සම්පූර්ණකම

බොහෝ වෙලාවට අපේ ජීවිතයේ හරි හෝ වැරදි තීරණ ගන්න අවශ්‍ය වන විට, බොහෝ අපහැදිලි ස්ථාන අපට හමුවේ. කොහොමද අපි “මෙය නිවැරදියි” කියන්නේ?

නික්මයාම 20: 1 – දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක.
ශු.ජොහාන් 14: 15 – ඔබ මට ප්‍රේම කරන්නහු නම්, ඔබ මාගේ ආඥා පිළිපදින්නහු ය.

බයිබලයේ සදහන් වන දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබ කල යුතු නිවැරදි දේ හෝ ඔබ නොකළ යුතු වැරදි දේ සම්පුර්ණයෙන් පැහැදිලිව සදහන් කර ඇත.

ගලාති 5: 16 – ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති ව හැසිරෙන්න. එවිට ඔබ මාංසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත.

මේ ජීවිත ගමන තුල ඔබට නිරන්තරයෙන් මඟපෙන්වීමට, දෙවියන් වහන්සේ ඔබට ශුද්ධාත්මයන් වහන්සේ දී තිබේ. ඔබේ පරණ පව්කාර ජීවිතය, ඒ තුලට නැවත ගෙන්නනට උත්සහ කලත්, ඔබ ශුද්ධාත්මයාණන්ට සංවේදී නම්, එතුමන් ඔබව සම්පුර්ණ සත්‍යතාවය කරා මඟ පෙන්වයි.

මම හරි දේ කරද්දී, සමහර  යහළුවෝ මාව විහිලුවකට ගන්නවා. කොහොමද මං ඒ වගේ අවස්ථා වල ක්‍රියා කරන්නේ?
රෝම 2: 10 – යහපත කරන කා හට වුවත්, ඔහුගේ ප්‍රතිවිපාකය, කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේ ය.
 
1 පේදුරු 3: 14 –  ඔබ දමිටුකම නිසා දුක් විඳින්නහු නම් ඔබ ආසිරි ලද්දහු ය. ඔවුන්ට බිය නොවී, නොකැළඹී සිටින්න.
ඔබ හරි දෙයක් කර අවසන් වුවාට පසු, ඒ දෙය තුල ඇති යහපත්කම ඔබගේ සිතට දැනිල තියෙනවද? ඒ තමයි, ඔබ කළාවූ හරි දෙයට දෙවියන් වහන්සේ දුන්නාවූ ආශීර්වාදය – සාමය!
ඇයි මට “සම්පුර්ණකම” අවශ්‍යය? මට ඕනි දේවල් විතරක් මට කරන්න බැරිද?
වීරාවලිය 21: 25 – ඒ දවස්වල දී ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. එකිනෙකා තම තමා රිසි දේ කෙළේ ය.
 
හිතෝපදේශ 21: 2 – මිනිසෙකුට තමන් කරන කොයි දෙයත් හරි යයි පෙනේ, එහෙත් සමිඳාණෝ මිනිස් හදවත කිරා බලන සේක.
 
ජාකොබ් 4: 11 – ඉදින් ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නෙහි නම්, ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නොව එය විනිශ්චය කරන්නෙකි.

 

ආරම්භයේදී, මනුෂ්‍යයා තමන්ට හරියි කියා සිතු දේවල් කර, අවසානයේ විනාශය ලඟා කර ගත්හ. බයිබලයේ කියා තිබෙනවා, මනුෂ්‍යයා “පාපයට තිබෙන ආශාවත්” සමඟම මෙලොවට බිහි වෙනවා, එබැවින්, අපි අපේ කැමැත්ත පරිදි ජීවත් වුවහොත්, අපව දෙවියන් වහන්සේගෙන් ඈත් වන බව. ඔබ කලයුතු වන්නේ, දෙවියන් වහන්සේගේ විනිශ්චය මඟ හැර ගොස් ඔබේ කැමැත්ත කිරීම නොව, උන්වහන්සේ ඔබට කියා තිබෙන අයුරින් ජිවත් වීමයි, ක්‍රියා කිරීමයි. ඔබ මිලදී ගත් යම් භාණ්ඩයක් කොටස් එකලස් කරන්න වුවොත්, ඔබ ඒ සදහා ඇති උපදෙස් පොත බලනවා නේද? හේතුව, ඔබට එය නිසි අයුරින් එකලස් කර ගත යුතු නිසයි. එසේම, ඔබේ ජීවිතය හරි මාර්ගයේ ගෙනියන්නට නම්, සමිඳුන් බයිබලයේ සදහන් කර ඇති දෑ බලන්න.
දෙවිඳුන්ගේ පොරොන්දුව –

2 තිමෝති 3: 16 – දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි.

One thought on “සම්පූර්ණකම

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s