මම ඇබ්බැහි වෙලාද?

රෝම 6: 12 – ඔබ කායික තෘෂ්ණාවලට අවනත නොවන ලෙස මින් මතු ඔබගේ මැරෙන සුලු ශරීරයෙහි පාපය රජකම් නොකෙරේ වා.

ශු.ජොහාන් 8: 34 – ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි.

02 පේදුරු 2: 19 – යමකට වසඟ වන තැනැත්තා, එයට වහලෙක් වෙයි.

ඔබ යමකට ඔබව පාලනය කරන්න ඉඩ දුන්නොත් තමයි, ඔබ ඒ දෙයට ඇබ්බැහි වෙන්නේ. පාපය! ඉතා ආකර්ශනීය වූ හා තාවකාලික සතුටක් දෙන මෙය, ඔබගේ ලොකුම ඇබ්බැහිවීමයි. මේ පාපය ඔබට දෙන පහසුම සිතුවිල්ල තමයි “මේ සැරේ විතරයි මේක කරන්නේ” කියල, මොකද ඔබ සිතනවා ඔබට එය පාලනය කල හැකි බව. නමුත් යාළුවා, ටික කලක් ගිය විට ඔබට දැනෙයි ඒ දෙය ඔබට අත් හැරිය නොහැකි පුරුද්දක් වෙලා බව. ස්වපාලනය නැතිවූ කල පාපය ඔබව පාලනය කරනු ඇත.

කොහොමද දෙවියන් වහන්සේ මගේ ජීවිතයේ තියෙන ඇබ්බැහිවීම් කඩා බිඳ දමන්නේ?

ගලාති 5: 22-23 – ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, 23 මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය.

ඔබගේ ජීවිතයේ පාලනය, දෙවියන් වහන්සේට දුන් විට, උන්වහන්සේ ඔබ තුල ඇති ඒ ඇබ්බැහිවීම් වලට ඇති බලය කඩාබිඳ දමයි. එතුමන් ඔබගේ ජීවිතයට පැමිණුනු විට, ඔබගේ ජීවිතය හා ඔබගේ සිතුවිලි වෙනස් කරයි. එබැවින් ශුද්ධමයාණන් වහන්සේට කීකරු වන්න.

රෝම 6: 16 -ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද? පාපය ඔබේ ස්වාමියා වුවහොත්, එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ.

සෑම දිනයකදීම ඔබ “මාවත් දෙකක් ළඟක” සිට ගන්නවා; පාපිෂ්ඨ මාර්ගය හා දෙවියන් වහන්සේගේ මාර්ගය. නමුත් තේරීම ඔබ අතේය. එබැවින්, ඔබගේ සියලු අවශ්‍යතා දෙවියන් වහන්සේට යාච්ඤාව තුලින් භාර දෙන්න, ඔබේ සියලු සාංකාවන් එතුමන් වෙත නිදහස් කරන්න, සමිඳුන්ගේ උපකාරය කෙරෙහි ඇති පොරොන්දු කෙරෙහි සම්පුර්ණ විශ්වාසය තබන්න.

රෝම 12: 2 – ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය. 

ඔබ සිතන ආකාරය සහ ඔබේ දැක්ම වෙනස් වූ  විට, “ඇබ්බැහිකම්” වලින්ද ඔබට නිදහස ලැබේ. ඔබ මේ දෙය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන් ක්‍රියාත්මක කරන්න,එවිට උන්වහන්සේ ඔබේ “ආශාවන්” (ඇබ්බැහිකම්) වලට විරුද්ධව සටන් කරන්නට අවශ්‍ය බලය ලබා දේ.

දෙවිඳුන්ගේ පොරොන්දුව – රෝම 6: 16 – ඔබ යමෙකු යටතේ වහල් සේවයට බැඳුණොත්, ඔබ ඒ ස්වාමියාගේ දාසයන් වන බව නොදන්නහු ද? පාපය ඔබේ ස්වාමියා වුවහොත්, එහි විපාකය මරණය වේ. දෙවියන් වහන්සේට කීකරුකම ඔබේ ස්වාමියා වුවහොත් එහි විපාකය දමිටු බව වේ.

3 thoughts on “මම ඇබ්බැහි වෙලාද?

  1. Mama Paapayata wahalek wuna, Mata Jesu Dunna Lassana paula nethikaragaththa,Mama jesuta dunna porondu kadawuna, mata Jesu deela tibuna jeewithe kochchara watina jeewithayakda kiyala therum yanakota siyalla nethi wela iwarai.Mama godak mage birindata daruwanta duka dunna .Mata dan thamai therenne mama egollanta aadare karala ne kiyala. Eth mama uthsaha karanawa jesu wethata lanwenna ,mata mage nethiwechcha jeewithaya newatha labaganna. Newatha mage jesu mata mage paula ekathu karai kiyala mata wiswaasayak thiyenawa. Ehema wunoth mama jesuge pihiten mage paula aadarayen purawanawa. Puluwannam paukaara ma wenuwen pray karanna. mata newatha jesuta lanwenna.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s