උසස් වංශවත් දෙමාපියන්ගෙන්, ස්පාඤ්ඤයෙහි 1491 දී ඉග්නාෂියස් උපත ලැබුවේය. දොන් බර්ට්‍රම් නමැති ඔහුගේ පිය ලොයලාහි නායක තනතුර දැරු අතර,ඔහු ඒ රටේ ඉතා පැරණි ශ්‍රේෂ්ඨ පවුල් වලින් එකක මුලිකයා විය. ඔහුගේ මව ඉතා රූමත් කාන්තාවක් වුවාය. ඇයද ස්වාමි පුරුෂයා මෙන් වංශවත් පවුලකින් ආ තැනැත්තියකි. ඉග්නාෂියස්ට සහෝදරියන් තිදෙනෙක් හා සහෝදරයන් දෙදෙනෙක් සිටියෝය. ඔහු පවුලේ බාලයා විය. ඔහු හොඳින් හද ගැසුණු ප්‍රියමනාප තරුණයෙක් විය. ඔහු කුඩා කාලයේදී පර්ඩ්නැන්ඩස් සහ ඉසබෙලගේ අලංකාර මාලිගයේ කුඩා අතවැසික් ලෙස සේවය කළේය. තරුණ වියට පමුනුනු විට ඔහු ජෙරුසලමේ සිට මුස්ලිම් වැසියන් සමග යුද්ධ කරන්නට සිතුවේය.
ස්පාඤ්ඤයේ රජතුමාගේ යුද්ධ සේනාවේ සෙබලෙකු වූ ඔහු,කීර්තිය හා ධනය අත්කර ගත හැකි යුද්ධයකට යද්දී ඔහුගේ පාදය තදබල ලෙස වෙඩිල්ලකින් තුවාල විය. ඉන්පසු වෛද්‍යවරු ශල්‍යකර්මයකින් ඔහුගේ පාදය නැවත වරක් සුව කළේය. ඔහුගේ පාදය නැවත වරක් යථා තත්වයට පත්වීමට මාස ගණනක් ගතවිය. ඉග්නාෂියස්ගේ එකම ආශාව වුයේ ඉක්මනින් සුවය ලබා නැවත යුද්ධයට යාමටය. ඔහුගේ තුවාලය සනීපවන කාලයේදී ඔහු වෙනත් පොත් සොයාගත නොහැකි වූ නිසා,ශුද්ධවන්තයන්ගේ ජීවිත කථා ,ශු. සභාවේ වීරයන්ගේ කථා සහ ජේසුස් වහන්සේගේ ජීවිත කථාව ආදී පොත් කියවිය. එම පොත් කියවීමෙන් ඔහුගේ ජීවිතයේ හිස්කම අවබෝධ විය. හෘදයසාක්ෂිය ගැඹුරින් කැළඹුණේය. ක්‍රිස්තුන් වහන්සේ වෙතට මුළුමනින්ම හැරීමක් ඔහු තුල ඇතිවිය. රජ මාලිගයේ අලංකාරය සහ තේජස වෙනුවෙන් ඔහුට අවශ්‍ය වුයේ ජේසුස් ස්වාමින් වහන්සේගේ දිළිඳු,බැහැපත් සේවකයෙක් වීමය. ඔහුගේ එකම ආශාව වුයේ ක්‍රිස්තුන් වහන්සේ උදෙසා සටන් කිරීමය. දිනක් දර්ශනයකින් දේවමාතා වහන්සේ දුටු ඔහු,මොන්සෙරට්හි එතුමියගේ වන්දනා ස්ථානයට ගමන් ගත්තේය. ඔහු මැන්ඩ්රියාවෙහි අවුරුද්දක් පමණ වාසය කරමින්, සමහරවිට දොම්නිකන් සහෝදරයන් සමගද, තවත් විටෙක දිළිඳු අයගේ නිවාසවලටද, බොහෝවිට කඳුමත තිබු ගුහාවක යාච්ඤා කරමින්ද, එක්වරු ශීලය රකිමින්ද, ප්‍රසාධ නිධන ලබමින් සහ පශ්චාත්තාපි ක්‍රියා කරමින්ද ජීවත් විය. මෙයින් ඔහු මහත් සිත් සාමයක් ලබා ගත්තේය. මේ සිත් හැරීමේ අවුරුද්ද තුල එතුමා ලියාගත් සටහන් සහාය කරගෙන පසු කලෙක එතුමාගේ තාපසයන්ට “ආත්මීක අභ්‍යාස ” නමැති ඉතා උතුම් ග්‍රන්ථය ලිව්වේය. එතුමා ශුද්ධවූ දේශයට ගමන් ගත්තේය. එහෙත් එහි නැවතී සිටීමට නොහැකි වුනේ සතුරන්වූ තුර්කිවරුන් නිසාය. ඊළඟ වසර 11 තුල යුරෝපයේ නොයෙක් විශ්ව විද්‍යාලවලට ගොස් කුඩා දරුවෙකු සේ බොහෝ වෙහෙස දර ලතින් භාෂාව ඉගෙන ගත්තේය.
