තරුණ වියේදීම ප්‍රාණ පරිත්‍යාගීවූ කන්‍යාවක් ලෙස ශු.ඇග්නස් ශු.සභා මාතාව ඉතා උසස් ගෞරවයක් දක්වන්නීය. ඇය කුඩා කල සිටම දෙවියන් වහන්සේ කෙරෙහි ගැබුරු විශ්වාසයකින්ද යුත් පිරිසිදු ජිවිතයක් ගත කල බව කියවේ.
ඇගේ 12 වන උපන්දිනය සැමරු ඇය තම මව්පියන් කැටුව දිව්‍ය පුජාවට ගොස් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්තීය. දිව්‍ය පුජාවෙන් පසු රදගුරුතුමන් පාමුල දණින් වැටී තම මුළු ජිවිත කාලය තුලදීම කන්‍යා භාවය රැකගැනීමට සහ තම ජිවිතයම ජේසු තුමන්ට කැප කලාය. එදිනම සවස රෝමානු ආණ්ඩුකාරයාගේ පුත්‍රයා ඇය විවාහ කරගැනීමේ අදහසින් ඇයට වටිනා තෑග්ගක් එවිය. ඇය එම තෑග්ග ප්‍රතික්ෂේප කරමින් මෙසේ කීවාය. ” මම ස්වර්ගීය රජාණන්ගේ පුතුණුවන් වන ජේසු ක්‍රිස්තු තුමන් සමග විවාහ වී ඇත. ” මෙය සැලවූ වහාම රෝමානු ආණ්ඩුකාරයාගේ පුත්‍රයා කිපී ඇය සිරභාරයට ගැනීමට නියම කළේය.
රෝමානු භටයෝ පැමිණ ඇය ඇදගෙන ගොස් සිරගෙට දැමුහ. එහිදී ඇයට බොරු දෙවිවරුන්ගේ දේවතා රුප වලට මල් සහ දුම් පිදීමට, හිරිහැර කර නොයෙක් වද හිංසා කරමින් බලකර සිටියෝය. ඇග්නස් තරුණිය නොසෙල්වී ජේසුතුමන් වෙත සිත සහ දෑත් ඔසවමින් යාච්ඤාවෙහි යෙදුනා මිස, ඒ අදමිටුවනට කීකරු වුයේ නැත.
ආණ්ඩුකාරයාගේ තරුණ පුතා පැමිණ මේ සියලු වද හිංසා වලින් ඇය ගලවන බවට පොරොන්දු වී තමා සමග විවාහ වන ලෙස ඇයගෙන් නැවත ඉල්ලා සිටියේය. ඇග්නස් පිළිතුරු දෙමින්, ” මාගේ ගැලවුම් කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට පමණක් මා අයිතිය” යි කීවාය. ඇගේ වදන් ඇසු තරුණයා කිපී ඇය මරන්නට අණ කලේය.
මෙම දිරිමත් තරුණිය ඉදිරියේ සිටි සොල්දාදුවා එක කඩු පහරින් ඇය මරණයට පත් කළේය. ඇය අන්තිමය දක්වා ජේසු තුමන්ට විශ්වාසවන්තව සිටියාය.
ඇගේ මෘත ශරීරය රෝමයෙන් පිට ඇගේ පවුලේ සොහොනෙහි තැන්පත් කළේය. එය දැන් ඇගේ නම දරණ බිංගෙයකි.
ජනවාරි මස 21 වන දින ශු. සභා මාතාව ඇයගේ මංගල්‍යය පවත්වන්නිය.
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html
God bless