ශු ආනා මුනිශ්වරිය

භාග්‍යවන්ත කන්‍යා මරිය තුමියගේ මාතාව ශු. ආනා තුමිය බොහෝ කාලයක් ජුවකිම් නම් භක්තිවන්ත ස්වාමිපුරුෂයා සමග විසුවාය. මේ දෙදෙනා දෙවියන් වහන්සේට ඉතා විශ්වාස පක්ෂව සේවය කලෝය. st annaඔවුන් දෙදෙනාගේ ජිවිතයට දුක්බර දෙයක් වුයේ දරු සම්පත් නොමැති විමයි. තම ගෘහයේ ප්‍රීතියෙන් දුව පැන ඇවිදින දරුවෙකු ලැබීමට ආනා තුමිය නිතර පුල පුලා බලා සිටියාය. දෙදෙනාම නොකඩවා මේ වරම ලැබීමට යාච්ඤා කලෝය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජ්වලිත යාච්ඤා ඇසු සේක්, ඔවුනට ලස්සන දියණියක් දෙවා වදාළ සේක. ඔවුහු ඇයට ” මරියා” යැයි නම් තැබුවාය.

ආනාතුමිය තම දියණියට සැම අතින්ම යහපත් දේ දෙමින් ආදරයෙන් රැක බලා ගත්තීය. අධ්‍යාපන කටයුතු සදහා මව තම දියණිය දේව මාලිගාවට භාර දුන්නීය. ආනාතුමිය කිතුනු මව් වරුන්ගේ අරක්ගත් මුනිවරිය හැටියට ශු. සභාව ගරු කරයි. ජුවකිම් තුමාගේ මරණයෙන් පසුව ආනාතුමිය ඉතා විවේකිව ගත කරමින් දෙවියන් වහන්සේගේ සේවයේ නිරත වෙමින්, යාච්ඤා කරමින් සහ ගුණ ධර්ම අනුසාර කරමින් ඉතිරි කාලය දෙවියන් වහන්සේට ප්‍රසන්නව ගත කලාය. ඇය තම ආත්මය ඉතා සමාදානයෙන් නැවත දෙවියන් වහන්සේටම පුද කළාය.

ඇගේ මංගල්‍යය ජුලි මස 26 වන දින පවත්වනු ලැබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s