ශුද්ධවූ පාවුළු තුමා – ක්‍රි:ව: 67

st paulශු.පාවුළුතුමා අපට අපට මුලින්ම දැනගන්නට ලැබෙන්නේ අපොස්තුළුවරුන්ගේ ක්‍රියා පොතේ සඳහන් අයුරු මෝසස් තුමාගේ නීතිය අකුරටම පිළිපදි පරිසිවරයෙකු හැටියටය. ඔහු ඉගෙනුම ලැබුවේ ගමාලියෙල් නම් මහා ඇදුරාණන් ගෙනි. [ක්‍රියා 5:34-40] උපන් නගරය තාර්සස් විය. ශු.ස්තේපන්තුමාට ගල් ගසා මරා දැමීමට ඔහු මුළු මනින්ම සහයෝගය දුන් බව සඳහන්වේ. ස්තේපන් තුමා තම සතුරන් උදෙසා දෙවිදුන්ට කල යැදුම,පාවුළුතුමා ගේ සිත් හැරීමට බොහෝ දුරට හේතු වන්නට ඇත.

පාවුළුතුමා දිනක්,ක්‍රිස්තියානිවරුන් සිරගෙයි දැමීමට හා මරණයට පත් කිරීමට නායක පූජකතුමාගෙන් අවසර රැගෙන දමස්කය බලා යද්දී ,අහසින් පැමිණි තද ආලෝකයකින් ඔහුගේ ඇස් අන්ධ විය. “සාවුල්,සාවුල්,ඔබ මට පිඩා කරන්නේ මන්ද ? යන කිතු සමිඳුන්ගේ වචන ඔහුට ඇසුනි. සභාව තුල කිසිකලෙක නොවූ විරූ ජ්වලිත ක්‍රියාශීලී ධෛර්මත් ධර්ම විරුවෙකු වීමට පාවුළුතුමා පෙලඹ වුයේ උත්ථානවූ කිතුසමින්දුන් පෞද්ගලිකව මෙසේ අත්දුටු නිසාය. එටන් පටන් පීඩාවන්, අපහාසයන් හා දුබළ කම් මද හෝ ගැලවීමේ සුභාරංචිය හැම කෙනෙකුටම දීමට හේ උත්සුක විය.

කෝපාවිෂ්ඨ වූ ජුදෙව්වන් විසින් ද්‍රෝහියෙකු ලෙස සලකනු ලබා,බොහෝ තාඩන පීඩන මැද සිර ගත වීම්, කසපහර විදීම් හා දුක් කරදර මැද වසර 22 ක් තිස්සේ වෙහෙස මහන්සි නොබලා දැඩි උනන්දුවකින් සිය දූත ගමන් අතරෙහි නිරත විය. ක්‍රිස්තුස් වහන්සේගෙන් තොරව නීතිය පමණක් පිළිපැදීම් ඵලරහිත බවට පාවුළු තුමා ජුදෙව්වන් හා දිගටම වාද කලද ඔහු තුල තම සහෝදර ජුදෙව් ජනතාව කෙරෙහි තිබු ආදරය අඩු නොවිය. ක්‍රිස්තුන් වහන්සේ විසින් පාවුලුතුමට භාරදෙන ලද අන්‍ය ලබ්ධිකයින්ට දේශනා කිරීම හා ඔවුන් ක්‍රිස්තුන් වහන්සේ වෙත හරවා ගැනීමට එතුමා තම කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කළේය.

ක්‍රි:ව:65 දී පමණ එතුමා රෝමයේ සිරකරුවෙකුව සිට නිදහස් කිරීමෙන් පසු පාවුළුතුමා ගැන වැඩි විස්තරයක් අපට නොලැබේ. ඔහු ඇතැම් විට ස්පාඤ්ඤයේද දේශනා කරන්නට ඇත. නීරෝගේ තාඩන පීඩන කාලයේදී එතුමා නැවතත් අල්ලාගනු ලැබ ක්‍රි:ව:67 දී රෝම නගරයෙන් පිටතදී හිස ගස මරා දමනු ලැබීය. එතුමාගේ හිස ගස මරා දැමු ස්ථානයේ දැනට ඇති ශු.පාවුලුතුමාගේ බැසිලිකාවෙහි තාප්පයෙන් පිටත එතුමාගේ ශරීරය භූමදාන කර ඇත. එතුමාගේ හිස,පේදුරු තුමාගේ හිසද සමග වතිකානු බැසිලිකාවෙහි වීදුරු පෙට්ටියක බහා තිබේ.

ශු.පාවුලුතුමගේ මංගල්‍යය පවත්වනුලබන්නේ ජුනි 29 දිනදීය.
එතුමාගේ සිත් හැරීමේ මංගල්‍යය ජනවාරී 25 වනදා සිදු කෙරේ.

Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html

Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html

Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html

Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html

Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html

Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html

Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s