තෝමස් දිදිමුස් ( නිවුන් ) ගලීලයේ විසු නුගත් සාමාන්‍ය ධීවරයෙකි. ඔහුද ජේසුස් ස්වාමින් වහන්සේගේ අපොස්තුළුවරුන් දොළොස් දෙනාගෙන් කෙනෙකු වීමට ආරාධනා ලබීය. ජේසුස් ස්වාමින් වහන්සේට දැක්වූ ඉමහත් ගෞරවාදරය, අනෙක් ගෝලයන් ලාසරස්ගේ මළ ගෙදරට ගල් ගසාවි යයි සීමොන් යාමට බියවූ මොහොතේදී ” මැරෙන්න හරි අපිත් එතුමා සමග යමු”යි කි මොහොතේ මැනවින් ප්‍රකාශවිය. අවිශ්වාසයේ තෝමස් නමින් එතුමා හඳුන්වන්නේ, පාස්කු ඉරුදින සවස සෙසු ගෝලයන් උත්ථාන වූ ජේසුස් ස්වාමින් වහන්සේ ගැන කි දේ විශ්වාස නොකළ බැවිනි. සතියකට පමණ පසු ජේසුස් ස්වාමින් වහන්සේ එතුමා ඉදිරියෙද නැවත දර්ශනය විය. එම අවස්ථාවේදී “මාගේ ස්වාමිනි,මාගේ දෙවියනි” යනුවෙන් අද අප සත්ප්‍රසාද වහන්සේ දිව රහස් කරන විටදී කියන අනර්ඝතම විශ්වාසයේ උච්චාරණය එතුමා විසින් පළමුවරට ප්‍රකාශ කරන ලදී.
ශුභාරංචිය දේශනා කිරීම සඳහා අපොස්තුළුවරුන් නන් දෙස විසිරි යද්දී ශු.තෝමස්තුමා පර්සියාව, දකුණු ඉන්දියාව සොයා ගියේය. බොහෝ දෙනෙකුට ප්‍රසාද ස්නාපනය ලැබිණි. සභාව දියුණුවට පත්විය. වැඩිකල් නොගොස් ස්වදේශීය රාජ ගුරුප්‍රසාදීන් වහන්සේලාද බිහිවිය. එතුමා කඩුවකින් පහර ලබා තම ජීවිතය පූජා කළ ” මයිලපෝ ” නම් ස්ථානය අද ශු.තෝම් නමින් ( මදුරාසිය අසල ) නම් කෙරේ. එම කඩුව අද පවා මදුරාසියේ ශු.තෝමස් කඳුවැටිය නමින් හඳුන්වන ස්ථානයේ දැක බලා ගත හැක.
ශු.තෝමස් තුමාගේ පුදුම ශු.කුරුසියද එහිදී බැතිමතුන්ගේ ගෞරව වන්දනාවට පාත්‍ර වේ. දකුණු ඉන්දියාවේ ශු.තෝමස් අපෝස්තුළු තුමාගේ අපෝස්තලික සේවය ඉතා මහත්වන අතර, එය කොතරම් බලගතු වුයේද කිවහොත් ඒ සේවාවේ බලය ලංකාවේ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශය දක්වාම විහිදුන බව කියවෙන කථා පුවතක්ද වේ.
ශුද්ධවූ තෝමස් තුමාගේ මංගල්‍යය පවත්වනු ලබන්නේ ජුලි 03 වනදාය.
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html