1534 දී ඔහුට අවුරුදු 33 ක් වූ විට,ඔහුගේ මිත්‍රයෝද ඔහුගේ අනුගමිකයන්වී,දිළිඳු කමටත්.දයාවටත් ශුද්ධෝත්තම පියතුමාගේ අපෝස්තලික සේවයට තම තමාව ත්‍යාජ කරමින් වෙදභාරයට කැප කලෝය. අවුරුදු 4කට පසු ඔහු නිකාය ස්ථීර කළේය. ඔවුහු 3 වන පාවුළු පාප්තුමාගේ යටතේ කීකරුව සිටීමට පොරොන්දු වුනේය. ශුද්ධෝත්තම පියතුමා ජ්වලිත්ව විනය ගරුකව හැඩගැසුණු මේ පූජකයන්, නව තාපස නිකායක ආරම්භකයන් වශයෙන් සැලකුවේය.
1535 දී එතුමා පැරිස් නගරයේදී උපාධිය ලබා ගත්තේය.ව අවස්ථාවේ එතුමාගේ මර්දණශීලී,දිළිඳු අධ්‍යාත්මික ජීවිත නිසා තරුණයෝ 6 දෙනෙකු ඔහු වෙත ආකර්ශනය වුවෝය. මේ උගත්,උසස් වංශයකට අයත් හයදෙනා අතර ප්‍රැන්සිස් සේවියර් තුමාද එක අයෙක් විය. මේ නිකායේ හොඳින් පුහුණුව ලැබූ උගත් සාමාජිකයෝ ඒ කාලයේ ලෞකීක ගතිය හා අඥානය පරාජය කර ශු. සභාවේ සතුරන් වැරදි ඉගැන්වීම් පහකර කාලයේ අවශ්‍යතාවන් පිරිමැසීමට සමත් විය. ජේසු නිකාය 1540 දී ශුද්ධෝත්තම පියතුමා විසින් අනුමත කෙරිණි. ඉග්නාසියඉග්නාෂියස් අධ්‍යක්ෂතුමා ලෙස පත්විය. එතුමා නිකායට අවශ්‍ය ව්‍යවස්ථා සකස් කර, සාමාජිකයෝ ” ජේසු නිකායික තාපසයෝ ” යන නමින් හැඳින්විය. ඔවුන්ගේ මුළු කාලය කැපවුයේ දේශනා කිරීමටද, පාප උච්චාරණය ඇසීමටද, ආත්මීක අභ්‍යාස ක්රීමටද, පිරිමි ළමුන්ට අධ්‍යාපනය දීමටද වේ. ඔහුන්ගේ ආදර්ශ පාඨය වන්නේ ” සියල්ල දෙවියන්වන්සේගේ මහිමය සඳහාය “යන්නය. ජේසු නිකාය ගණනින් වර්ධනය වී බොහෝ වේගයෙන් පැතිරිණි. ශු.ඉග්නාෂියස් තුමාගේ මරණය අවස්ථාවේදී අවුරුදු 16 ක් තුල සාමාජිකයින් 1000 ක් පමන ,තාපස ගෘහයන් 100 කටද අධිකව පැවතුනි. වසර 65 ක් වයස් වූ පසු ශු.ඉග්නාෂියස් තුමා ජුලි 31 දිනදී දෙවි පියාණන්ගේ හස්තයට භාර විය.
එතුමාගේ මංගල්‍යය ජුලි මස 31 දා සිදු කෙරේ.