර ගත්තේය.
දොමිනිකානවරයෙකු වීමට ඔහු තුල පැවති බලවත් ආශාව දුටු මව ඔහුට තව දුරටත් බලකිරීම නිෂ්පල බව ඒත්තු ගත අතර , එතුමා ආපසු දොමිනිකාන ආධුනික නිවාස බලා ගියේය. ඔහුගේ තාපස පොරොන්දු ගැනීමෙන් පසුව කෝලෝන් හා පැරිසියට යවනු ලැබ, මහා ඇල්බට් තුමන් යටතේ වැඩිදුරටත් අධ්‍යපානය ලැබිය. පුජකවරය ලැබීමෙන් හා දේව ධර්මය පිළිබද උසස් උපාධිය ලැබීමෙන් පසු එතුමා ඉතා පැහැදිලිව හා නිවැරදිව සිත් ඇදගන්නා අයුරින් දේශනා කරන්නට වුයෙන් දහස් ගණන් ශිෂ්‍යයෝ ඔහු සොයා ආහ .
කතෝලික දේව ධර්මාචර්යවරුන්ගේ කුමරුවා හැටියට ඔහු හදුන්වයි. එතුමා අතින් ඉතා වටිනා පොත් ලියවී ඇති අතර ප්‍රධාන කෘතිය ලෙස සැලකෙන්නේ ” ක්‍රිස්තියානි ධර්මයේ හා දර්ශනයන්හි සාරාංශය ” යන ග්‍රන්ථයයි . එතුමා ගීත ගණනාවක් රචනය කර ඇති අතර ඉන් වැඩි ගණනක් සත්ප්‍රසාදය ගැනය. දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද වේලාවෙහි අප ගයන ඇතැම් ගී එතුමා ලියු ඒවාය.
ලියොන්හි සම්මේලනයට යන අතර තුරදී 1274 මාර්තු මස 7 වන දින එතුමා මිය ගියේය.
එතුමාගේ මංගල්‍යය ජනවාරි 28 දින සිදු කෙරේ.
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html