ජෝනාගේ පුත් සීමොන් උපත ලැබුයේ ගලීලයේ මුහුදු අසබඩ පිහිටි බෙත්සයිදා නම් ගමෙහිය.ඔහුගේ විවාහයෙන් පසු පදිංචිව සිටියේ තම සොහොයුරු අන්ද්රේ සමග කර්පනාවුම්හිය . ජේසු තුමා ඔහු කැඳවනු ඔවුහු මසුන් මැරීමේ දී සිටියෝය. උන්වහන්සේ එතුමන් මිනිසුන් ඇල්ලීමේ කාර්යය සඳහා කැඳවා ගත් සේක. මොහුට “කෙපස්” යනුවෙන්ද නම් කරන ලදී.එහි අර්ථය නම්,”පර්වතය”නොහොත් “පේදුරු” යනුයි.[මතෙව් 4:18]
පසුකලෙක පේදුරුතුමා ජේසුතුමන් වෙත් තම විශ්වාසය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.”ඔබ ක්රිස්තුවරයාණෝය ,ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය”යි යනුවෙනි.[මතෙව් 16:16] “ඔබ පේදුරුය, මේ පර්වතය පිට මගේ සභාව ගොඩනගන්නෙමි. මරණයේ බලයට වුවද එය පරාජය කල නොහැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුර ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි යමක් බඳිනු ලබන්නෙහිද, එය ස්වර්ගයේහිදීද බඳිනු ලබන්නේය. ඔබ පොළොවේහි යමක් මුදන්නේහිද, එය ස්වර්ගහිද මුදනු ලබන්නේය “යි ජේසුස් වහන්සේ ඔහුට වදාල සේක.[මතෙව් 16/18:19] නව ගිවිසුමේ දැක්වෙන ලෙස ජේසුතුමා පේදුරුතුමා වෙත විශේෂ සැලකිල්ලක් දක්වා ඔහු නායකයා බවට පත් කල සේක.
තවද පේදුරු තුමාගේ දුබල අවස්ථාවන්ද සුවිශේෂයේ සඳහන්වේ. එතුමා ජේසුතුමන් සමග සිටියදී පවා එතුමාට මනුෂ්‍ය දුර්වලකම් තිබුන බව අපට පෙනියයි. මහ බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිදුවීම් අපි හොඳාකාරව දනිමු. නමුත් එතුමාගේ මුළු ජීවිත කාලෙදිම තම කළ ඒ වරදට දුක් මනස්ථාප වූ බව කියැවේ. එබැවින් එතුමාට සම්පූර්ණ සමාවක් ලැබිණි. පව්කාරයන් වන අපද දුක්මනස්තාප වනවිට පව් සමාව ලැබෙන බව නොරහසකි.
ජේසුතුමා මරණයෙන් උත්ථානවූ පසු පේදුරුතුමාද ජේසුතුමන්ගේ දර්ශනය ලැබූ කෙනෙකි.පේදුරුතුමා ශුද්ධවූ සභාවේ නායකයා වශයෙන් පත් කිරීම ස්ථීර කරන ලද්දේ උත්ථානවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වූ එක් අවස්ථාවකදීය. [ජුවාම් 1/15:19] ශුද්ධෝත්තමයාණන් වැඩම කල දින විශාල ජනකාය අමතා ප්‍රථම ප්‍රසිද්ධ දේශනය ද කලේ පේදුරුතුමාය.ජෙරුසලමේදී කල එම දේශනාවේ ප්‍රථිපල වශයෙන් ජුදෙව්වන් සහ අවිස්වාසිකයින් බොහෝ දෙනෙක් සත්‍යාගම වැළඳ ගත්තෝය.[ක්‍රියා 2:14-36]
ක්‍රි:ව: 43 දී පළමුවන හෙරෝද් අග්‍රිපා විසින් ශු.සභාවට පීඩන කළ කාලයේදී පේදුරු තුමා ජෙරුසලම හැරදමා අන්තියෝකයට ගියේය. එහිදී එතුමාව සිරභාරයට ගත්පසු දෙවදුතයෙකු විසින් පුදුම ලෙස එතුමා නිදහස්කර හරින ලදී.ඉන්පසු එතුමා අධිරාජ්‍යයේ අගනුවර වන රෝමයට ගියේය.එතැන් පටන් රෝමය ශු.සභාවේ මධ්‍යස්ථානය විය.[ක්‍රියා 12:6-11] පේදුරුතුමා නීරෝ රජු විසින් මරණයට පත් කරන ලදී. නීරෝ රජු ඔහුගේ මාලිගයෙහි උද්යානෙහි දී පේදුරුතුමා කුරුසියේ මරණයට තීන්දු කළේය. එතුමා මරණයට පත් කරනු ලැබුවේ හිස පහතටත් දෙපා ඉහළටත් සිටිනසේ කුරුසියේ ඇණ ගැසීමෙනි. ක්‍රි:ව:67 දී එතුමාගේ මරණය සිදුවී යැයි ගණන් ගැනේ. ශු.පේදුරුතුමාගේ මෘත ශරීරය වතිකාන බැසිලිකාවේ මහා අල්තාරය යට තැන්පත් කර ඇතැයි විශ්වාස කරති. ප්‍රථම ශුද්ධෝත්තම පියතුමා පේදුරුතුමාය. අපේ අනෙක් පාප්වරු එතුමන්ගේ අනුප්‍රාප්තිකයෝ වෙති.
එතුමාගේ මංගල්‍යය ජුනි මස 29 දිනය.
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html
Adi piyavaru