සමහර අවස්ථා වලදී ඇයි මට සමිඳුන් නැතැයි හැගෙන්නේ?
ගීතාවලිය 10:1 – සමිඳුනි, ඔබ ඈත් වී සිටින්නේ මන් ද? විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?
ගීතාවලිය 139:2,7 – මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක…. ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද?
ඔබේ ප්‍රශ්නය විශාල වන විට, දෙවියන් වහන්සේ බොහෝ ඈතින් සිටිනා සේ ඔබට හැගෙන්න පුළුවන්. ඔබේ වඩාත් පීඩා කාලයේදී, සමිඳුන් ඔබව අත හැර ගියා සේ ඔබට සිතෙන්න පුළුවන්. එවැනි කාලයන්හි, එනම් ස්වාමින් වහන්සේ නොමැති බව හැගෙද්දී, එම සිතුවිලි විශ්වාස නොකරන්න. ඔබව කිසිදා අත්හැර නොයන ලෙසට සමිඳුන් දී ඇති පොරොන්දුව කෙරෙහි පමණක් විශ්වාසය තබන්න. ඔබගේ මනසින් පැමිණෙන සිතුවිලි කෙරෙහි නොව, බයිබලය – සමිඳුන්ගේ වචනය ඔබට කියන දෑ කෙරෙහි ඔබේ විශ්වාසය රඳවන්න.
යෙසායා 59:1-2 – ගළවන්න බැරි වන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත, නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත. නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.
සමිඳුන් ඔබගෙන් ඈත් වී ඇති බවක් ඔබට දැනෙන්නේ, දෙවියන් වහන්සේ ඔබෙන් අහක් වී ඇති නිසා නොව, ඔබ උන්වහන්සේ සමීපයෙන් ඈත් වී සිටින නිසයි. සමහර විට, ඔබ අත්හැරීමට අකමැති යම් පාපයක් නිසා, ඔබ, උන්වහන්සේගෙන් ඈත් වී, උන්වහන්සේ සමඟ ඇති මිත්‍රත්වය තුලින් ඉවත් වී සිටින්නට පුළුවන්. එවැනි යම් පාපයක්, ඔබව සමිඳුන්ගෙන් ඈතට ගෙන යනවාද? එසේ නම්, එම පාපය, උන්වහන්සේ අභිමුකයේ පාපොච්චාරණය කර, ඒ පාප බැමි ඉරා දමන්න. එවිට, ඔබ දෙවියන් වහන්සේව සොයා ගන්නවා ඇත.
ශු. මතෙව් 28:20 හි සමිඳුන්ගේ පොරොන්දුව – “මම යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි ජේසුස් ජේසුස් වහන්සේ වදාළ සේක.
Deviyan wahanse apa samagai : Emanuel
mata thiyana duka jesu mata adarei kiyala dana danath mama jesuwa atha harala papaya soya yana eka…. man wenuwen pray karanna.. man loku gataluwaka..
Hi Eranga,
Me chana kanthiya ahanna. Oyage Jiwithe godak wenas wei – https://www.jesus-can-change.com/jesus-christ/