ශු. ජෝන් බැප්ටිස්ට් ද ලාසාල් තුමා වර්තමාන අධ්‍යාපන ක්ෂේත්රයේ පියා වශයෙන් හදුන්වනු ලබයි. ප්‍රංශයේ රිම්ස් නගරයේ මන්ත්‍රණ සභිකයෙකුගේ පුත්‍රයෙකි. ඒ නගරයේ ආසන දෙව් මැදුරේ අනුශාසකයෙකු ලෙස ඔහු වයස 16 දී පත් විය. ඔහු වයස අවුරුදු 27 දී පුජක වරය ලැබිය. ඔහු භක්තිවන්ත කමේද, බැහැපත් කමේද ස්වත්යාජයේද ආදර්ශයක් විය. ඔහු දිළින්දන් වෙත දැක්වූ මහත් ප්‍රේමය මගින් ඔහුගේ කාර්යය වුයේ දිලිදු දරුවන්ට අධ්‍යාපනය ලබා දීමය.
මේ කාලයේ මුළු ප්‍රංශය පුරා දේශික හා විදේශික යුද්ධ නිසා පොදු ජනතාවට විනාශය හා කිව නොහැකි දුක් වේදනාවන්ට ගොදුරු වීමට සිදු විය. පාසල් සියල්ලම විනාශ විය. ඒවා අභාවයට ගොස්ය. අඥානකම හා පාපය සැමතැනම රජ කළේය. එවැනි තත්වයක් උදා වෙමින් තිබියදී රිම්ස් නගරයේ නිදහස් අධ්‍යාපන පාසල් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කළේය ඔහු ගුරුවරුන්ට ඉගැන්වීමේ ක්‍රම ගැන පෞද්ගලික උනන්දු විය. ගුරුවරුන් දිරිමත් කෙරිණි. ඔහුනට ඔහුගේ ගෘහය තුලම ආහාර හා ඉදුම් හිටුම් වාසස්ථාන සැපයිණි.
මෙලෙස ක්‍රිස්තියානි සහෝදරයන්ගේ නිකාය අහම්බෙන් මෙන් ආරම්භ වුණි. එය ස්ථාපනය කලේ 1680 දී ය. එය ස්ථාපනය කලේ චාම් ගතිය, සිත දමනය හා සම්පුර්ණ දේව පරිපාලනයට යටත් වීමෙනි. වසර ගණනාවක් තුල පීඩන දුක් කරදර මධ්‍යයේ මෙම නිකාය ලොව පුරා පැතිර ගොස් සක්‍රියව පවතී. ශු. ජෝන් බැප්ටිස්ට් ද ලාසාල් තුමා අද චින්තකයන්ගේද, අධ්‍යාපනඥයන්ගේද විශිෂ්ඨ කෙනෙනු ලෙස පිළි ගනී. ඔහුගේ නිකායේ පුජාප්රසාදිවරු නොසිටියේය. එහෙත් තම ජීවිතය සම්පුර්ණයෙන්ම අධ්‍යාපනයට හා අපෝස්තලික සේවයට කැප කල සහෝදරයන් සිටියේය.
ඔහු ක්‍රිස්තියානි ධර්මය ඉගැන්වීමේදී ස්වභාෂාවට ප්‍රධාන තැනක් දුන්නේය. ඒ මන්දයත් දරුවන්ගේ දෙමව්පියන්ටද ධර්මය උගත ගත හැකි වන ලෙසය. යම් වෘත්තියකට යොමු වන දරුවන්ට වෘත්තිය අධ්‍යාපනය සදහා නේවාසික උසස් අධ්‍යාපන ආයතන පිහිටවිය. පසුව මේ පාසල් පශ්චාත් ප්‍රාථමික පාසල් වලට ආදර්ශයක් විය. තවද ඔහු වැඩිහිටියන් සදහා පළමු වන ඉරිදා ධර්මය ඉගැන්වීමේ ආයතන පිහිටවිය. තරුණ ගුරුවරුන්ට නවතම ක්රමයන් උගැන්වීම සදහා ගුරු අභ්‍යාස ආයතන පිහිටවිය. ඔහුගේ පොත් අතර ඉගැන්වීමේ ක්‍රම, ක්‍රිස්තියානි හැසිරීම, ක්‍රිස්තියානි ධර්මෝපදේශය සහ තාපස ජීවිතය සම්බන්ධයෙන් පොත්ද ඇත්තේය.
එතුමාගේ මංගල්‍යය අප්‍රේල් 7 දිනට යෙදී තිබේ.
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html