ඇලෝසියස් ලුයිජි ගොන්සාගා, ශු. රෝමන් අධ්රජ්යයාගේ කුමරුකු මෙන්ම මන්තුවාහි ආදිපාදිව සිටි පර්ඩිනන්ඩ් ගොන්සාගා තුමාගේ වැඩිමහල් පුතුණුවන් විය. වංශවත් පවුලකට අයත් වූ ඔහුගේ මවද යහපත් ක්‍රිස්තු භක්තිකයකු වුවාය.
1568 මාර්තු 9 වන දින ඇලෝසියස් ඉතාලියේ රජ මැදුරක උපත ලැබුවේය. ඔහුගේ මව තම පුතු කිතුනු ලීලාවෙන් ඇති දැඩි කාලය . යාච්ඤා කිරීමටත්, දිලිදුන්ට කරුණාව පෙන්වීමටත් ඇය ඔහුට ඉගැන්වුවාය. වයස අවුරුදු 7දී ඔහු තම අධ්‍යාත්මික දිවියේ පුළුල් පියවර ගත්තේය. දෙව් මව් වෙත භක්තියත්, යාච්ඤාවට තුබුණු ලැදියාවත් වඩාත් කැපී පෙනිණි.
වයස අවුරුදු 8 දී ඔහු තම සොහොයුරා සමග ප්ලෝර්න්ස්හි ප්රැන්සිස්කෝ ටෙවිසින් නම් මිතුරෙකුගේ රජවාසලට යවනු ලැබුවද, අධ්‍යාත්මික දේ කෙරෙහි ඔහුගේ සිත බැදී තුබුණු හෙයින් ඔහු යාච්ඤාශීලි දිවියකට පොරොන්දු ගත්තේය. ප්ලොරන්ස් නුවරින් මන්ටුවාවලට යවනු ලැබූ ඔහු, එහිදී යාච්ඤාවෙන් හා පශ්චාත්තාපයෙන් ජීවිතය ගත කළේය. නිරාහාරශිලිය රැකීමටත්, තම ක්ෂණික කෝපය මැඩ ගැනීමට මෙන් අන් අයගේ චෝදනා වලට මුහුණ දීමටත් හෙතෙම තමාව පුරුදු කර ගත්තේය. වයස අවුරුදු 12 දී එතුමා පළමු වරට දිව්‍ය සත්ප්‍රසාදය ලැබිය. දිනපතා සත්ප්‍රසාද වහන්සේ ලැබීමට ඔහු ආශා කලද, එකල පැවති සිරිත අනුව දිවය සත්ප්‍රසාද ලැබිය හැකි වුයේ සතියකට වරක් පමණි. එබැවින් එතුමා දිව්‍ය සත්ප්‍රසාද ලබා ගැනීමට සුදානම් වීම සදහා දින තුනක් ද තුති පිදීමට දින තුනක්ද ගත කිරීමට පුරුදු විය. මුල සිටම හෙතෙම හැකි පමණින් ශුද්ධවන්ත දිවියක් ගත කළේය. දෙව්මව් වෙත මුළු හදින්ම පෙම් කල එතුමා, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට බොහෝ වෙලා යාච්ඤා කළේය.
වැඩිකල් නොගොස්ම තම සොහොයුරන් වෙනුවෙන් සිය නිත්‍යානුකුල උරුමයන් කැප කරමින් පැවදි දිවියට එළබීමට එතුමා තීරණය කර ගත්තේය. එහෙත් මෙම තිරණයට ඔහුගේ පියා දැඩි ලෙස විරෝධය පෑ නිසා ඔහුගේ අවසරය ලබා ගැනීමට වසර 3ක් තිස්සේ වෙහෙසෙන්නට සිදු විය. ඒ අතරතුර වසර දෙකකට පසු එතුමා පිලිප් කුමරු වෙත යවනු ලැබිය. එවිට ඔහුට උතුරු ඉතාලියේ සියලුම රජ කුමරුන් හා ආදිපාදීවරින් හමුවීමට සිදු විය. ඔහුගේ අදහස වෙනස් කිරීමට ඔවුහු උත්සහ දැරුවද එය නිෂ්පල විය. අවසානයේ 1585 සරත් ඍතුවෙදී 17 හැවරිදි ඇලෝසියස් රෝමයේ ජේසු නිකායික ආධුනික නිවසට පිවිසියේ පුජකවරයෙකු වීමේ මහත් ආශාව සපුරා ගැනීමටය.
1590දී ඉතාලියේ දරුණු සාගතයක්ද, ඉන් අනතුරුව දරුණු වසංගතයක්ද පැතිරිණි. ජේසු නිකායික පියවරුන් විසින් හදිසි රෝහලක් විවෘත කරනු ලැබ, ඇලෝසියස් තුමා අනුන්ගෙන් උදව් ඉල්ලා ලෙඩුන්ට උපස්ථාන කරමින් ඔවුන් සනසන්නට විය. අසාධ්‍ය වුවන් ඔහුන්ගේ අවසානයට සුදානම් කරමින්, ලෙඩුනට සේවය කිරීම සදහා තම දිවිය කැපකිරීමට එතුමා වෙහෙස විය. 1591 මාර්තු මසදී එතුමා රෝගයකට ගොදුරු වී තුන් මසක් ඉවසීමෙන් එය දරා ගත්තේය. ජුනි 20 වන දින එතුමා දිව්‍ය සත්ප්‍රසාදය ලැබීමට ආශා බව කියා සිටියේය. ඒ එතුමා අවසාන වරට දිව්‍ය සත්ප්‍රසාදය ලැබූ අවස්ථාව විය. ශු. රොබට් බෙලාමින් මුළු රැයම එතුමා සමග ගත කල අතර, පසු දින අලුයම තම දිවි හිමියෙන් පෙම් කල, ලැදියාවෙන් සේවය කල කිතුසමිදුන් සොයා එතුමාගේ ආත්මය පියාසැලුවේය. ඒ 1591 ජුනි 21 දිනදීය. එවිට 23 වන වියෙහි පසුවූ ඔහු ජේසු නිකායට බැදී වසර 6ක් පමණ විය.
විශේෂයෙන් තරුණ, ක්‍රිස්තියානි ශිෂ්‍යන්ගේ ආරක්ෂක නාම සාන්තුවරයා ලෙස ශු. ඇලෝසියස් තුමා සභාව විසින් ප්‍රකාශ කරණ ලදී. එතුමා තරුණ තරුණියන්ට පිවිතුරු දිවියකට මනා ආදර්ශයක් ද වේ.
එතුමාගේ මංගල්‍යය ජුනි 21 දින සමරනු ලැබේ.
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html