වර්ෂ 1815 අගෝස්තු 15 වන දින දොන් බොස්කෝ තුමාගේ උපත සිදුවිය. ඔහුගේ මව ඔහුට දෙවියන් වහන්සේට ආදරය කරන අන්දම සහ දිලිදුන්ට අනුකම්පාව දක්වන අයුරු ඉගැන්වූවාය. ඔහුගේ පියා ගොවියෙකි. දෙමව්පියෝ ඉතා දිලිදු වුහ. ජෝන් කුඩා කලම පියා මිය ගියේය. ඔහුගේ මරණයට මොහොතකට පෙර මුළු පවුලම කැදවා මෙසේ කිහ. ” මට නුබලාට දීමට මුදල් ස්වල්පයක් ඇත. නමුත් මම දෙන දායදයනම් මෙයයි. කුමක් සිදු වුවත් ඔබේ විශ්වාසය දෙවියන් වහන්සේ තුල තබන්න. ” යනුයි. මෙම වචන ජෝන් ගේ හදවත් විනිවිද ගියේය.
ඔහු පාසලට යැවීමට මවට කිසිදු වත්කමක් නැති වූ නමුත්, ඇය තම දරුවාට ආගම ධර්මය හොදින් ඉගැන්වුවාය. ජෝන් තම මිතුරන් රැස්කර ධර්මය ඔහුනටද කියා දුන්නේය. විශේෂ ස්වප්න මගින් අප ජේසුස් ස්වාමින් වහන්සේ හා දේව මෑණියන් ඔහුට දර්ශනය වී, තරුණයන් නපුරු මාර්ග වලින් වලකා යහමග යැවීමටත්, ඔවුන් අවංකව තම රැකියාවෙහි යෙදවීමටත් ඔහු කැදවන ලදී. මේ ස්වප්න දෙවියන් වහන්සේගෙන් ලද පණිවුඩයක් ලෙස ජෝන් බොස්කෝ සැලකිය. එහෙයින් මෙම පණිවුඩය ඉටු කිරීම සදහා පුජක තුමෙකු වීමට ඔහුට දැඩි ආශාවක් ඇතිවිය. වාසනාවට මෙන් ඔහුට කරුණාවන්ත පුජක තුමෙක් හමු විය. එතුමා මෙම යහපත් අදහස දැනගත් විට ඔහු පාසලකට ඇතුලත් කරවිය. ඔහුට ඉතා කුඩා දරුවන්ගේ පන්තියක ඉගෙන ගැනීමට සිදු විය. මෙම අවස්ථාවේදී අවමානයකට පත්වූ නමුත් පුජකතුමෙකු වීමේ තම අදහස නිසා සියල්ල විද දරා ගත්තේය.
ඔහුගේ මව දිලිදු වූ නිසා ඔහුට පාසල් යාමට ඇදුම් පිලියල කර දීමට පවා නොහැකි වුයෙන්, ඒ නගරයේ යහපත් පුද්ගලයින්ගෙන් ඇදුම් හා සපත්තු ඉල්ලා ගත්තේය. එකම සපත්තු කුට්ටම ගෙවෙයි කියා බයෙන් පාර දිගේ හිස් පතුලෙන් ගොස්, පාසල් ගේට්ටුව අසලට පැමිණි විට, එය පැළදගෙන ඇතුළු වීමට පුරුදු වී සිටියේය. ගෙදරදී මද ආලෝකයක් ඇති ඉටිපන්දමක එළියෙන් තම පාසල් කටයුතු නිම කළේය.
ඔහු පුජාවට නොයන ළමුන් කැදවා ඔහුගේ වීර කටයුතු මගින් ඔවුන් විනෝද කල පසු මුළු කණ්ඩායමම රැගෙන පුජාවට සහභාගී විය. නොබෝ කලකින් ඔහුට සෙමනේරියට ඇතුළු වීමට හැකි විය. සෙමනේරියේ පුහුණුව අවසන් වූ විට 1841 ජුනි මස 5 වන දින පුජකවරය ලබා ගත්තේය.
පුජකවරයෙක් වූ විගසම ඔහුව ටියුරින් නුවරට යවන ලදී. එහිදී ඔහු ගෙවල් නැති දරුවන්ද, ඉගෙනුමක් නොලද අයද, නගරයේ විදි වල ඇවිදිමින් නිකරුනේ කාලය ගත කල දරුවන්ද. කිසිවෙකුගේ උදව්වක් නොලබා සිටි ඔහුගේ ළමා කාලයේදී ලද දේව පණිවුඩයට කීකරු වීමක් වශයෙන් ඔවුන් සියල්ලන් එකතු කර ගන්නා ලදී. කරුණාවන්ත පුද්ගලයෙකුගෙන් ලැබූ කුඩා ගෙයක් මේ පිරිමි ළමුන්ගේ වාසස්ථානයකට පත් කරන ලදී. ඔවුන් ආහාරයෙන්ද, ඇදුම් වලින්ද, ඉගැනුමෙන්ද පෝෂණය කළේය. ඔහුගේ පියා මරණාසන්නව සිටි විට කියූ වචන මතක් කරමින්, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයත්, බලාපොරොත්තුවත් වර්ධනය කර ගත්තේය. ඔහු මරිය තුමියගේ මැදිහත්කම කෙරෙහි අචල විශ්වාසය තැබිය.
මෙම අසරණ පිරිමි ළමුන් බලා ගැනීම සදහා ඔහුට උදව් වීමට ඔහුගේම මව පැමිණියාය. දේවරක්ෂාවේ බලයෙන් මෙම ළමුන්ගේ උවමනාවන්ට ආධාර ලැබුණි. 1856 වන විට මෙම ආයතනය දියුණු වී එහි පිරිමි ළමුන් 150ක් පමණ වුහ. ඔහුනට විවිධ කර්මාන්තද, වෘත්තීන්ද පුහුණු කරන ලදී.
නව වන පියුස් ශුද්ධෝත්තම පියතුමාගේ දිරි ගැන්වීමෙන් ජෝන් බොස්කෝ පියතුමා පිරිමි 17 දෙනෙකු කැදවා, 1859 සැලේසියානු තාපස පන්තිය ආරම්භ කළේය. යාච්ඤාව හා ධර්මදුත සේවයද මෙහි මුලික කටයුතු විය.
පසුව ගැහැණු ළමුන්ට උදව්වීම සදහා සැලේසියානු සොහොයුරියන්ගේ කණ්ඩායමක් ආරම්භ කළේය. එතුමා දෙවියන් වහන්සේගේ දුත මෙහෙය, වෙහෙස නොතකා ඉටුකර ඉතා දුර්වල බවට පත්ව සිටියේය. වර්ෂ 1888 ඔහු රෝගාතුරව යහනෙහි වැතිරිනි. ඔහුගේ අවසාන වචන නම් ” මාගේ දරුවනට කියන්න, ඔවුන් එනතුරු මම ස්වර්ගයෙහි බලා සිටින බවත්, සත්ප්‍රසාද වහන්සේගේ සහ දෙව්මව්ට ඔවුන්ව භාර කරන බවත්, එවිට ඔහුන්ට බය වීමට කරුණක් නොමැති බවත්ය.
එතුමා 1888 ජනවාරි 29 වන දින ස්වර්ගස්ථ විය. එතුමාගේ මංගල්‍ය ජනවාරි 31 වනදාය.